IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


ආරක්ෂක මූලස්ථානය ඉදිකිරීම සම්බන්ධ තොරතුරු මුදා හරියි

තරිඳු ජයවර්ධන

අකුරේගොඩ ආරක්ෂක මූලස්ථාන සංකිර්ණය ඉදිකිරීමේ ව්‍යාපෘතිය පිළිබඳ  උපදේශක සමාගම් හා අදාළ ගෙවීම් සම්බන්ධයෙන් විමර්ශනය කර නිර්දේශ ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලයෙන් පත්කළ කමිටුවේ වාර්තාවේ පිටපතක් තොරතුරු කොමිෂන් සභාවේ නියෝගය පරිදි ප්‍රසිද්ධ ලියැවිල්ලක් ලෙස තිරු කුමාර් නඩේසන් මහතාට ලබා දීමට අමාත්‍ය මණ්ඩලය අද (02) කටයුතු කළේය.

එම කමිටු වාර්තාව සහ ඊට අදාල අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ඉල්ලමින්   තිරු කුමාර් නඩේසන් මහතා අමාත්‍ය මණ්ඩලයට   තොරතුරු ඉල්ලීමක් යොමු කර තිබුණු අතර ජාතික ආරක්ෂාව ගැන සඳහන් කරමින් අදාළ තොරතුරු ලබා නොදීම සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවේදී දීර්ඝ කාලයක් තිස්සේ අභියාචනා විභාගය පැවැත්විණි.

රහස්‍ය අවාරණයක් සහිතව තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවට එම තොරතුරු ඉදිරිපත් කරන ලෙස තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව අමාත්‍ය මණ්ඩලයට  කළ නියෝගයක් පිළිගත් අමාත්‍ය මණ්ඩලය අදාළ තොරතුරු මුදා හැරීමට එකඟතාවය පළ කර තිබිණි. මෙම තොරතුරු ජාතික ආරක්ෂාවට අදාළ නැති බව ආරක්ෂක අමාත්‍යංශය අද පිළිගත්තේය.

ඒ අනුව එම තොරතුරු  මෙම අභියාචනය අද විභාගයට ගත් අවස්ථාවේ දී ප්‍රසිද්ධ ලියැවිල්ලක් ලෙස එහි අභියාචක තිරුකුමාර් නඩේසන් මහතාට මුදා හැරීමට විරෝධතාවක් නැති බව අමාත්‍ය මණ්ඩල කාර්යාලය සහ ආරක්ෂක අමාත්‍යංශය දැනුම් දුන්නේය. අදාළ වාර්තාව මුදා හැරීමට තොරතුරු දැන ගැනීමේ කොමිසම අද නියෝග කළ අතර එය අද දිනයේම තිරු කුමාර් නඩේසන් මහතාට ලබාදීමට කටයුතු කර තිබිණි.

2011 සිට 2015 මැයි 31 දක්වා කාලයේදී අකුරේගොඩ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණය ඉදිකිරීමේ ව්‍යාපෘතියට අදාළව මුදිත ජයකොඩි ඇසෝසියේට් (පෞද්ගලික) සමාගමට  මුදල් ගෙවීම හා සම්බන්ධ තොරතුරු ද තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවේ නියෝග පරිදි මුදා හැරීමට ආරක්ෂක අමාත්‍යංශය හා අමාත්‍ය මණ්ඩලය කටයුතු කළේය.

අමාත්‍ය මණ්ඩලය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව තොරතුරු කොමිසම හමුවේ පෙනී සිටියේය.

මෙම තොරතුරු මුදා හැරීම තොරතුරු පනත යටතේ සිදුවූ වැදගත් සිදුවීමක්යැයි තොරතුරු පනත සම්බන්ධ ක්‍රියාකාරීහු කියති.  මෙම නියෝගය සහ අදාළ ආයතනවලින් තොරතුරු මුදා හැරීමට කටයුතු කිරීමත් සමඟ ජාතික ආරක්ෂාව සහ පෞද්ගලිකත්වයට හානි වන බව කියමින් තොරතුරු මුදා හැරීමට මැලිකමක් දක්වන රාජ්‍ය ආයතනවලට යලි සිතාබැලීමට සිදු වනු ඇතැයි ද ඔවුහු පවසති. තොරතුරක් ප්‍රතික්ෂේප කළ හැක්කේ සෑමවිටම පනතේ ප්‍රතිපාදනවලට අනුව බව ද තොරතුරු පනත සම්බන්ධ ක්‍රියාකාරීහු කියති.



අදහස් (1)

ආරක්ෂක මූලස්ථානය ඉදිකිරීම සම්බන්ධ තොරතුරු මුදා හරියි

DahamS Wednesday, 03 April 2019 04:15 AM

දුම්රිය නෙවෙයිද ලිස්ට් එකේ පලවෙනි ???

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 40 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 149 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1003 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site