IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


දුම්රියට ගල්ගැසූ සිසුවා අත්අඩංගුවට

(එෆ්.අස්ලම්)

කොලඹ කොටුව සිට තලෙයි මන්නාරම බලා ධාවනය වූ දුම්රියට ගල්ගැසූ බව කියන 15 හැවිරිදි සිසුවෙකු මන්නාරම පේසාලෙයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කරිසලෙයි - ඕට්ටුතුඩුවායි දුම්රිය ස්ථාන අතර පිහිටි(කි.මී 317 -18 කණු අතර) පුදුකුඩි ඉරිප්පු නිවාස සංකීර්ණය අසලදී මෙම ගල්ප්‍රහාරය එල්ල කර ඇති අතර ප්‍රහාරයෙන් දුම්රිය එන්ජිමේ දකුණු පස වීදුරුව බිදීගොස් දුම්රිය රියදුරු සහායකයාටද තුවාල සිදුකර තිබේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද මූලික පරීක්ෂණවලට අනුව පේසාලෙයි ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවා සැකපිට පේසාලෙයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මන්නාරම මූලස්ථාන පොලිසිය වෙත අද බාරකිරීමට නියමිතය.

ගල්ගැසීමෙන් දුම්රියේ දකුණු පස එන්ජිමේ වීදුරුවක් බිදීගොස් වීදුරු කැබැල්ලක් වැදීමෙන් ලයනල් පෝල් ඩේවිඩ් නැමති දුම්රිය සහායකවරයාට සුළු තුවාල සිදුවී ඇති බවද පොලිසිය පවසයි.

වන්නි දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්,මන්නාරම කොට්ඨාස බාර පොලිස් අධිකාරී එච්.එල්.පීරිස්,සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් මත මන්නාරම මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

සැකකරු මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (6)

දුම්රියට ගල්ගැසූ සිසුවා අත්අඩංගුවට

Asiri Saturday, 28 July 2018 01:25 PM

මෙහි නම සඳහන් නොකර පල කරන්නේ නම් මේ දරුවාගේ පුද්ගලිකත්වයට හානියක් නොවනු ඇත. නීතිය ඉදිරියේදී වරදකරුවකු වනතුරු පුද්ගලයන් නිර්දෝෂි ලෙස සැලකේ.

:       451       7

shanikaSaturday, 28 July 2018 06:07 PM

ආසිරි, ලියලා තියන දේ හරියට කියවන්න. නම ලියලා තියන්නේ ළමයාගේ නොවෙයි, දුම්රිය සහායකයගෙයි.

:       2       7

D.P.LiyanageSunday, 29 July 2018 01:01 AM

මෙහි කොතැනකවත් එම සැකකාර ළමයාගේ නම සඳහන් කර නොමැත.

:       0       13

BamunuarachchiSunday, 29 July 2018 08:24 AM

දරුවගේ නම කොතනද සටහන්ව තිබෙන්නේ? කරුණාකර පෙන්වන්න.

:       0       18

රවිඳු Saturday, 28 July 2018 05:12 PM

අර පහුගිය දවස්වල මගීන් වත් අපහසුතාවයට පත්කරමින් සිදුකල දුම්රිය වර්ජනය කල නිලධාරීන්ට ගල් සමගම අසුචිත් ගැසුවා නම්, තමයි වඩා හොඳ....

:       0       0

tikiri Sunday, 29 July 2018 06:04 AM

මෙවන් දරුවන් කුඩා කලම පුනරුත්ථාපනය කළයුතුයි. නැතහොත් මොවුන් වැඩිහිටියන් වූ පසු රටටම ශාපයක් වනු ඇත.

:       0       44

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site