(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
සාපරාධී කාරණාවලදී අනෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී අද (9) සම්මත විය.
මේ පනතට පක්ෂව ඡන්ද 95ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 31ක් පමණි.මේ පනත් කෙටුම්පත විවාදයට ගැනුණේ ඊයේ (8) දිනයේදීය.නියමිත වේලාවට පෙර සභාවේ කාලය දීර්ඝ කර ගැනීමට නොහැකිවීම නිසා පනත පිළිබඳව ඡන්ද විමසීම ඊයේ දිනයේ පැවැත්වීමට නොහැකි විය.පනත් කෙටුම්පත ගෙනෙන සංශෝධන කිහිපයක්ද අද සම්මත කෙරිණි.
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීම සඳහා ඉදිරිපත් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අර පඩි වැඩි කරන කොට, කාර් පර්මිට් දෙනකොට එහෙම පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඔක්කොම එකා වගේ අත උස්සන එක අපරාධ සඳහා අන්‍යොන්‍ය සහයෝගිතාවය දැක්වීම යටතට වැටෙන්නේ නැද්ද?