(චමිල් රූපසිංහ)
මහනුවර නාථ දේවළයේ බස්නායක නිළමේ ගයාන් හෂීල හීන්කෙන්ද මහතා සමස්ත ලංකා බස්නායක නිළමේවරුන්ගේ සංගමයේ නව සභාපති ලෙස පත්විය.
වෘත්තියෙන් නීතීඥයෙකු වන හීන්කෙන්ද මහතා වර්ෂ 2001 සිට මේ දක්වා අඛණ්ඩව බස්නායක නිළමේවරයෙකු ලෙස කටයුතු කරන අතර බදුල්ල පත්තිනි දේවාළයේ බස්නායක නිළමේ ධූරයට 2001 වසරේදී පත්විය.
අනතුරුව ඒ මහතා ගඩලාදෙණිය විෂ්ණු දේවාළයේ බස්නායක නිළමේ ධූරයට පත්වූ ඒ මහතා මහනුවර සතර මහ දේවාළයන්හි එකක් වන ශ්‍රී නාථ දේවාළයේ බස්නායක නිළමේ ධූරයට 2013 වසරේ පත්විය.
පළමු ධූර කාලයෙන් අනතුරුව යළිත් 2018 වසරේදී නාථ දේවාළයේ බස්නායක නිළමේ ධූරයට හෙතෙම පත්වූ අතර ගතවූ කාලය තුළ නාථ දේවාළයේ සිදුකර තිබෙන සංවර්ධන වැඩකටයුතු මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ ගරුතර සංඝරත්නයේත් බෞද්ධ ජනතාවගේත් නොමඳ පැසසුමට ලක්ව තිබේ.
මහනුවර නාථ දේවළයේ බස්නායක නිළමේ ගයාන් හෂීල හීන්කෙන්ද මහතා ලෙස කටයුතු කරන ඒ මහතා මහනුවර ත්‍රිත්ව විදුහලේ ආදි සිසුවෙකි.

COMMENTS
මේ වගේ වගකීම් සහිත තනතුරු වලට වැදගත් උදවිය තෝරා ගත්තු කාලයක් තිබුණා මතකයි. දැන් ඒක නිකන් " මහජන සම්පත " ගානට වැටිලා.
හීන්කෙන්ද නිලමේ තුමනි, මහා නුවර දළදා බිමෙහි ඇති සියලු දේවාල වල සිටින කපු මහතුන් හා අනෙක් සේවක පිරිසත් , රට වටා ඇති බොහොමයක් දේවාල වල සේවක පිරිසත් ඒ පුද බිම් වල ඇති ගෞරවය කෙලසති, එමෙන්ම පූජා දිනවලදී ඔවුන්ගේ ඉතා කිලිටි අවපැහ ගැන්වුන අපිරිසුදු වස්ත්‍ර වලින් සැරසී දේව මෙහෙයේ යෙදෙති. එපමණක් නොව පෙරහැර පවතින දිනවලදී නැටුම් කණ්ඩායම් වල නටන බොහෝ පිරිමි පාර්ශවයේ පිරිස් සුරා පැන් බෝතල් පිටින් අමු අමුවේ බොමින් නටන නැටිලි අපි කොතෙකුත් දැක ඇත්තෙමු. මෙවැනි අශෝභන දේ දකින විට දෙවියන්ට පමණක් නොව මනුෂ්‍යන් වන අපටත් පිළිකුලක් දැනේ . කරුණාකර ඉදිරියේදීවත් මෙවැනි නින්දිත ක්‍රියා වළක්වාලීමට සුදුසු කළමනාකාරීත්වයක් ගොඩ නගා අභාවයට යන ලක් දේවාල සංස්කෘතිය ගොඩ ගැනීමට කටයුතු කරන මෙන් සියලු බැතිමතුන් වෙනුවෙන් ඉල්ලමි.
නිළමේ ඇඳුමට කරන අගෞරවය වැලැක්වීමට මුලින්ම පියවර ගන්න.
අතීතයේදී මෙවන් නම්බුකාර පදවි පැවරුනේ සියලුම දෙනා පිළිගත් වැදගත් ලෙසට පිළිගත් ප්‍රභූන්ටයි. අද වනවිට දළඳා මාලිගාවේ මෙන්ම සියලු දේවාලයන්හි මෙවන් තනතුරු සඳහා සුදුස්සන් තෝරා පත් කර ගැනීම දිනුම් ඇදීමක් තරමට සල්ලන් වී ඇති බවක් පෙනෙන්නට තිබීම කෙතරම් ඛේදජනක දැයි කෙනෙකුට සිතෙන්නට බැරි නැත. මේවාට සම්බන්ධ මහනායක ස්වාමින් වහන්සේලා මේ ගැන සිතා බැලුවොත් යෙහෙකි...