
(ඉන්දිකා රාමනායක)
කොළඹ 07 නිදහස් චතුරශ්‍රයේ පැවැත්වෙන 74 වන ජාතික නිදහස් දින උත්සවය හා එයට සමගාමිව පැවැත්වෙන පෙරහුරු වෙනුවෙන් හෙට (29) දින සිට පෙබරවාරි මස 04 වැනි දින දක්වා කොළඹ නගරයේ මාර්ග රැසක වාහන ධාවන සීමා කරන බව පොලිස් මුලස්ථානය පවසයි.
එම කාලය තුළ විකල්ප මාර්ග භාවිතා කරමින් වාහන තදබදය අවම කරගන්නා ලෙසට පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
වාහන ධාවනය සීමා කරන මාර්ග සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානය නිකුත් කර ඇති නිවේදනය මෙසේය.



COMMENTS
මිනිසුන්ගේ සාමාන්‍ය ජන ජීවිතය තවත් පීඩාවට පත්කරමින් කරන මේ විගඩම් උත්සව වලින් අපට නම් වැඩක් නැහැ. ඇති දේකුත් නැහැ.. ලෝකෙට පේන්න හොරණෑව පිඹින එක තමයි පාලකයින්ගේ කෙරුවාව... බ්‍රිතාන්‍යයට කෙසේවෙතත්, මැදපෙරදිග රටකවත් අපි අද වෙද්දී යටත් විජිතයක් වුණා නම් අපට වර්තමානයේ ලෝකයා ඉදිරියේ ගෞරාන්විතව ජීවත් වෙන්න තිබුණා. කාට තිත්ත වුණත්, ලැජ්ජා වුණත් තිත්ත ඇත්ත ඒක තමයි. නිදහසේ හොරකම් කරන අයට ඒ දවස නිදහස් දිනයක් වුණාට අපට නම් ඒ දවස ශෝක දිනයක්...
74 වැනි අභිමානවත් නිදහස් සැමරුම. අපි නිදහස ලබාගත යුත්තේ අධිරාජ්‍යවාදීන්ගෙන් පමණක්මද??
මිනිස්සුන්ට කොච්චර වදයක්ද? තනිකරම නාසිතිකාර වැඩ... අපිට නිදහසක් සමරන්න තරම් අපිට නිදහස්ද? ලොක්කන්ගේ පම්පෝරි අහන්න විතරයි... කොච්චර පාසල් ළමයි අසරණ වෙනවද මේ වැඩෙන්..?
නිදහස සමරන්න අවශ්‍යම නම් ඕක ටිකක් චාම්ව තියන්න බැරිද? පාරවල් වහගෙන පෙරහුරු පවත්වමින් මොනවද මේ කෝවිඩ් වසංගතය පැතිරෙන කාලේ කරන විගඩම්..?. ඇත්තටම ඔය කියන නිදහස අපට තියෙනවාද?
දැන් පේන හැටියට සුද්දා අපිට නිදහස දූන්නා නෙවෙයි. සුද්දා අපෙන් නිදහස් වුණා වගෙයි මට හිතෙන්නේ....