IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


නීතිපති දෙපාර්තමේන්තු ඉතිහාසයේ වාර්තාවක්

(මනෝප‍්‍රිය ගුණසේකර)

අපරාධ සිද්ධීන් වලට අදාළ නඩු ගොනු සම්බන්ධයෙන් ප‍්‍රමාදයකින් තොරව උපදෙස් ලබාදිය යුතු බවට නීතීපතිගේ තීරණයකට අනුව නීතිපති දෙපාර්තමේන්තු ඉතිහාසයේ වාර්තාවක් පිහිටුවමින් පසුගිය මාස 10 ක කාලය තුළ නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ අපරාධ නඩු ගොනු අතුරින් නඩු ගොනු 13,283 ක් සම්බන්ධයෙන් පියවර ගෙන ඇතැයි නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

2017 සහ 2018 වසරවල් සමඟ සංසන්දනය කිරීමේදී මෙම වසරේ මාස 10 ක කාලයක් තුළ නඩු ගොනු විශාල ප‍්‍රමාණයක් සම්බන්ධයෙන් මේ වන විටත් පියවර ගෙන අවසන් බවද එය වසර 135 ක නීතිපති දෙපාර්තමේන්තු ඉතිහාසයේ වාර්තාවක් බවද නිශාරා ජයරත්න මෙනවිය වැඩිදුරටත් පැවසුවාය.

මෙම වසරේ පසුගිය මාස 10 ක කාලයක් තුළ උපදෙස් ඉල්ලා දිවයිනේ විවිධ පොලිස් ස්ථානවලින් නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ අපරාධ නඩු ගොනු අතුරින් නඩු ගොනු 8319 ක් සම්බන්ධයෙන් මහාධිකරණයන් හමුවේ අධි චෝදනා ඉදිරිපත් කර ඇති අතර අපරාධ සිද්ධීන් 2621 ක් සම්බන්ධයෙන් මහෙස්ත‍්‍රාත් අධිකරණයන් හමුවේ ගත යුතු පියවර සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබාදී ඇත.

ඒ අතරම උපදෙස් ඉල්ලා නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ අපරාධ නඩු ගොනු අතරින් නඩු ගොනු 2160 ක සැකකරුවන් නිදහස් කරන ලෙස නියම කරමින් අදාළ පොලිස් ස්ථානවලට උපදෙස් ලබාදී ඇත.

2017 වසරේදී උපදෙස් ඉල්ලා නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ අපරාධ නඩු ගොනු අතුරින් නඩු ගොනු 3102 ක් සම්බන්ධයෙන් ද 2018 වසරේදී උපදෙස් ඉල්ලා නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ අපරාධ නඩු ගොනු අතුරින් නඩු ගොනු 3717 ක් සම්බන්ධයෙන් ද නීතීපති උපදෙස් ලබාදී තිබු අතර එම වසරවල් හා සංසන්ධනය කිරීමේදී මෙම වසරේ පසුගිය මාස 10 ක කාලයක් තුළ ගෙන ඇති පියවරයන් යුක්තිය ඉටුවීම සම්බන්ධයෙන් විශාල ප‍්‍රගතියක් පෙන්නුම් කෙරේ.



අදහස් (6)

නීතිපති දෙපාර්තමේන්තු ඉතිහාසයේ වාර්තාවක්

Hafeel Wednesday, 30 October 2019 12:01 PM

ඒ වුනාට ඔය කියන උපදෙස් අනුව දේශපාලකයෝ නිදොස්කොට නිදහස් වෙනවනේ. නැත්නං අධිකරණය බලලා එනවනේ. එච්චරයි ඉක්මනින් ඇපත් ලැබෙනවා.

:       0       54

sena Wednesday, 30 October 2019 12:28 PM

ඕවගේ තාක්ෂණික දෝෂ නිසා කොච්චර මහාපරිමාණ හොරු, වංචා කාරයෝ, කුඩු කාරයෝ නිදහස් වෙලා ගෙදර ගියාද?

:       0       53

Mahee Wednesday, 30 October 2019 02:45 PM

නව නීතිපති දප්පුල ද ලිවේරා මහතා ඒ තනතුරට පත්වූ දා පටන්ම කිසිම පක්ෂ පාට භේදයක් නොතකා එතෙක් යට ගසා තිබුණු බරපතල නඩු එකින් එක මතුකර නඩු පැවරීමට කටයුතු කරන බව අපි දැක්කා. නිදිබරව තිබුණු නීතිපති දෙපාර්තමේන්තුව වෙනස්කොට යුක්තිය ඉටුකරලීමට කල ඒ විශාල මෙහෙය වෙනුවෙන් එතුමාට මගේ ප්‍රණාමය. හැබැයි උසාවිවල අවුරුදු ගණන් කල් යන නඩු ඉවරකරන්නට අධිකරණ සේවා කොමිසමත් යමක් කරනවා නම් අපට නීතිය ගැන විශ්වාසයක් ඇතිවෙයි, දැන් නම් තියෙන්නේ තිත්ත කලකිරීමක්.

:       340       108

mahinda Thursday, 31 October 2019 12:13 AM

නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින අය නින්දෙන් නැගිට්ටුවන්න හැකි වේවා..!! විනිසුරුවන්ට නව නීතික දැනුම ලැබේවා...!!!

:       0       1

ගාමිණී Thursday, 31 October 2019 03:54 AM

මොන බොරුද? සැබෑ වාර්තාව නම් උපදෙස් නොදී වසර 5ක් තිස්සේ පරක්කු කරන මගේ නඩුව සම්බන්ධවයි.

:       1       0

[email protected] Friday, 01 November 2019 05:06 AM

මොකක්ද මලික් අසි්ස්ගේ සහරාන්ගේ ලිපිගොනුව යට ගැහිල්ලට උනේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 826 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 953 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 388 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site