IMG-LOGO

‘අහසින් එහා නමින් නව වැඩපිළිවෙළක්’ - හරීන්


 
( ඩී.කේ.රත්න )      

                                                     
විදේශ සේවා සහ ඩිජිටල් තාක්ෂණ පහසුකම් අමාත්‍යංශය මගින් විදේශීය රටවල සේවයේ නියුතු දෙමාපියන් හා මෙරටේ සිටින දු දරුවන් සම්බන්ධ කිරීම සඳහා අහසින් එහා නමින් නව වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතයි විදේශ සේවා සහ ඩිජිටල් තාක්ෂණ පහසුකම් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා අද (8) හාලිඇලදී පැවසීය.


හාලිඇල නගරයේ ඉදිකරන ලද විදේශ සේවා නියුක්ති කාර්යාලයේ ඌව පළාත් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.


මෙම වැඩපිළිවෙළ යටතේ අහසින් එහා සිටින දෙමාපියන් අන්තර් ජාලය ඔස්සේ මෙරට සිටින දූ දරුවන්ට සම්බන්ධ කිරීමට කටයුතු කරන අතර   විදේශගත වන සෑම පුද්ගලයකු සඳහාම නොමිලේ සිම්පතක් ලබාදී රෝමින් හරහා දෙමාපියන් සහ දරුවන් සම්බන්ධ කරන බවද පැවසීය.


මේ අනුව ළඟදීම විදේශ සේවා නියුක්ති කාර්යාලයේ නිළධාරීන් මේ සඳහා ගිවිසුම් අත්සන් කරන අතර මෙමගින් විදේශවල සිටින දෙමාපියන් හා මෙරට සිටින දූ දරුවන් අතර අන්තර් සබදතා ගොඩනැගීම තුළින් ගැටලූ අවම වී හොඳ ප‍්‍රතිඵල ලබාගත හැකි බවද පැවසීය.
 



අදහස් (31)

‘අහසින් එහා නමින් නව වැඩපිළිවෙළක්’ - හරීන්

rasika Friday, 08 June 2018 02:24 PM

දැන් කොහොමත් අහසින් එහා තම එජාප ආණ්ඩුවක් පිහිටුවන්න වෙන්නේ ඔය යන විදියට

:       183       479

සේනක Saturday, 09 June 2018 07:50 AM

අහසින් එහා දේවල් කරන්න තමයි වෙන්නේ... රටේ ආණ්ඩුවක් පිහිටුවා ගන්න බැරුව කොහෙද අහසින් එහා දේවල් කරන්න යන්නේ. රටේ හරියට ආණ්ඩු බලයක්වත් නැතුව මේ ගොල්ලෝ දැන් විකාර කියනවා. රටේ ජනතාව රවට්ටපු කාලය ගියා මහත්තයෝ. තවත් රට කාබාසිනියා කරන්න බලයක් දෙන්න තරම් රටේ ජනතාව මෝඩයෝ නෙමෙයි මහත්තයෝ. ඒක මතක තියා ගත්තොත් හොඳයි නේද?.

:       2       259

sathyapalaSunday, 10 June 2018 02:02 AM

අලියාගේ වලිගේ එල්ලිලා ගමරාල දිව්‍යලෝකේ ගිය කතාව රඟ දක්වන්නයි යන්නේ.

:       0       14

sirimal Friday, 08 June 2018 04:37 PM

අහසින් එහා කියන්නේ "දිව්‍යලෝක" වල වැඩට ගිහින් ඉන්න උදවිය ගැනද?

:       0       124

Sanka Friday, 08 June 2018 05:06 PM

දැන් නං ඉතින් කොහොමත් අහසින් එහා තමයි පෙන්නේ .

