ශ්රී ලංකාවේ බලශක්ති සුරක්‍ෂිතතාවය ඇති කිරීම සඳහා සුළං බල මෙහෙයුමක් දියත් කිරීමට විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ තීරණය කර තිබේ.
රටතුළ බලශක්ති ස්වයං පෝෂිතතාවය ළඟා කර ගැනීමේ දිගු කාලීන ඉලක්ක සාක්‍ෂාත් කර ගැනීම සහ පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර ප්‍රවර්ධනය කිරීම රජයේ අරමුණ බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ප්‍රකාශ කළේය.
එහි එක් පියවරක් ලෙස මෙම ව්‍යාපෘතිය ආරම්භකළ බව ද ඒ මහතා කීවේය.
සුළං බල මෙහෙයුම දියත් කිරීම අප්‍රේල් මස 06 වැනි දා පෙරවරුවේ හම්බන්තොට බරුතන්කන්දේදී සිදුකෙරීමට නියමිතය .
044
COMMENTS
මෙයාලගේ කතාව විතරයි, මමත් ගියා බැංකුවට සූර්ය බල සංග‍්‍රාමය කාලේ ණයක් ගන්න සූර්ය පැනල් වලට ණය දෙන්නේ නැහැ කියන තරම් ලේසියෙන්...
සුළං බලශක්ති පිළිබදව ලෝකයේම ප්‍රසිද්ධ සහ ඒ පිලිබදව ලෝකය පුරා පරිහරණය කරන චීන භාෂාව ඇතුළු භාෂා රැසකට පරිවර්තනය කල පොත් රැසක් ලියා ඇති පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විදුලිය සහ ඉලෙක්ට්‍රොනික් පිළිබද මහාචාර්ය ජනක ඒකනායක මහතාගෙන් මේ ගැන උපදෙස් ගන්නට නොහැකිද ? ඔහු ලෝකයේ දියුණුම රටවල මේ පිලිබදව දේශනා වලට නිතර ඇරයුම් ලබන අයෙකු බව අසා ඇත.
අපේ බඩේ හුලන් වලින් බැරිද දන්නේ නැහැ බලශක්තිය උපදවන්න. 2040 දී හරිත වාහන සංකල්පය කියල සියලු හයිබ්‍රිඩ් සහ බැටරි වාහන වලට බලාපොරොත්තු වුන බදු සහන නැති කළා. සුර්යබලශක්ති විසදුම් වලට බදු ගැහුවා. පත්තරේට කියන්නේ එකක් කරන්නේ එකේ අනිත් පැත්ත