(ඩයනා උදයංගනී)
ගුරු සේවය සඳහා ක්‍රියාත්මක වන වැටුප් ක්‍රමවේදය අනුව පිරිවෙන් ගුරුවරුන්ගේ වැටුප ද පෙබරවාරි මස සිට සංශෝධනය කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා පැවසීය.
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2016( IV ) ට අනුව ශ්‍රී ලංකා විදුහල්පති සේවය, ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවය හා ශ්‍රී ලංකා ගුරු සේවය යන සේවාවන් වල වැටුප් සංශෝධනය 2022 ජනවාරි මස සිට ක්‍රියාත්මක වන නමුත් ඉහත චක්‍රලේඛය පිරිවෙන් ගුරුවරුන් සදහා අදාළ කරගෙන නොමැති බව රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.
අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර පිරිවෙන් ගුරුවරුන් සඳහා ද මෙම වැටුප් සංශෝධනය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයි බේරුගොඩ මහතා කීවේය.
ඒ අනුව“ගුරු හා විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතා ඉවත් කිරීමට ලබාදුන් අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව පිරිවෙන් ගුරුවරුන්ගේ වැටුප් සැකසීම” මැයෙන් පිරිවෙන් ගුරුවරුන්ගේ වැටුප් සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් කෙටුම්පත් කර අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව රාජ්‍ය ඇමතිවරයා පැවසීය.
අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා අනුමැතිය ලබා ගැනීමෙන් පසු පිරිවෙන් ගුරු වැටුප් සංශෝධනය කර ජනවාරි මාසයටද හිමි හිඟ වැටුප් ද සහිතව පෙබරවාරි මස සිට ගෙවීම් සිදු කරන බව හෙතෙම පැවසීය.
2025 දෙසැම්බර් මස 18
24
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පිරිවෙන් ගුරුවරැන්ගේ වැටුපත් අලුත් වෙයි