IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සිවශක්ති ආනන්දන් ස්වාධීන වෙන්න යයි

පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන් මහතා දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට තීරණය කර තිබේ.
 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු වාර්තාව පිළිබඳ   විවාදයේදී අදහස් දැක්වීමට අවස්ථාවක් ලබානොදීම හේතුවෙන් මෙලෙස ආනන්දන් මන්ත්‍රීවරයා දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්වීමට තීරණය කර ඇත.
 
දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පක්ෂයක් වන ඊළාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු වන සිවශක්ති ආනන්දන් මහතා, මෙම විවාදයේ තම අදහස් දැක්වීමට අවස්ථාව ලබාදෙන ලෙස අවස්ථා කිහිපයකදීම කථානායක  කරු  ජයසූරිය මහතාගෙන් ඉල්ලීම් කළේය.
 
එසේ වුවද දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ට කතාකිරීමට අවස්ථාව ලබාදිය හැක්කේ දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතාට බැවින් ඔහු සමග සාකච්ඡාකර වෙලාවක් වෙන්කරගන්නා ලෙස කථානායක කරු ජයසූරිය මහතා ආනන්දන් මන්ත්‍රීවරයාට දැනුම්දුන්නේය



අදහස් (0)

සිවශක්ති ආනන්දන් ස්වාධීන වෙන්න යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site