:       28       263

hewawitharana Friday, 08 June 2018 06:33 PM

විශ්වය ගැන මෙයාට කිසිම දැනුමක් නැති බව පෙනෙනවා

:       0       438

hewawitharana Friday, 08 June 2018 06:34 PM

සුරංගනා කතා වලත් මෙවන් මෝඩ කතා තිබෙනවා

:       0       159

Srimal Sakvithi Ahelepola Bandara Friday, 08 June 2018 08:08 PM

එකම අහසක් මුලු පෘතුවියටම තියෙන්නෙ. සෞරෙන් එහා නම් හොද නමක්.

:       1       254

Sanath Friday, 08 June 2018 08:24 PM

එකපාරක් ගූගල් වයි ෆයි බැලුමක් අහසට යවල හතරගාතෙන්ම වැටුන. මේ පාර අහසෙන් එහාට යවන්න ගිහිල්ල හෝම්බත් රිවට් වෙයිද දන්නේ නැහැ.

:       51       268

Bamunuarachchi Friday, 08 June 2018 10:55 PM

කියලාවැඩක් නැහැ එක කට්ටියක් විදේශ ගතවෙන ශ්‍රමිකයින්ට මහා ප්‍රචාරයක් කරලා එයාපෝට් එකේ කැවුම් කිරිබත් තේ කෝපිත් දුන්නා.

:       0       18

prakaash Friday, 08 June 2018 10:58 PM

යටි ගිරියෙන් බොරුවට විකාර දොඩවන රටට වැඩක් නොකරන තවත් පින්ගුත්තරයෙක්.

:       188       1047

Hafeel Friday, 08 June 2018 11:18 PM

මොන ලජ්ජාවක්ද මෙක. මැද පෙරදිග යන කන්තාවන්ගෙ අඩු පාඩු රටතුල විසන්දන්න නැතුව. බොහෝ ශ්ර‍රමිකයන්ට හාමි පුතුන් තමන්ගෙ පවුලෙ අය සමග කතාකරන්න පවා නොදෙන්න එ රටෙ, මෙක කොහොමද සාර්ථක වෙන්නෙ. මේකත් හරියට නොමිලේ වයිෆයි වගෙ තමයි.

:       0       149

DD Saturday, 09 June 2018 12:26 AM

ඔහෙලා ඉන්නේ අහසින් එහා, හීන ලෝකයේ

:       0       102

නොකවුට් Saturday, 09 June 2018 02:18 AM

මේ අයට පිස්සු. කයිවාරු ගහන්න විතරයි පුළුවන්...

:       0       37

Raveendra Saturday, 09 June 2018 03:47 AM

මෙයත් ඉතින් අඟහරු ලෝකේ තියෙන "ගූගල් බැලුම ඇතුලේ රෝස්පාන් හිටවපු" බොබිලනේ. හා හා හොඳා හොඳා ..

:       0       58

manoj Saturday, 09 June 2018 07:00 AM

ඊළඟ ඡන්දේ තිබ්බම ඔබතුමන්ලාට කොහොමත් අහසින් එහා ඉන්න අයගේ පිහිට තමයි.

:       0       70

S.Rathna Saturday, 09 June 2018 07:09 AM

රනිල්ගේ වයි ෆයි වගේද? ඔයත් රනිල්ගේ අැම්බැට්ටයෙක්ද?

:       0       52

Chinthaka Saturday, 09 June 2018 07:10 AM

මෙහෙමත් කෙනෙක්. දැන් සිම් එක ෆ්‍රී දීලා එන ලොකු රෝමින් බිල් ගෙවන්නේ මෙයාගේ බාප්පා වෙන්න ඇති. මතක තියාගන්න එක රෝමින් එස්.එම්.එස්. එකකුත් රුපියල් 3ක් විතර වෙනවා. සමහර අරාබි රටවල් වයිබර් එහෙම බ්ලොක් කරලා තියෙන්නේ. තවත් විකාර ප්‍රොෙජක්ට් එකක්.

:       0       8

රවින් Saturday, 09 June 2018 07:13 AM

ඇමතිතුමනි පළමුවෙන් විදේශ සේවා අංශය කාර්යක්ෂම කරන්න. ලියාපදිංචියේ සිටම....

