(අංජුල මහික වීරරත්න)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාස භංග යෝජනාවට විරුද්ධව ඡන්දය දියයුතු බවට වන ඉරි තුනේ නියෝගයක් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් නිකුත් කරනු ලැබ තිබේ.
ආණ්ඩු පක්‍ෂ ප්‍රධාන සංවිධායකයා විසින් එම නියෝගය මේ වන විටත් ලියාපදිංචි තැපෑලෙන් යවා ඇත.
වැදගත් ජන්ද විමසීමක් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන අවස්ථාවේදී ආණ්ඩු පක්‍ෂ සංවිධායක විසින් ඉරි තුනේ නියෝගයක් නිකුත් කරනු ලබන්නේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රධාය අනුවයි.
ආණ්ඩු පක්‍ෂ ප්‍රධාන සංවිධායක නිකුත් කරන ඉරි තුනේ නියෝගයට එරෙහිව යම් මන්ත්‍රීවරයකු හෝ ඇමතිවරයකු ක්‍රියා කළ හොත් එම මන්ත්‍රීවරයාට එරෙහිව නීති පියවර ගැනීමේ ප්‍රධානතම සාක්කිය ලෙස මෙය යොදා ගැනීමේ හැකියාව පවතින බව සභා නායක අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විශ්වාස භංගයට එරෙහිව ඉරි තුනේ නියෝගයක්
Iansmith Monday, 02 April 2018 11:34 AM
ඕකට කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියලද?
ලපයා Monday, 02 April 2018 11:35 AM
කම්බා හොරෙක්ව ආරක්ෂා කරන්න දඟලන දැඟලිල්ලක්... කප්පරක් බොරු ඇත්ත වගේ දිය කරලා ඡන්දෙට ඉස්සෙල්ලා ජනතාවට පොවලා රට, ජාතිය නගා සිටුවන්න මහජනතාව පත් කරපු හොරු රැළක්...
gunarathna Monday, 02 April 2018 12:12 PM
බලහත් කාරයෙන් විශ්වාස භංගය දිනලද රනිල්ට විස්වාසේ පළකරන්නේ. රනිල් යම් විදියකින් පැරදුනොත් ගයන්තලගේ තනතුරු ඉතුරු වෙන්නේ නැහැ. එහෙම උනොත් ගයන්ත කියන්නේ නිකම්ම නිකන් මන්ත්‍රී කෙනෙක් මිසක් ආණ්ඩු පක්සේ සංවිදායක නෙමෙයි.
RNG Monday, 02 April 2018 01:44 PM
එල්ලෙන්න වැලේ වැල් නැතුව ඉන්නවා කියලා කවුරුත් දන්නවා දැන්.. ඒක නිසා වෙන්නැති මේ වැලේ එල්ලිලා හරි ගොඩයන්න බලනවා ඇත්තේ..
banda Monday, 02 April 2018 12:17 PM
මහ බැංකුව ගිලපු හොරු රකින්න මේ ගොල්ලන්ට පුදුම අමාරුවක් තියෙන්නේ...
sirimal Monday, 02 April 2018 01:20 PM
මම මේ කල්පනා කර කර ඉන්නේ ඒකාබද්ධය විසින් 5 වෙනිදාට තවත් කෙනෙකුට විරුද්ධව අලුත් විශ්වාස භංගයක් ගෙනෙයිද නැත්නම් ජනාධිපතිට විරුද්ධව දේශාභියෝගයක් ගෙනෙයිද කියලයි. ඒගොල්ලොත් නිකන් ඉන්න එකක් නැනේ.
ashan Monday, 02 April 2018 01:33 PM
මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. රැකියාවකට සුදුසු කෙනෙක් පත් කළාම ඒ පුද්ගලයා කරන වැරදි වලට පත්කල කෙනා වැරදිකාරයා වෙනවද? එහෙමනම් පහුගිය කාලේ ඇමතිලා වෙලා හිටිය හොර රැල කරපු හොරවැඩ වලට එයාලව පත්කළ මහින්ද මහත්තයා වැරදිකාරයා නේද?
SLTuesday, 03 April 2018 03:15 AM
වගකියන්න වෙන්න අගමැතිතුමාම පාර්ලිමේතුවේදී වගකියනවා කියලා කිව්ව නිසානේ