(ඡායාරූප - ශාන්ත රත්නායක)
නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා අද (06) පෙරවරුවේ සිය නිල කටයුතු පාර්ලිමේන්තුවේදී ඇරඹිය.
එම අවස්ථාවට කතානායක කරු ජයසුරිය මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
හිස්ව පැවැති නියෝජ්‍ය කතානායක ධුරයට අයෙකු පත් කර ගැනීම සඳහා ඊයේ පාර්ලිමේන්තුවේදී රහස් ඡන්දයක් පැවැති අතර මේ සඳහා තරඟ කළ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඡන්ද 53 ක් ලබා ගත් අතර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ආනන්ද කුමාරසිරි මහතා ඡන්ද 97 ක් ලබා ගෙන නියෝජ්‍ය කතානායක ලෙස තේරීපත්විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහුට අලුත් වාහනයක් , නිලනිවාසයක් එහෙම දෙන්න ඕනේ නේද ?අනේ කාලේ වනේ වාසේ..
නැතුව නැතුව හොද සුව පහසු වාහන දෙන්නම ඕන මොකද මේ ගොල්ල කතා කලොත් අර තැටිය ගෙවිලා මේ තැටිය නැවිලා යනාදී වශයෙන් අනේකවිද ලෙඩ ගොඩවල්. හැබැයි සුදු පිරුවට යස අගේට ඇදගෙන අම්මේ පුදුම ආදරයකින් රට ගැන කතා කරන්නේ.