
(ඩයනා උදයංගනී)
රැකියා සඳහා සේවකයින් බඳවා ගැනීමේ අවම වයස් සීමාව අවුරුදු 16 දක්වා ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
මීට පෙර මෙම වයස් සීමාව වයස අවුරුදු 15 ක් වූ අතර ඒ අනුව තව වසරකින් එය ඉහළ නංවා ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.
වයස අවුරුදු 16 තෙක් අනිවාර්යයෙන් පාසල් අධ්‍යාපන ලැබිය යුතු බවට වන නීතිමය විධිවිධානයන්ට අනුකූල වන පරිදි කම්කරු අණපනත්වල සේවකයින් සේවයේ යෙදවීමේ අවම වයස අවුරුදු 16 දක්වා ඉහළ නැංවීම මෙහිදී සිදුවන බව ඇමති රමේෂ් පතිරණ මහතා කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (17) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
ඒ අනුව 1954 අංක 19 දරන (129 අධිකාරිය වූ) සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ (සේව්‍ය හා වේතන විධිමත් කිරීමේ) පනත, 1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයේ යෙදවීමේ පනත, (135 අධිකාරිය වූ) අවම වේතන (ඉන්දියානු කම්කරු) ආඥාපනත සංශෝධනය කිරීම පිණිස වූ පනත, 1942 අංක 45 දරන කර්මාන්තශාලා ආඥා පනත යන පනත් හා 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල පනතේ ප්‍රතිපාදන අනුව 1958-10-31 දිනැතිව අංක 11573 දරන රජයේ අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් ප්‍රකාශයට පත් කරන ලද නියෝග සංශෝධනය කිරීම පිණිස වන කෙටුම්පත් නීති කෙටුම්පත් සම්පාදක විසින් සම්පාදනය කර ඇති බව ද ඇමතිවරයා පැවසීය.
කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමා කාලය 16 සිට 18 දක්වා වැඩි කළා නේද? එතකොට මේ වැඩ ගන්න යන්නේ ළමා වයසේ අයගෙන්නේ..
අවුරුදු 16ක ළමයෙක් සාමාන්‍ය පෙළ සුදුසුකම් නැතිනම් ඉතින් කම්කරු පියන් වගෙ අත පල්ලෙන් යන ආත්මයක් නැති සදහටම ණය, උකස් කාක්කට දෙකට නැවෙන සමාජයක තමයි ඉතින්.. දුප්පත් දරුවන්ට ඉගෙනුමට අතහිත දීමයි.., ආණ්ඩුවේ, සමාජයේ යුතුකම.
ආණ්ඩුවේම තීරණ ආයතනයකින්, ආයතනයකට යන්නේ ඉබි ගමනින්. මේ වයස අවුරුදු 16 නෙමෙයි දැන් 18 වෙන්න ඕනේ.
සාමාන්‍ය පෙළ විභාගය පෙර පරිදි අවුරුදු 15දී, එනම් 10 ශ්‍රේණියේදි පවත්වන්න. ලන්ඩන් A/L අවුරුදු 16දී අවසාන කළ හැක... අපේ දරුවෝ තව අවුරුදු 4ක් පාසැලේ නාස්ති කරනවා.
අනේ රමේෂ් දොස්තර මල්ලියේ..මලය 2වෙනි 3වෙනි පන්තියේදී ඉලක්කන් අඩු වැඩි කිරීම ඉගෙන ගත්තේ නැතිව කොහොමද දොස්තර විභාගේ සමත්වුනේ..? ගණිතය දැනුම දොස්තර විභාගෙට ඕනේම නැද්ද? අවුරුදු 16ට වඩා අඩුද අවුරුදු 18? ළමාකාලයේම රැකියාවක් කිරීම සුදුසුද? අප විශ්වාස කරනවා අවම වයස "අවුරුදු 10ටම වැඩි" කරා නම් වඩාත් සුදුසු නොවේද?