(ඩයනා උදයංගනී)
කැළි කසල බැහැර කිරීම වෙනුවෙන් ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට අය විය යුතු මුදලින් රුපියල් මිලියන 100ක මුදලක් ගෙවීමට කොළඹ නගර සභාව විසින් අද(08) දිනයේදී ගෙවනු ලැබ ඇත.
ඒ අනුව නැවතත් කැළි කසළ භාර ගැනීම අද සිට සිදු කරන බව ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා පැවසීය.
කැළි කසළ බැහැර කිරීම වෙනුවෙන් ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට 2018 වසරේ ජුලි මස සිට අය විය යුතු රුපියල් මිලියන 207 ක මුදලක් කොළඹ මහනගර සභාව විසින් ගෙවා නොමැති වී හේතුවෙන් කෙරවලපිටිය කසළ අංගනයට කොළඹ මහ නගර සභාවේ කැළි කසළ භාර ගැනීම තාවකාලිකව නවතා දැමීමට පසුගිය සෙනසුරාදා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පියවර ගෙන තිබිණි.
කෙසේ වෙතත් අය විය යුතු මුළු මුදලින් රුපියල් මිලියන 100 ක මුදලක් කොළඹ මහ නගර සභාව චෙක්පතක් ආශ‍්‍රයෙන් අද උදෑසන එම සංස්ථාවට ලබා දී ඇත.
මෙම ණය සීමාව ඉක්මවා නොයන පරිද්දෙන් විධිමත් කළමනාකාරීත්වයකින් යුතුව ඉදිරියට මෙය පවත්වාගෙන යෑම දෙපාර්ශවයේම වගකීම බවද සභාපතිවරයා සඳහන් කළේය.

2025 නොවැම්බර් මස 04
55
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2008
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කැළිකසල වෙනුවෙන් කෝටි 10 ක් ගෙවයි
සතයපාල Monday, 08 October 2018 12:43 PM
කොහොමද ඒක. නැති සල්ලී එලියට ආව හැටි කොහොමද