(අනීෂා මානගේ)
වීරකැටිය ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට දරුවන් 15 දෙනකු ඇතුළත් කර නොගන්නා බව කියමින් මව්පියෝ පිරිසක් අද (03) වීරකැටිය තංගල්ල ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන් අවහිර කරමින් විරෝධතාවක නියැළුණහ.
වීරකැටිය ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට දරුවන් 15 දෙනකු ඇතුළත් කර නොගන්නා බව කියමින් ඉකුත් 27 දින මව්පියෝ පිරිසක් එම විද්‍යාලය ආසන්නයේ සකස් කරන ලද අට්ටාලයක නැඟ උපවාසයක් ආරම්භ කළහ.
දින හතරක කාලයක් ගෙවුණද තම ගැටළුවට විසඳුමක් නොලද හෙයින් ඔවුහු ඉකුත් 31 දින මාරාන්තික උපවාසයක් ආරම්භ කළහ.
මාරාන්තික උපවාසයේ නිරත වූ මව්වරු දෙදෙනකු ඊයේ (2) අසාධ්‍ය තත්ත්වයේ පසුවීම නිසා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කළ අතර අද අනෙකුත් මව්පියවරු පිරිස වීරකැටිය - තංගල්ල ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන් අවහිර කරමින් විරෝධතාවක් ආරම්භ කළහ.
මෙම විරෝධතාවසඳහා වීරකැටිය ප්‍රාථමික විද්‍යාලයේ 2019 වර්ශයේ පළමු ශ්‍රේණිය සඳහා ඉල්ලුම් කර ඇති දරුදැරියන්ගේ මව්පියෝ පිරිසක් එක්වූහ.



සබැදි පුවත්
වීරකැටිය උපවාසයේ යෙදී සිටි මව්වරු දෙදෙනෙක් අසාධ්‍ය වී රෝහලට
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වීරකැටියේ මව්පියෝ ප්‍රධාන මාර්ගය අවහිර කරති
අටකලන්පන්නේ අනු Wednesday, 03 April 2019 04:33 AM
ලොක්කෝ වගේ ඉන්නා මහින්දගේ ගමේ සෙට් එක.
shafeek Wednesday, 03 April 2019 04:42 AM
තමාගේ දරුවා වෙනුවෙන් නොසැලී සිටින දෙමාපියන්... ජය ජය…