බිමල් ජයසිංහ
පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේ තීන්ත හා රසායනික ද්‍රව්‍ය ගබඩාවක ඇති වූ ගින්නකින් ගබඩාව සම්පුර්ණයෙන් විනාශ විය.මොරටුව හා ගල්කිස්ස ගිණි නිවීමේ ඒකක පැමිණ ගින්න මැඩ පවත්වා ඇත.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බණ්ධයෙන් පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.



COMMENTS
නියමයි. ගෙවල් අස්සේ මේවගේ ගබඩා තියන්න අවසර දුන්න කෙනා හොයන්න ඉස්සර වෙලාම...
පිළියන්දල, කහතුඩුව, මත්තේගොඩ ගෙවල් අස්සෙ තමා කර්මාන්තශාලා තියෙන්නෙ මිනිස්සු නොදැක්කා වගේ ඉන්නවා. ඒ පළාතේ වගකීමක් තියන හාමුදුරුවරු, ග්‍රාමසේවක, දේශපාලඥයෝ ජරාව අරන්ද කොහෙද නිහඩවෙලා. කුඩමාදුව පාරේ තැනක් තියනව එතනෙට ගෙනත් බාන්නේ ගැලුම් 45 හේ බැරල් රසායනික අඩංගු.
මේක අපේ ගෙදරට අල්ලපු ගෙදර. මම දන්නේත් නැහැ මේකේ තින්ත තිබ්බ බව. මාර ම්නිස්සු. තවමත් නිකමට අපේ ගේට වෙච්ච දේ බලන්න ආවේ නැහැ.
මෙම කර්මාන්ත ශාලාවට බලපත්‍ර නෑ එතන හොර රහසේ පවත්වාගෙන ගිය ආයතනයක් පොලිසියද පක්ෂග්‍රාහී ලෙස කටයුතු කරලා තියෙන්නේ
බෝකුන්දර මෙම ගබඩාව හොර එකක්ලු. එතනට බලපත්‍රයක් නොමැත. මේක අනියම් ආකාරයෙන් මිනීමැරුමක් පොලිසියත් මෙයට වගකිවයුතු
ගෙවල් අස්සේ රසායනික ද්‍රව්‍ය ගබඩා කරලා තියාගන්න මේ හොර ගබඩාව බලපත්‍ර දුන්නේ කවුද?
ගබඩාවේ අයිතිකාරයෝ හැමතැනම කියලා තියෙනවා පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ඒගොල්ලන්ගේ යාළුවෙක් කියලා නිසා පොලිසිය මේ ගැන ක්‍රියාමාර්ගයක් ගන්නේ නැත. මේක සම්පූර්ණයෙන්ම නීති විරෝධී ගබඩාවක්
මෙම රසායනික ද්‍රව්‍ය ගිනි ගත්තහම එන දුම පිළිකා කාරකයි. මේ සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාත්මක නොවීම බරපතළ අපරාධයක් ස්තුතියි ලංකාදීප පුවත්පත මෙම නිව්ස් එකට පොලිස්පතිතුමනි ඔබේ අවධානය පිණිසයි
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියේ හැසිරීම සැක සහිතයි. කරුණාකර මේ ගැන විධිමත් පරීක්ෂණයක් කරන්න.
මෙම ගබඩාවට බලපත්‍ර නොමැති නම් එය නීතිවිරෝධී ගබඩාවක් වේ. අනියම් ආකාරයෙන් මිනී මැරීමට තැත් කිරීමයි මෙහි අයිතිකරුව එම ස්ථානයේදීම අත්අඩංගුවට නොගත්තේ ඇයි පොලිසිය නිදි ද නැතිනම් නින්ද යවලා ද
ආරංචියේ හැටියට මෙම හොර ගබඩාවේ හොර ගබඩාවට හමුදාවේ නිලධාරියෙකු සම්බන්ධයිලු. මේකේ ඇතැම් වැඩකටයුතු සඳහා සෙබළුන් සහ වාහන යොදා ගන්න බව ද කියැවේ. ගින්න ඇති වෙච්ච දවසේ හමුදා හමුදා සෙබළුන් ඔතන කුණු ඇදලා තියෙනවා මිනිසුන් කතාවෙන්නේ සමහරු වීඩියෝ කරලා
පොලිසිය වැරදිකරුවන් අත්අඩංගුවට නොගත්තේ ඇයි? මෙහෙම පොලිසියක් පිළියන්දලට එපා...
හමුදා සෙබළුන් පුද්ගලික කටයුතු සඳහා යොදවා ගැනීම ගැන යුද හමුදාව මිලිටරි පොලිසිය පරීක්ෂණ කරන්නේ නැද්ද?
මෙච්චර දෙයක් වෙලත් පොලීසිය රස පරීක්ෂක ගෙන්වලා නෑ. මේක ඉන්ෂුවරන්ස් එකෙන් සල්ලි ගන්න කරපු වැඩක්ද කියල සැකයක් හිතෙනවා. කොහොම වුණත් පොලිසිය වැඩක් නැහැ. අපේ කඩේටත් දුම ආවා ඒක පට්ට සැරයි. ස්ථාන පොලිස් ස්ථානාධිපතිතුමනි, ඔයා ගෙදර යන්න. ඕක ළමයෙකුට දෙන්න.
මමත් ඔය කිට්ටුවම ඉන්න දොස්තර කෙනෙක් තමයි. මේ අය කරලා තියෙන්නේ නීති විරෝධී වැඩක්. මේ අය මේකට වගකියන්න ඕනෑ... හිරේ දාන්න ඕනෑ... පොලිසිය තම රාජකාරිය නිසි ලෙස ඉටු කර නොමැත.
ඔය හාදයා ගමේ මිනිස්සුන්ට තර්ජනේ දාලා. එයා ආමි එකේ කමාන්ඩෝ කෙනෙක්... හොරෙන් පැනපු එක්කෙනාද දන්නෙ නෑ. කොහොම හරි මෙතන විනාශය ගැන හොයා බලන්නට පොලිසිය උනන්දු නෑ.
ලංකාදීප... ඔබ මේ ගැන තවදුරටත් ගැඹුරින් වාර්තා කරන්න. ප්‍රවෘත්තියට ස්තුතියි. මේවා එළිකරන එක රටට කරන යහපතක්....
පිලියන්දල පොලිසිය අද දින වන විටවත් (දෙසැම්බර් 16) වැරදිකරුවන් අත්අඩංගුවට ගෙන නොමැත. මහජන උද්ඝෝෂණයක් අත ළඟ. වැරදිකරුවන්ට මෙන්ම නීතිය ක්‍රියාත්මක නොකළ රජයේ නිලධාරින් ට විරුද්ධ ව ද පරීක්ෂණ පැවැත්විය යුතුය.