රංජන් කස්තුරි
වතුකම්කරුවකුගේ දෛනික දීමනාව රුපියල් 855 ක් ලෙස ප්‍රකාශයට පත්කරමින් අත්සන් කළ සාමුහික ගිවිසුම රජයේ ගැසට් පත්‍රයේ පළකිරිම අත්හිටුවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වූ බව දමිළ ප්‍රගතශීලි සන්ධානයේ නායකයෝ පැවසුහ.
වතුකම්කරුවකුට දිනකට රුපියල් 1000 ක් ලබාදිය යුතු බවත් රුපියල් 855 පිළිගත නොහැකි බවත් ප්‍රකාශ කරමින් දමිළ සන්ධානයේ අමාත්‍යවරුන් වන මනෝ ගනේෂන් පී.දිගම්බරන් හා රාධා ක්‍රිෂ්ණන් යන මහත්වරු අද (01) අග්‍රමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වුහ.
එම සාකච්ඡාවේ දී ගැසට් නිවේදනය නිකුත් කිරිම අත්හිටුවීමට තීන්දු කළ බව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පී. දිගම්බරන් මහතා කීය.
COMMENTS
හෙණ ටෝක් දුන්නට පුංචා බය වුණා පුටුවට ඇඩ්රස් නැතිවෙන්න යන්නේ කියලා. කෙසේ වෙතත් අප මෙසේ සඳහන් කිරීමට කැමැත්තෙමු. "කවුරු බලයේ සිටියත්" මේ අහිංසක මිනිසුන්ගේ වැටුප වැඩිකළ යුතුයි යන්න අප තදින්ම විශ්වාස කරනවා...
වතුකම්කරුවකුට දිනකට රුපියල් 1000ක් ලබාදීම කළයුතුම දෙයකි. ඉතාම දුක්ඛිත ජීවිත ගතකරන ඔවුන්ගේ ජීවනරටාව ඉහළ දැමීමට රජය ක්‍රියාකළ යුතුයි.
රවීන්ද්‍ර මහත්තයත්, හීන් නුලෙන්ම වැඩේ ගොඩ දා ගන්න හදන කෙනෙක් වගෙයි පේන්නේ? ගහ දන්නා අපිට නිකන් කොලේ වහලා ගහලා පෙන්නන්න එපා මිත්‍රයා. අපිට ඕනා කරන්නේ මොකා මොන විදිහකින් හෝ මේ අහිංසකයින්ගේ ශ්‍රමයට සරිලන වැටුපක් ගෙවීමට ක්‍රම වේදයක් ඇති කිරීමයි. වතු කම්කරුවන්ගේ ශ්‍රමය සුරාගෙන කාපු එක තමයි මෙතෙක් කල් මේ තේ වතු හිමිකරුවන් කළේ.
රුපියල් 855 කින් කොහොමද දරු පවුලක් දිනකට නඩත්තු කරන්නේ ? අහිංසක මිනිස්සුන්ගේ පඩි වැඩි කරන්න
අහිංසක වතු කම්කරු ජනතාවට රුපියල් 1000ක වැටුපක් ලැබෙන එක සාධාරණයි.
වතු කම්කරුවෙකුට දිනකට 500 හොදටම ඇති,යහපාලන රජය හොද වැඩි,
ඔය අහිංසක මිනිස්සු ටික සහ මැද පෙරදිග ඉන්න අය තමා රටට කන්න දෙන්නේ ඒ නිසා වතු වල වැඩ කරන අයට ඉල්ලන පඩිය තව වැඩි කරන්න ඕන. නිකන් ඉන්න අය කොපමණ සල්ලි ගිලිනවද
ලංකාවෙ තේ කර්මාන්තයේ අවසානය ලඟයි...
ඇමැතිල වැඩි කරන්න යනවා
1000 ක් වැඩිකරන්න පුළුවන්කම තිබියදී බොරුවට 855ක් කරලා මනෝ ගනේෂන් පී.දිගම්බරන් හා රාධා ක්‍රිෂ්ණන් බොරු වීරයෝ කරලා ඔවුන්ගේ මාර්ගයෙන් වතු ඡන්ද ටිකත් ළඟ එන ඡන්දයෙදි බාගන්න හදන්නේ කියලා හිතෙන්නේ මට විතරද? "ඔන්න උඹලා ඉල්ලපු 1000 අරන් දුන්නා. උඹලගේ ඡන්දේ අපි කියන කෙනාට. හා ද?"
ඊ.පී.එෆ්. සමග රුපියල් 855යි. අවසානයේ ඔවුන් ගන්නේ රුපියල් 750 යි. කලින් වැටුපට එකතු වී ඇත්තේ රුපියල් 20කි.
වතුකම්කරුවකුට දිනකට රුපියල් 1000ක් ලබාදීම කළයුතුම දෙයකි. ඉතාම දුක්ඛිත ජීවිත ගතකරන ඔවුන්ගේ ජීවනරටාව ඉහළ දැමීමට රජය ක්‍රියාකළ යුතුයි.
අන්තිමට අතට ලැබෙන්නේ 700ක් වගේ... මෙතන 1000ට වැඩි කරොත් වතු අස්තාවර වෙනවා ඒවගේම මේ මිනිස්සුන්ට 700කින් ජීවත් වෙන්න අපහසුයි පවතින ජීවන වියදමත් එක්ක. (වසර අවසානයේ ලොකු ලාභයක් තියෙනවනන් වතු වලට පුලුවන් බෝනස් මුදල් දෙන්න) ආණ්ඩුව කළ යුත්තේ සතොස හෝ සමූපකාර හරහා තොගමිලට අත්‍යාවශ්‍ය අහාර මේ මිනිස්සුන්ට ලබාදීම... එතකොට ඔය පවතින ගණන්වලම තියාගන්න පුළුවන්... මේ වෘත්තීය සමිතිකාරයෝ තමයි රටකන්නේ..., අහිංසක මිනිස්සු අමාරුවේ දලා.
මේ අයට ලයිට්, වතුර නිකන් ලැබෙනවා. ගෙවල් කුලී නැහැ. ආහාර අඩු මිලට... ආශ්‍රිත ගම්වල සිංහල මිනිස්සුන්ට මුකුත්ම නැහැ..