සුජිත් හේවාජුලිගේ
තම කණ්ඩායම සහාය දෙන්නේ කාට දැයි ලබන සතියේ තීරණය කරන බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක විපක්ෂ නායක ආර්.සම්පන්දන් මහතා පැවසීය.
ද්‍රවිඩ ජාතික සන්ධානයේ සියලු මන්ත්‍රීවරුන් සමඟ ලබන සතියේ දී සාකච්ඡා කර මේ පිළිබඳව ස්ථිර තීරණයක් ගන්නා බව කී සම්පන්දන් මහතා පවතින දේශපාලන තත්ත්වය මේ දිනවල තබා අධ්‍යයනය කරගෙන යන බවද ප්‍රකාශ කළේය.
රනිල් වික්‍රමසිංහ මහතාත් මහින්ද රාජපක්ෂ මහතාත් තමාට කතා කර සහය ඉල්ලු බවද ඔහු කීය.
ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු 16 දෙනෙක් මේ වන විට පාර්ලිමේන්තුව නියෝජනය කරති.
COMMENTS
වෙන්දේසියෙන් හොඳ ගණනක් හොයා ගන්න පුලුවන්............
පම්පෝරි ගැහැව්වට තවම බහුතර නැහැ වගේ. රට, ජාතිය පැත්තක. බලය වෙනුවෙන් ඔය ඕනෑම රජෙක් මුළු රටම වුණත් පාවා දෙයි.
2015 දී තිබුුණු ජනබලය දැන් යූ.එන්.පී. එකට නැහැ. පසුගිය මැතිවරණයේදී ජනතාවගේ ඡන්ද වලින් 15%ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත්, 44%ක් පොදුජන එක්සත් පෙරමුණටත් ලැබුණා. රටේ ජනතාවගෙන් 59%ක් ඉන්නේ මෛත්‍රිපාල ජනාධිපති හා මහින්ද අගමැති සමගයි. තව මොනවද ඔප්පු කරන්න තියෙන්නේ? දැන් තොන්ඩමන් මහතාගේ කම්කරු පක්ෂයයි, ඊපීඩීපී එකයි එකතුවෙලා තියනවා. තව මොනවද ඕනේ?
ගිය සිකුරාදා කීවේ ඔය කතාව නෙවේනේ. වාර්තාවූ අන්දමට එදා කීවේ "මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයට පත්වීමේ සිද්ධිය තවමත් අදහා ගැනීමට නොහැකිව සිටින බවත් ඉදිරියේදී මීට වඩා විශාල යමක් සිදුවිය හැකි නිසා මේ අවස්ථාවේදී ඒ සියල්ල දෙස ඉතා ඉවසීමෙන් යුතුව බලා සිටින බවත් හදිසියේ සිදු වූ මේ වෙනස් කම මත විපක්ෂනායක ධූරය සම්බන්ධයෙන් විශාල ගැටළුවක් පැන නැගී ඇති බවත් සියල්ල ඉතා හොඳින් අවසන් වනු ඇති නිසා ඒ ගැන කලබල නොවී සිටින මෙන් පක්ෂයේ සියලුම දෙනාට උපදෙස් දුන් බවත් " පැවසුවා කියලයි අපි දුටුවේ. දේශපාලනයේ සතියක් කියන්නේ විශාල කාල පරිච්ඡේදයක්. ලංකාවේ දැන් සිද්ධවේගන යන ආකාරයට ලබන සතිය වෙනකොට මොනවයින් මොනවා වෙයිද කියන්නට බැහැ. එක්කෙනෙක් සාස්තර කාරයකුගේ බස් අහල නාගත්තා. අනිත් එක්කෙනා පොලිස් කාරයෙකුගේ බස් අහල නාගන්න යන බවයි අපට නම් පෙනෙන්න තියෙන්නේ. ඇමෙරිකාව, එංගලන්තය, යුරෝපා සංගමය, මානව හිමිකම් කාරයෝ, එක්සත් ජාතීන්ගේ සංගමය එහෙමත් ඔන්න ආයෙත් නැගිටලා. මේගොල්ලෝ කලින් කරපු කියපු දේවල් වල හැටියට කියන්න තියෙන්නේ ලංකාවට ප්‍රේම කරන අයනම් නෙවේ කියලයි.
අලුත්ම චිත්‍රපටය "ගිලෙන නැවෙන් මීයෝ පනී" ළඟදීම බලාපොරොත්තු වන්න..
ඔබලාගේ සහය පැතීම තමයි අපේ ජාතිය කරන ලොකුම වැරැද්ද... ඔබලා මේ රටේ 10% ජනගහනයක් කියා ලීවාට කවමදාකවත් පලවෙන්නේ නැත.