IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


තලතාගෙන් අසාත් සාලිට චෝදනා

(විනීතා එම් ගමගේ)
 
අධිකරණයේ විනිසුරුවන් පිළිබඳව මාධ්‍යයට ප‍්‍රකාශයක් කිරීමට පෙර ජනාධිපතිවරයා අගමැතිවරයා හෝ අධිකරණ අමාත්‍යවරිය ලෙස තමන් දැනුවත් කිරීමේ යුතුකමක් බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතාට තිබුණේ යැයි අධිකරණ සහ බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පැවසුවාය. 

ඔහු නගන අන්දමේ චෝදනාවක් ගැන කිසිදු විනිසුරුවෙකු සම්බන්ධව මෙතෙක් තමන් වෙත කරුණු අනාවරණය වී නැතැයි පවසන ඇමැතිවරිය  මේ ප‍්‍රකාශය හේතුවෙන් විනිසුරුවරයකුට සිත් රිදීමක් වූයේ නම් තමන් කනගාටුව පළ කරන බව ද කියා සිටියාය.

කෙසේ වෙතත් ත‍්‍රස්තවාදයට සහය දෙන බවට කවර හෝ නිලධාරියකු පිළිබඳව ඔප්පු වුවහොත් තරාතිරම නොබලා නීතිය ක‍්‍රියාත්මක කිරීමට තමන් සූදානම් බවද අමාත්‍යවරිය පවසන්නීය. 

අතුකෝරළ මහත්මිය මේ බව සඳහන් කරන්නේ සමහර විනිසුරුවන් ත‍්‍රස්තවාදින්ට සහය දෙන්නේ යැයි බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතා විසින් පසුගියදා කර ඇති ප‍්‍රකාශයක් සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමිනි.



අදහස් (16)

තලතාගෙන් අසාත් සාලිට චෝදනා

ගල්කටස් Monday, 06 May 2019 07:32 AM

ඔක්කොටම අමු කැවිලා... ලංකා ඉතිහාසයෙහි මෙවන් ආණ්ඩුවක් මීට පෙර බිහි වී නැත... අමිමො ආයෙ නොපතන් මෙවන් අාණ්ඩුවක් ...

:       214       1336

සේන Monday, 06 May 2019 07:42 AM

අනුනට ඇඟිල්ල දික් කරනුයේ තමා ගැන සැඟවීමට විය හැකිය. අතුකෝරළ මහත්මියට ඇත්තේ කණගාටු වීම නොව චෝදනා කරන්නාත් චෝදනා ලබන්නාත් ගැන සෙවීමය. මෙය කාගේවත් පෞද්ගලික ප්‍රශ්නයක් නොව. ජාතික ප්‍රශ්නයකි

:       23       256

Rohan Monday, 06 May 2019 08:09 AM

තලතා එයාගේ අපරිනිත භාවය ප්‍රධර්ශනය කරයි. අසාද්සාලි ගෙන් ප්‍රශ්න කරලා කවුද කියල අහන්නේ නැතුව නිකන් පිස්සු කතා මාධ්‍යට කියලා ගොන් පාට් පෙන්නනේ නැතුව ඉන්න.

:       194       355

Nuwan Monday, 06 May 2019 08:12 AM

මේ වගේ ලෝක විහිළු ඇහුවේ 2015 අවුරුද්දෙන් පස්සේ. ඊට කලින් 2009 ඉදන් හිටපු ආණ්ඩුවේත් මේ වගේ ජෝක් තිබුනා නමුත් මෙච්චර තදේට පිස්සු තිබුනේ නැහැ. දැන් දෙගොල්ලොම එකතු වෙලා පිස්සු කෙලින්නේ.

:       80       415

sisiraMonday, 06 May 2019 09:19 AM

සම්පූර්ණ ඇත්ත... 2015න් පස්සේ නාඩගන් මඩුවක් වෙලා මන්ද බුද්ධිකයෝ වගේ හැසිරෙන්නේ.. හැබැයි ඔවුන්ට කඩේයන බත්කන හරක් රටේ තාම ඉන්න එක ගැන කණගාටුයි.

:       53       615

Tin Tin Monday, 06 May 2019 08:14 AM

ඔන්න ඕක තමයි ප්‍රශ්නය. යමක් හරි හැටි නොදැන හරි හෝ වැරදි කියන්න අමාරුයි. පසුගිය දවස්වල සිදුවුණ දේවල් වගේමයි මේකත්. යමක් සොයබලන්නේ නැතුව ඉන්නවා.

