(හර්ෂණ තුෂාර සිල්වා)
ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ජනාධිපතිවරයකු තෝරා පත් කරගත් ශ්‍රී ලාංකික ජනතාවට සුබ පැතුම් එක් කරන බවත් තේරී පත්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක්කරමින් ඇමෙරිකානු තානාපතිවරයා ඒ බව සඳහන් කර ඇත.
ඇමෙරිකානු තානාපතිවරිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් එලෙස සුබ පැතුම් එක් කර තිබෙන අතර එහි මෙසේ ද දැක්වේ.
“ශ්‍රී ලාංකික ජනතාවගේ ප්‍රජාත්ත්‍රවාදී තෝරාගැනීම වෙනුවෙන් ඔවුන්ට සුබ පැතුම් එක් කරනවා. ශක්තිමත් හා ස්වෛරී ශ්‍රී ලංකාවක් වෙනුවෙන් සහාය දීම සඳහා යහපාලනය, ආර්ථික වර්ධනය, මානව හිමිකම් සහ සංහිඳියාව දියුණු කිරීම යන කරුණු හා අංශ සම්බන්ධයෙන් තේරී පත්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ වැඩ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා” යැයි ද එහි දැක්විණි.

COMMENTS
එතුමාගේ ජයග්‍රහණය ගැන ඔබලා මෙන්ම අපිත් සතුටින් ඉන්නේ. කරුණාකර අපට පහසුවෙන් වීසා වලින් තොරව ඇමරිකාවට යන්න පහසුකම සලසා දෙන්න. එවිට, අපට ඇමරිකාවෙන් පිනට මුදල් අවශ්‍ය නැහැ. ඇමරිකාවටත් සේවයක් කොට ඉතිරි වෙන එකක් ලංකාවට එවලා අපේ රට ගොඩ ගන්නම්. පුළුවන් නම් මුස්ලිම් විරෝධී අපිව අරාබියට නොයවා ඇමරිකාවට ගෙන්වා ගන්න.
වැඩ කරන්න නෙමෙයි. MCC අත්සන් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා කියන්න.. අත්සන් නොකරොත් තවම ඉවත් නොකරපු පුරවැසි භාවය ගැටළුවක් වෙනවා නේද ???
ඇමරිකා තානාපතිනි පවසා තිබුනා ඡන්දෙන් පසුව MCC ගිවිසුම අත්සන් කරනා බව. නව ජනාධිපත් ඊට එකඟ නැතිනම් ඔබලා කුමක් කරන්නේද? එසේ වුවහොත් තවමත් ඉවත්කර නොමැති ගෝඨාභයගේ පුරවැසිබව ඔහුට ගැටළුවක් වන්නේද?
සුබ පැතුම්වලට ස්තුතියි. ඔය කියන යහපාලනය, ආර්ථික ප්‍රගතිය, මානව අයිතිවාසිකම් හා සමාදානය යන කරුණු ඔබ රටේ කළු හම සහිත මිනිසුන්ට බලපාන්නේ කෙසේද?
අපේ කට්ටිය හිතන්න ඇති, අර රනිල් අත්සන් කලේ නෑ නෑ නෑමයි කියපු ගිවිසුම අනුව ඇමෙරික පුරවැසියන්ට ආදුධ සහිතව ලංකාවේ ඕනෑම තැනක යන්න තියෙන අයිතිය, රේගු පරීක්ෂාවකින් තොරව ඕනෑම දෙයක් රට තුල ගෙන්වීමේ අයිතිය වගේ දේවල් දැන් ඉතින් අහෝසියි කියලා. ඒ වුනාට ශක්තිමත් ශ්‍රී ලංකාවක් සඳහා සහායදෙන්න නම් ඒ ගිවිසුම් අත්සන නොකර බැරිවෙයි. MCC ත් එහෙම තමයි. ගිවිසුම් අත්සන් නොකර අමරිකාවට තරහ යන වැඩ කරනවද අපි?
මේ රටේ කළු සුදු වෙනස පවතින්නේ නුගත් අය ඉන්න පැතිවල පමණයි. මහන්සිවී ඉගෙන ගන්න අයට පාට කෙසේ වෙතත් දියුණුවෙන්න පුළුවනි. මේ රටේ කළු නඩුකාරයෝ පමණක් නොවේ කළු ජනාධිපති කෙනකුත් සිටියනේ. මට පේන්නේ සමහර කළු අයට දියුණු වෙන්න කිසිම උවමනාවක් නැති වගයි. ලංකාවේ වගේ රැකියා ගන්න දේශපාලුවන්ගේ ලියුම් ගෙනෙන්න ඕනෙ නැහැ. දක්ෂකමට තමා තැන තිබෙන්නේ.
ජනතාව පැහැදිලි තීන්දුව දීලා ඉවරයි. දැන්වත් ඔය පුරවැසි අදෝනාව නවත්තන්න.
" කපන්න බැරි අත ඉඹිනවා ලු " ..." මුවාට කලින් කැන පනිනවාලු "... " ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ .." ඇයි මට මේවා ම මතක් වෙන්නේ ??
ඔයා මෙතන කොට කොට ඉන්නේ.... ගිහින් රනිල්ට, සජිත්ට කියන්න ගෝඨාට නඩු දාලා ජනාධිපති ධුරයෙන් ඉවත් කරන්න කියලා...
නිශා, ඔය කියන්නේ කොහේ තියෙන උසාවියේද? ලංකාවේ තියෙන්නේ උසාවි නෙමේ කඩ.
MCC ලංකාවට අවශ්‍ය දෙයක් නෙවේ. එකට අපි විරුද්දයි. අපිට අවශ්‍ය නැහැ අපේ රට විකුණලා සල්ලි ගන්න. අපි මහන්සි වෙලා මේ රට ගොඩ නගමු. මේගොල්ලෝ අපිට ආදරේට නෙමේ එන්නේ. මේ උවදුරෙන් අපි ගැලවිය යුතුයි.
සුභ පැතුමට බොහොම ස්තුතියි, හැබැයි පොරොන්දු වෙන්න ආයි යුධ අපරාධ චෝදනා ගෙන ඒන්නෙ නෑ කියලා.