:       0       8

ghamneth Saturday, 09 June 2018 07:39 AM

ඉතාම හොඳ අදහසක්... මෙරට සිටින දරුවන්ට විදෙස්ගතව සිටින තම දෙමාපියන්ට සහනදායි මිලකට කතාකරන්න අවස්ථාව ලබාදෙන එක.

:       24       7

chandrika Saturday, 09 June 2018 07:39 AM

කවුද මේකට නම දැම්මේ. ඩිජිටල් අැමැති තව පාරක් අනාගන්න හදනවද? සයුරෙන් එහා කිව්වා නම් නරකද? මොකද තවම කිසිකෙනෙක් අඟහරු වගේ ග්‍රහලෝකවල සේවයට ගිහින් නැහැනේ.

:       0       33

faizer Saturday, 09 June 2018 07:41 AM

පිස්සු වැඩ. ජනතා මුදල් කාබාසිනියා කරන වැඩක්. ඔබතුමාගෙන් මීට වඩා වැඩි දෙයක් ජනතාව බලාපොරත්තු වුණා. ඔබත් දැන් කාඩ්බෝඩ් වීරයෙක් වෙලා.

:       1       1

dhamneth Saturday, 09 June 2018 08:00 AM

ඉතාම හොඳ අදහසක්... මෙරට සිටින දරුවන්ට විදේශ ගතව සිටින තම දෙමාපියන්ට සහනදායි මිලකට කතාකරන්න අවස්ථාව ලබාදෙන එක.

:       20       0

SAM Saturday, 09 June 2018 08:17 AM

මොනවත්ම නොකර ඉන්නවා නම් තමයි හොඳ. මොකද කෙරුවත් මුදල් අපතේ යන නිසා...

:       0       5

rocky Saturday, 09 June 2018 01:29 PM

අහසින් එහා? මොකද්ද මහත්තයෝ එකේ තේරුම? අහසේ සීමාවක් නැහැ. මොන ව්‍යාපෘතියකට හරි මේ නම හදපු කෙනා, තාරකා විද්‍යාව (ඇස්ට්‍රොනොමි) ගැන අහලාවත් නැති මැට්ටෙක් වෙන්නැති !

:       0       2

RaveendraSaturday, 09 June 2018 03:28 PM

හාදය ඩිජිටල් ගැන කතා කලාට ඇනලොග් වලින් තාම වැඩ.

:       0       0

RaveendraSaturday, 09 June 2018 03:29 PM

හාදයා ඩිජිටල් ගැන කතා කළාට ඇනලොග්වලින් තාම වැඩ...

:       0       21

PA - RA Saturday, 09 June 2018 02:09 PM

මෙයා බයිලා කින්, බලන්න මොබයිල් වල 1ක කෝල් එකට යන ගාන, ඒවගේම ඉන්ටර්නෙට්, සාමාන්‍ය දුප්පත් එක්කෙනෙක් මසකට රුපියල් 4500ක් වත් ගෙවන්න ඕනෑ... අපිව කනවා. පස්සේ අපිට ශෝභන කයිවාරු.

:       0       5

සචිත් පී ලියනගේ Saturday, 09 June 2018 03:50 PM

"මායා බෝංචි ඇටය" වගේ සුරංගනා කතාවක්ද මේ ආයුබෝවන්ඩ !!!

:       0       4

ravi Saturday, 09 June 2018 04:33 PM

මට නම් ඉතින් මෙතන ලියන්න දෙයක් ඉතුරුවෙලා නැහැ...

:       1       25

rocky Monday, 11 June 2018 02:31 AM

රවී මහත්තයෝ, කමක් නැහැ .. කමක් නැහැ! ඔහේ මොනවා හරි අනන් මනං ටිකක් වත් ලියන්න. මේ කාලේ තේරුමක් තියෙන්නේ ඒවගේ තමයි!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 35 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 606 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site