මැතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් ඉන්දීය පාර්ලිමේන්තුවේ සහ ප්‍රාන්ත සභාවල සමස්ත ආසන සංඛ්‍යාවෙන් 33%ක් කාන්තාවන් වෙනුවෙන් වෙන් කරන බව එරට පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය අද (8) පොරොන්දුවක් දුන්නේය.
“ආණ්ඩුවේ සෑම මට්ටමකදීම කාන්තා සුබසාධනය සහ සංවර්ධනය වෙනුවෙන් ඉහළම ප්‍රමුඛතාව ලබාදෙනවා. අපි මැතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් තුළින් ඉන්දීය පාර්ලිමේන්තුව තුළත් ප්‍රාන්ත සභාවලත් කාන්තාවන් වෙනුවෙන් සියයට 33ක් වෙන් කරනවා” යැයි භාරතීය ජනතා පක්ෂය සඳහන් කළේය.
ඉන්දීය මහ මැතිවරණය බ්‍රහස්පතින්දා (11) ආරම්භ වීමට නියමිතය.
රොයිටර් ඇසුරිනි
(055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුනෙන් එකක් කාන්තාවන්ට දෙන්න ඉන්දියාවේ ව්‍යවස්ථාවත් සංසෝදනය කරන්න ඕනෙද? හ්ම්!