බිමල් ශ්‍යාමන් ජයසිංහ
කොළඹ නෙළුම් කුලුණේ වැඩ කරමින් සිටි යාපනය ප්‍රදේශයේ තරුණයකු එහි 17 වැනි මහලෙන් බිවට වැටී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
විදුලි සෝපානයට ඇති කුහරයෙන් ඔහු බිමට වැටී ඇතැයි පොලිසිය පවසයි.
බිමල් ශ්‍යාමන් ජයසිංහ
කොළඹ නෙළුම් කුලුණේ වැඩ කරමින් සිටි යාපනය ප්‍රදේශයේ තරුණයකු එහි 17 වැනි මහලෙන් බිවට වැටී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
විදුලි සෝපානයට ඇති කුහරයෙන් ඔහු බිමට වැටී ඇතැයි පොලිසිය පවසයි.
COMMENTS
අයියෝ. මොන අපරාදයක්ද ? යාපනේ ඉඳලා ඇවිල්ලා කීයක්හරි හොයාගෙන ජීවත් වෙන්න හදපු වයස 19 ක කොල්ලෙක් ..
මෙහි ව්‍යාපෘති කළමනාකරුවා වහාම අත්අඩංගුවට ගන්න.
හරිම දුකයි..... මෙම ඉදිකිරීම්වල ආරක්ෂාව ප්‍රමිිතිය ගැන සැලකිලිමත් විය යුතුයි....
අවසානෙදි මහින්ද මහත්තයා එකටත් වැරදිකාරයා වේවිද දන්නේ නෑ
මේක නම් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ...
ලංකාවේ ඉදිකිරිම් ව්‍යාපෘතිවල විශේෂයෙන් චීන සමාගම් මගින් කරන ආරක්ෂාව අන්තීම දුර්වලයි. අනාරක්ෂිත ස්ථාන ආවරනය වන ලෙස ආරක්ෂිත වැටවල් ඉදිකල යුතු අතර එවැනී ස්ථාන වල අනතුරු ඇගවිමේ පුවරුදු සවිකල යුතුයි. දිනපතා උදැසන ආරක්ෂක රැස්විමක් පවත්වා ආරක්ෂාව ගැන සේවකයන් දැනුවත් කල යුතුයි. වර්ථමානයේ මේ කිසිවක් ක්‍රියාත්මක නොකරන ඉදිකිරිම් ව්‍යාපෘති නිසා වැඩ කරන සේවකයන්ගේ ජිවිත අනතුරට ලක්වී ඇත.
සේෆ්ටි ෆර්ස්ට් කියාලා බිම ලොකු බෝඩ් එකක් ඇති ෂුවර් එකටම. ඒවාට සේවක ආරක්ෂාව සීමා කරන්න එපා.. ඉංජිනේරු අමාත්‍යාංශය යටතේ විශේෂ ඒකකයක් ඇති කරන්න හැම ලොකු වැඩබිමක්ම ආරක්‍ෂිත නීති රීති අනුගමනය කරනවාද කියා පරික්ෂා කරන්න. ඒවාට පුහුණු ආරක්ෂක නිලධාරීන් පත් කරන්න. එවැනි හැම වැඩබිමක්ම එම ආයතනයේ ලියා පදිංචි විය යුතුය කියා නීතියක් පනවන්න. ආරක්ෂක ක්‍රම සහ විධි අනිවාර්ය කරන්න. ඒවා කඩ කරන අයට විරුද්ධව දඩ මුදල් පනවන්න.
අදාළ සමාගම් සේවකයින්ගේ ආරක්ෂාව ගැන නොසලකා හැර තිබෙන බවයි පෙනෙන්නේ. ආරක්ෂාව සඳහා දීතිබෙන උපදෙස් නොපිලිපැදීමත් මෙවන් අනතුරුවලට හේතුවෙනවා. මට එසේ සිදුවුනා. තෙල් පිරිපහදුවක, අපහසුව නිසා, හෙල්මටය ගලවා වැඩකරමින් සිටි මා ලඟින් ගිය ඇමරිකානුවෙක් හෙල්මටය දාගන්නා ලෙස අතින් සංඥා කළා. හෙල්මටය දාගෙන සුළු මොහොතකින් මගේ හිස ළඟම තිබුන යකඩ පයිප්පයක වේගයෙන් වැදුනා. ඒ ඇමරිකානුවාට පින්සිදුවන්නට මම අද ජීවතුන් අතර ඉන්නවා. ඒ මොහොතේ සිට " පලමුව ආරක්ෂාව" සඳහා දී තිබෙන උපදෙස් අකුරට පිළිපැද්දා. වාහනයේ සීට් බෙල්ට් පැළඳීම අනිවාර්යයි.
මරුණ ළමය ගැන නම් අපටත් බොහොම කනගාටුයි.