(රංජන් කස්තුරි)
ගුරු - විදුහල්පති වෘත්තීය සමිත 16කින් සමන්විත ‘‘ගුරු විදුහල්පති වැටුප් විසමතාවට එරෙහි ජාතික එකමුතුව‘‘ හෙට සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් පැවැත්වීමට තීරණ කර ඇත.
එම අඛණ්ඩ සත්‍යග්‍රහය අද සිට අය - වැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන නොවැම්බර් මස 12 වැනි දින දක්වා පැවැත්වෙන බව ගුරු විදුහල්පති වැටුප් විසමතාවයට එරෙහි ජාතික එකමුතුවට අයත් ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ලේකම් ඉන්දික පරණවිතාන මහතා පවසයි.
අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ කරන ස්ථානය හෝ වේලාව සම්බන්ධයෙන් අද පස්වරුව වනතෙක් තීරණයක් නොගත් බව ද පරණවිතාන මහතා කීවේය.
COMMENTS
අපිට නම් පුදුම සතුටක් දැනෙන්නේ... මිට පුතණ්ඩිය ඇතුළු දියව් දියව් මල පෙරේත කුමාරයා ප්‍රමුක හැම දේටම විරුද්ධ සංසදය......
තමන්ට රැකියාවෙන් සැහෙන වැටුපක් නොලැබේ නම් තමන් ට වෙනත් රැකියවාක යන්න පුලුවනි. කම්කරු රැකියාක් කලොත් දවසකට රුපයල් 2500 විතර ගන්න පුලුවනි. ඒක පමනයි දැනට කරන්න පුලුවන් දේ කට තියෙන්නෙ.
එහෙනම් පඩි වැඩි කරන්න ඕන නැහැ. සල්ලි ඉතුරු කරගන්න පුලුවන් නොකා ඉඳලා. ජනතාවට බරක් නෑ දිගටම කරගෙන යන්න.
කට්ටිය වතුර එහෙම බොනවා නෙමෙයි
සර් ගේ වියත් මගේ කරුමේ තමයි අපේ මේ ගෙවන්නේ
අනේ කියන්න දිනය වෙලාව හා ස්තානය. කුණු බිත්තර හා ගොම ඕඩර් කරන්න. කාලකන්නි
මේ අයට කන්න දෙන්නම එපා.