බන්දු තඹවිට
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා පියසේ ඉන්ධන පිරවුම්හල් දෙකේ සැලසුම් අනුමත කර නොගෙන ඉදිකිරීම නිසා එම සමාගමෙන් රුපියල් මිලියන දෙකකට ආසන්න දඩ මුදලක් මතුගම ප්‍රාදේශීය සභාව අයකර ගත් බව මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම් අසෝක රණසිංහ මහතා පැවසීය.
මතුගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිහිටා ඇති දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා පියසේ මාතර දෙසට සහ කොළඹ දෙසට ඉන්ධන පිරවුම් හල් දෙකක් ඉදිකර ඇති අතර එම ඉදිකිරීම් සඳහා සැලසුම් අදාළ පළාත් පාලන ආයතනයේ අනුමැතිය ලබාගත යුතු වුවත් එම සමාගම මතුගම ප්‍රාදේශීය සභාවෙන් සැලසුම අනුමත කර නොගෙන එහි ඉදිකිරීම් සිදුකර ඇත.
එහෙත් ඉන්ධන පිරවුම් හල් සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ අවසරය ලබා ගැනීමට යාමේදී එහි ඉදිකිරීම් සැලසුම සඳහා පළාත් පාලන ආයතනයක අනුමැතිය ලබා නොගැනීම නිසා තම ඉල්ලීම ප්‍රතික්‍ෂේප වී ඇත.
මේ නිසා ඉන්ධනහල් දෙකේ සැලසුම් මතුගම ප්‍රාදේශීය සභාවෙන් අනුමත කර ගැනීමට අදාළ සමාගමට සිදුවී ඇති අතර ඒ සඳහා නව සැලසුමක් මතුගම ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කර ඇත.
ඒ අනුව මතුගම ප්‍රාදේශීය සභාවේ වැඩ අධිකාරී වරයා ඇතුළු කාර්මික නිලධාරීන් විසින් එම සැලසුමේ අඩුපාඩු නිවැරදිකර නව සැලසුම අනුමත කර ඇති අතර අනුමැතියකින් තොරව කරන ලද ඉදිකිරීම සඳහා එක් ඉන්ධන පිරවුම්හළකට රුපියල් නම ලක්‍ෂ අසු දහසක් බැගින් පිරවුම්හල් දෙක සඳහා රුපියල් දහ නම ලක්‍ෂ හැට දහසක දඩ මුදලක් මතුගම ප්‍රාදේශීය සභාව අයකර ගෙන තිබේ.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.