(අජිත්ලාල් ශාන්තඋදය)
රත්නපුර දිස්ත‍්‍රික්කය පුරා පැතිර යන ඩෙංගු රෝගය වැළැක්වීමට සබරගමු පළාතේ අලූතින් ඉදිකෙරෙන සියලූම රජයේ ගොඩනැගිලිවලට වැහි පීලී භාවිතා නොකිරීමට සබරගමු පළාත් සභාව තීරණය කරයි.
රත්නපුර දිස්ත‍්‍රික්කය ඩෙංගු අවදානම් දිස්ත‍්‍රික්කයක් ලෙස නම් කර ඇති නිසා ඉදිරියේදී පුද්ගලික සහ ආගමික ස්ථාන ආශ‍්‍රිත ඉදිකිරීම් වලද වැහිපීලී භාවිතා නොකිරීමට පියවර ගත යුතු බව ද මෙහිදී තීරණය විය.
පසුගිය තුන් මාසයට රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් ඩෙගු රෝගින් 917ක් වාර්තා වී ඇති අතර එය ගෙවුණු වසර වලට වඩා වැඩි බවද සෞඛ්‍ය බලධාරීහූ මේ සාකච්ඡාවේදි පෙන්වා දුන්හ.

COMMENTS
මොනවා.... මේවගේ දේවල් වෙන්නේ ලංකාවේම පමණි. මොකද්ද හරි බිල්ඩින්වල පීලි නැති කරන්නේ නැහැ. පිලි නැතිව වතුර හැමතැනම ගිහින් පොඩි පොඩි වලවල් හැදෙනකොට ඒවා ප්‍රයෝගිකව වහල දන්නේ කවුද. අනික එත් වතුර කොහෙහරි ගිහින් රැදෙන්න පුළුවන්. මගේ අදහස නම් ලංකාවේ මේවගේ හරි ස්ටෑන්ඩර්ඩ් එකක් නැති වැඩ සහ අති පණ්ඩිත සමහර පොතේ උගතුන්ගේ කෙටි දැක්මෙන් ගන්න තීරණ නිසා රටම පැචි ගොඩක් වෙලා. ලංකාවේ මොන මිනිස්ටර් මේ ඩෙංගු මර්දන කිරීමේ වගකීම ගන්නේ ?
අතීසාරයට අමුඩ ගැසීම !
මම නම් කියන්නේ වහලවල් උනත් ගොඩනැගිලිවලට උවමනා නැහැ කියලයි. වහිනකොට වලං මුට්ටි ටිකක් තියල වතුර එකතු කරලා තියා ගත්තහම මදුරුවෝ ඉවරෙටම ඉවරයි. නියං කාලෙට ප්‍රයෝජන ගන්නත් පුළුවන්. අහසින් වැටෙන දිය බිඳක්වත් මුට්ටියට නොවැටී මුහුදට යන්න දෙන්නේ නැති උගතුන් හිටිය සබාවක් බවට ඉතිහාසේටත් එකතු වෙනවා.
මේකට හොඳම පිළියම වැස්ස නැති කරන එකයි .ඉමෙල්ඩා මාකෝස් 1970 දශකයේදී දී එයාගේ රුපසුන්දරී තරඟය දවසේ වැස්ස නැවැත්වුවා වගේ අපේ එයා ෆෝස් එකට කියලා වලාකුළු ෆෝම් වීම වලක්වමු . ඩෙංගු විතරක් නොවේ සියලුම ජීවීන් නැතිබංගස්ථාන වෙනවා අත්දුටුවයි සත්තයි .
ඩෙංගු මර්දනය සඳහා ගත් හොඳ පියවරක්. ගොඩනැගිලි වටා ගැඹුරින් අඩු, පළල් කානු සාදා වැහි ජලය බැස යාම සඳහා යොදා ගත හැකියි.
මේ මොන විගඩමක්ද? මදුරුවන් බෝ වීම වලක්වන්න හෝ වඳ කරන්න ක්‍රමයක් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව දන්නෙම නැද්ද? ඇමති තුමාට බැරි නම් පුළුවන් කාට හරි වැඩේ බාර දීලා පැත්තකට වෙන්න.දැනට ගෙන යන ව්‍යාපාරය මුළුමනින්ම අසාර්ථකයි!