
(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
ගුරු විදුහල්පති වැටුප් ගැටලු විසඳීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල්කරගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සංවිධානය කළ උද්ඝෝෂණ මාලාවක් අද දින දිවයිනේ නගර රැසකදී පැවැත්විණි.
ඔන්ලයින් ඉගැන්වීමට අදාළ සියලු පහසුකම් ගුරුවරුන්ට ලබා ගැනීම ,දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සහතික කිරීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල් කර ගනිමින් මෙම උද්ඝෝෂණ මාලාව සංවිධානය කර තිබුණි.
කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා මාස කීපයක් වසා දැමු තිබු පාසල් හි ප්‍රාථමික අංශයවල අධ්‍යාපන කටයුතු නිමවීමෙන් අනතුරුව ගුරුවර ගුරුවරියන් විශාල පිරිසක් මෙම උද්ඝෝෂණය සඳහා එක්ව සිටියහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)



(ඡායාරූප: රොමේෂ් ධනුෂ්ක සිල්වා )


දඹුල්ල නගරයේ පැවැති ගුරු උද්ඝෝසණය (කාංචන කුමාර ආරියදාස)

කුලියාපිටිය නගරයේ පැවැති ගුරු උද්ඝෝෂණය (දිනේෂ් උපේන්ද්‍ර)

දිවුලපිටිය නගරයේ (පුෂ්පකුමාර මල්ලවාරච්චි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෞරවනීය ගුරු භවතුන්ට මෙසේ මහමගට බැස කෑගැසීමට සිදුවීමේ සම්පූර්ණ වගකීම රජය බාරගත යුතුයි. මෙයින් ගුරුභවතා යම් අපහසුතාවයකට පත්වන්නේද, එවැනි දහසක් අපහසුතාවලට නුදුරු අනාගතයේදී රජයට මුහුණ දීමට සිදුවේ. එබැවින් ගුරුභවතුන්ගේ ඉතා සාධාරණ ඉල්ලීම කඩිනමින් විසඳීමට රජය කඩිනමින්ම මැදිහත් විය යුතුයි. එපමණක් නොවේ, පළමු ශ්‍රේණියේ ගුරු භවතකු හට සහ පළමු පන්තියේ විදුහල්පතිවරයෙකුට අඩුම තරමින් විශ්‍රාම යාමේදී හෝ තීරුබදු රහිත වාහන පර්මිට් එකක් ලබාදෙනන්නේ නම් එය මහ පොළවට දරාගත නොහැකි අපරාධයක් ද යන වග ඇසීමට තරම් වත් නොවන පැනයකි. එමෙන්ම වසර 30කට වඩා රජයේ සේවය නිරතව සිට විශ්‍රාම ගන්වන කම්කරුවෙකුට පවා අඩුම තරමේ මරුටියක් වැනි තීරුබදු රහිත වාහනයකට පර්මිට් එකක් ලබාදෙන්න කටයුතු කරන්න. මා එසේ කීවේ මේ රටේ දේශපාලකයින්ට ලැබෙන වරප්‍රසාද දෙස බලනවිට එය කිසිසේත්ම අපරාධයක් නොවන බැවිනි. ගුරු සටන දිනේවා. ඉක්මණින්ම සියලු ඉල්ලීම් ලබාගත හැකිවේවා...!!!
අච්චු පොත් වෙනුවට සෑම පාඩමක්ම පටිගත කර දුන්නා නම්, ගුරුවරු උද්ඝෝෂණ කරන වෙලාවේ ළමයින්ට තනියම ඉගෙන ගන්න තිබුණා. එතකොට සෑම ළමයෙක්ම නිදහසේ අධ්‍යාපනය ලබා ගන්නවා. තමන්ට පහසු වෙලාවට, ගෙදර දොර වැඩ ඉවර කරගෙන, කැමැති වෙලාවට ඉගෙන ගන්න තියෙනවා නම් ඊට වඩා නිදහස් අධ්‍යාපනයක් නැහැනේ. පාඩම දහස් වාරයක් හරි අහලා තේරුම් ගන්න පුළුවන්. වට පිට බැලුවා කියලා පාඩම මග හැරෙන්නේත් නැහැ. අච්චු පොත් වෙනුවෙන් යන කෝටි ගාණක් මුදල්..., බෙදා හැරීමේ දුෂ්කරතාව, විනාශ වෙන පරිසරය පවා නවතිනවා...
මේ කාලකන්නි රැස්වෙන තැන්වලට ඩ්‍රෝනමගින් මගින් දෙබර කූඩු ටිකක් දමන්න හිතෙන්නේ මට විතරද...?
ජෙප්පන්ට පෝස්ටර් ඇදලම නිමක් නැහැ වගේ...
කිසියම් රැකියාවක් කිරීමෙන් තමාට ලැබෙන වැටුප, පහසුකම් හෝ කාර්යභාරය ගැන සෑහීමකට පත් නොවේ නම් කළයුතු හොඳම දේ තමාට ගැලපෙන වෙනත් සුදුසු රැකියාවක් සොයා ගැනීමයි. දැනටමත් පෞද්ගලික අංශයේ රැකියාවේ නියුතු සේවකයින් එලෙස කටයුතු කරයි. උදාහරණයක් වශයෙන් පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල්වල ගුරුවරුද මෙම ක්‍රමය අනුගමනය කරයි. රාජ්‍ය අංශයේ පමණක් මෙම ක්‍රමය වෙනස් වන්නේ ඇයි? මෙසේ වන්නේ මොවුන් මේ ලබන ප්‍රතිලාභ වෙනත් රැකියාවකින් ලබාගත නොහැකි නිසා නොවේද? මෙම වසංගත සමයේ අධ්‍යාපන ක්‍රියාවලිය හා තම රැකියාවේ වගකීම් යුතුකම් පැහැරහරිමින් දින 100 ඉක්මවා අඛණ්ඩ වර්ජනයක් කර ගිනස් වාර්තාවක් තැබීය. මෙවන් ව්‍යවසනකාරී අවස්ථාවක නොවූවත් කිසිඳු රටක මෙවන් දීර්ඝ නිර්ලජ්ජිත වැඩ වර්ජනයක් නොකෙරෙනු ඇත. මෙය ජාත්‍යන්තරයේ අපේ අධ්‍යාපන මට්ටම ගැන සඳහන් දර්ශක වල ඍණ අගයන් සටහන් කරවන මෝඩ, පවුකාර අරගලයකි...
ඔහොම යන්, යාන්තම් කොරෝනාවලින් යම් අවදානමකින් මිදුණා විතරයි, ආයෙත් උද්ඝෝෂණ එහෙම කරලා අළුත් අළුත් රැලි ඇතිකර ගනිමු. එවිට ඇතැමුන්ට සැනසුමක් ලැබේවි...!!!
අපි පාසල් ගිය කාලේ හිටිය ගුරුවරුන්ගේ අගය මේ වගේ ආත්මාර්ථකාමී අය දැකීමෙන් හොදින් වැටෙහෙ.