(රංජන් කස්තුරි)
විදුලි අර්බුදය විසඳීමේ අරමුණින් මෙගාවොට් 100 ක ධාරිතාවයක් හදිසි මිලදී ගැනීමක් ලෙස සිදු කිරිමට පෞද්ගලික සමාගම් තුනක් තෝරාගෙන ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇග්‍රිකෝ,වී පවර් සහ අල්ටාස් ඕල්ඩර්නේටිව් නැමැති විදුලි ජනන සමාගම් ටෙන්ඩර් පටිපාටියට අනුව තෝරාගෙන තිබෙන අතර එම ආයතන සමඟ තවත් දින කිහිපයක් ඇතුළත ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බවද එම ආරංචි මාර්ග කියයි.
මෙම ආයතනවලින් මාස 6 ක් විදුලිය මිලදී ගැනීමට නියමිත අතර ඒ සඳහා විදුලිය ඒකකයකට රුපියල් 28 ත් 30 ත් අතර මුදලක් ගෙවීමට නියමිත බවද පැවැසේ.
එම සමාගම් වලින් එලෙස විදුලිය මිලදී ගැනීමත් සමඟ රටපුරා අඛණ්ඩ විදුලිය සැපයුමක් ලබාදිය හැකි බවද ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.