(සනත් ගමගේ)
හම්බන්තොට වරායේ සේවකයින්ට වරාය පරිශ්‍රයට ඇතුල්වීම වලක්වාලමින් හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කර තිබූ වාරණ නියෝගය අත් හිටුවා තිබේ.
එම වාරණ නියෝගය අත් හිටුවමින් අතුරු තහනම් නියෝගයක් අද (5) හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා නිකුත් කර ඇති බව වරාය සේවක සංගමයේ සභාපති අයි කේ ඔමේෂ් මහතා පැවසීය.
මෙම අතුරු තහනම් නියෝගය මේ මස 9 දක්වා බල පවැත්වෙන ලෙසට නිකුත් කර ඇති බව සේවක සංගමයේ සභාපති වරයා වැඩිදුරටත් කීය.
වරාය අධිකාරිය යටතේ මෙම සේවකයින් සිටින හෙයින් වරායට ඇතුල්වීමට පිටවීමට සේවකයින්ට කිසිදු බාධාවක් නොකරන ලෙසට මෙම අතුරු තහනම් නියෝගය පනවා ඇති බව සේවක සංගමයේ සභාපති වරයා වැඩි දුරටත් කියයි.
ඒ අනුව පවතින උපවාසය තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යන අතර වරායේ කටයුතු වලට හෝ ගමන් ගන්නා කිසිදු වාහනයකට බලපෑම් නොවන ආකාරයට සේවකයින් මෙම ස්ථානයේ රැඳී සිටින බවද පැවසීය.
2025 දෙසැම්බර් මස 30
56
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
342
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හම්බන්තොට වාරණය අත් හිටුවයි
Sathyayaa Tuesday, 05 December 2017 09:54 PM
අධිකරණයේ ස්වාධීනත්වයට ජයවේවා!