:       0       17

Amila Monday, 06 May 2019 08:17 AM

අන්තවාදී චෝදනා එල්ලවී සිටින ආන්ඩුකාරවරු සහ ඇමති වරු බොහෝවිට තමුන්ගේ ඇග බේරාගැනීමේ සෙල්ලමක් පටන්ගෙන ඉන්නවා වෙන්නත් පුලුවන්. එක්කෙනෙක් නම් රටත් පැනලා නේද. හොරු ඇල්ලුවේ නැති පාලකයන් තමුන්ගේ පන්තියේ හෝ මට්ටමේ පිරිස් අල්ලනවා කියයි නම් හිතන්න බෑ. රට ගැන හිතන බුද්ධිමත් නායකයෙක් සහ කන්ඩායමක් මිනිස්සු ඉස්සරහට පත්කරගන්න ඔන. එහෙම නැත්තම් එවැනි නායකයෙක් රට බලෙන්ම අරන් මේ තක්කඩින් ටික අතුගාලා දාන්න ඔන.

:       7       73

Lashan Monday, 06 May 2019 08:19 AM

තරා තිරම නොබලා හහ් හහ් හා.

:       0       95

Lusena Monday, 06 May 2019 08:22 AM

තලතා, ඔයත් මොනවටද බොරු මාධ්‍ය සංදර්ශන? අසාද් සාලිගෙන් කටඋත්තරයක් ගන්න පොලිසිය යොදලා වගකියන විනිසුරුවන් ගැන... පසුව නීතිය ක්‍රියාත්මක කරන්න. ඕවා මාධ්‍යයට කිව්වා කියලා අපි මොනවා කරන්නද?

:       34       84

sam Monday, 06 May 2019 08:57 AM

ඔය ගොල්ලන්ට ඇත්ත පේන්න බැහැ. අස්සයා පැනලා ගියාම ඉස්තාලය වහන්න තමයි මේ ගොල්ලන් දක්ෂ. වැරදි මහේස්ත්‍රාත්ලා අල්ල ගන්නැතුව, ඔත්තුව දුන්නු එකට බනිනවා. මේ ගොල්ලන් එන්නේ ජනතා සේවයට කියලා. කරන දෙයක් නැහැ.

:       14       84

saman Monday, 06 May 2019 09:13 AM

ජනතාව රවටන්න බොරු බයිලා... අප ජනතාව මේ ආණ්ඩුවේ තරම තේරුම් අරගෙන ඉන්නේ.... අනික අසාද් සාලි වහාම අත්අඩංගුවට අරන් පරීක්ෂණ පවත්වන්න.

:       8       224

sirimal Monday, 06 May 2019 09:18 AM

මේ නෝනගේ අර වහන්නේ නැති උසාවි වලින් තවම කාටවත් දඬුවමක් දුන්නේ නැද්ද? මාස දෙකෙන් වැඩ කිඩ පෙන්නනවා කියලයි පටන් ගත්තේ. තවම සමහරු උසාවිය පැත්තේ ගෙන්වා ගන්නවත් බැරිවෙලා තටමනවා. තව මාස කීයද ඉතුරුවෙලා තියෙන්නේ?

:       0       81

Jaya Monday, 06 May 2019 10:15 AM

ඔබතුමියගෙන් අහලා කිව්වා නම් වෙන්නේ හරියට හොරාගේ අම්මගෙන් පේන ඇහුවා වගේ වැඩක්නේ නෝනා...!!!

:       0       113

ranjith Monday, 06 May 2019 10:22 AM

අනේ දෙයියනේ.. මේවගේ තනතුරුවලට උගත් සුදුස්සන් පත් කරන්න... අපේ නායකයින්ගේ මොලේ පහළ වේවා..!!!

:       0       172

Keppatipola Monday, 06 May 2019 10:46 AM

ඔයාට දැනුම් දුන්නයි කියලා වැඩක් නැති බව ඔයාගේ ප්‍රකාශයෙන්ම පේනවා. රිෂාර්ඩ් බදුර්දීන් රටෙන් පැනලා ගිහින්... ඔහු පැනල යන්නට පෙර ඔබ ගත්තු ක්‍රියාමාර්ග මොනවද? නිකන් ජෝකර් කෙනෙක් වෙන්නේ නැතුව ඔය නිලය වෙන කාට හරි දීලා ගෙදරට වෙලා ළමයි බලාබෙන හොඳ ගෘහසේවිකාවක් වුණානම් අඩුගානේ ළමයින්ටවත් සෙතක්...

:       0       167

Hafeel Monday, 06 May 2019 11:56 AM

කණගාටු පලකිරීම නොවේ මෙතන වෙන්නෝන. වහාම අසාද් සාලිව පරීක්ෂණයට යොමු කරන්න. ඔහුගේ මේ ප්‍රකාශය ජනතාව මුලා කරන සහ තමාට එල්ලවෙන චෝදනාවෙන් මගහරින්න කරන්න උත්සාහය. ඔහු කිව්වා මේවා ඔහුට ඔප්පු කල හැකි බවත්. දැනටමත් මේ ත්‍රස්ත කල්ලියේ දෙදෙනෙක්ව අත්අඩංගුවෙන් නිදහස් කරන්න ආණ්ඩුකාරවරු දෙදෙනෙක් සම්බන්දයි කියල චෝදනා එල්ලවී තියනවා.

:       0       37

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 502 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 310 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site