IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


නිධානයකින් ග්‍රෑම් 300ක මැණිකක් මතුවේ

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
නවගත්තේගම වන්නියාගම රක්ෂිතයේ නිධානයකින් ලබා ගත් බව කියන ග්‍රැම් 300 ක බරකින් යුත් නිල් මැණිකක් නවගත්තේගම පොලිසියේ නිළධාරින් කන්ඩායමක් සොයාගෙන  තිබේ.
 
නිධානය ලබා ගත් බව කියන සැකකරුවන් ආණමඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන් විසින් ලබා ගන්නා ලදැයි කියන මැණිකේ මිල නියම කිරීමට  මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට දැනුම් දෙන්නැයි වැඩ බලන මහෙස්ත්‍රාත්  සුනිල් ජයවර්ධන මහතා  නියෝග කළේය.



අදහස් (15)

නිධානයකින් ග්‍රෑම් 300ක මැණිකක් මතුවේ

PA-RA Thursday, 09 November 2017 03:56 PM

බජට් එක පියවගන්න මුදල් ඇමතිට දුන්නනම් ළූ ණූ වල ගාන බස්සව ගන්න පුළුවන්.

:       382       306

blu.blu Friday, 10 November 2017 01:03 AM

එය විකුණා ලබන මුදල භාණ්ඩාගාරයට දෙමු.පොලිසියේ මහත්වරුන්ට 2% ක් බෙදල දුන්නොත් හොඳයි.

:       84       210

ලුම්බිණි Friday, 10 November 2017 03:47 AM

මෙය පුරා වස්තුවක් නම් මිල කල නොහැකි තරමේ වටිනා කමක් තියෙනවා. මේ වගේ එකක් අරාක්ෂා කර ගන්න එක තමයි ප්‍රශ්නේ.

:       100       123

Lushan Friday, 10 November 2017 04:40 AM

මේක ඇත්ත මැණිකක් ද? .

:       2       63

darshana Friday, 10 November 2017 08:06 AM

වනාන්තරයක කොහේ හරි කවුරුවත් නොදැන පස් යට තියෙන මෙවැනි වටිනා දේවල් , කවුරුහරි මහන්සියෙන් තම දක්ෂතාවයෙන් සොයා ගත්තම වෙන රටවල්වල ඔවුන් ඉතා ඇගයීමකට ලක් කරනවා , පුරා වස්තුන් ප්‍රසිද්ධියේ වෙන්දේසි කර එම මුදල් ඔවුන්ට ලැබෙනවා, බොහෝ විට රජයේ කෞතුකාගාරවලින්ම මේවා මුදල් ගෙවා ලබා ගන්නවා . අපේ රටේ මේ අය බන්ධනාගාර ගත වෙනවා .

:       413       388

Ajith NissankaFriday, 10 November 2017 02:53 PM

අනේ ඔය කොයි රටවල්ද පුරා වස්තු හොරකම් කරාම තෑගි ගේන්නේ? මමත් කැමති ඒ රටට ගිහිල්ල ඒ ජොබ් එක කරන්න !!

:       0       141

jayaweera Monday, 13 November 2017 04:38 PM

මේ වගේ දෙයක් හොයාගත්තු කෙනා සැබෑ දක්ෂයෙක්. හොයාගත්තු නිසා තමයි අද මේක ගැන රටේ නැති නීති ගැන කතාකරන්න හොයන්නේ.

:       0       8

අසෝක ජයතිලක මිලානෝ Friday, 10 November 2017 09:21 AM

දිලිසෙන සියල්ල රත්තරන් නොවේ. එල්ලෙන සියල්ල රඹුටන් නොවේ වගේ.... නිල්පාට ගල් සියල්ල මැණික් නොවේ.

:       1       136

Nuwan Friday, 10 November 2017 11:03 AM

මැණික් නිධාන කරන්නේ දිය පහරක් ආශ්‍රිතව. මොකද දිය සීරාව නැත්නම් මැණික් බොල් වෙනවා. මෙය සත්‍ය නිධානයක්.

:       47       50

wassmtha Friday, 10 November 2017 02:53 PM

මෙය ඉක්මණින් වෙන්දේසි කරන්න. මුදල් භාණ්ඩාගාරයට දෙන්න.

:       5       0

Siri Perera Friday, 10 November 2017 03:56 PM

පොළවේ මැණික් අයිති සොයාගත් කෙනාට. මේක නිධානයක් කියන්නේ කොහොමද? රක්ෂිතය යන්නේ තේරුම කුමක්ද.? රිෂර්වේෂන්ද? නැත්නම් වර්ල්ඩ් හෙරිටේජ් යටතේ එකක්ද?

:       8       1

wasanjaya Friday, 10 November 2017 08:15 PM

වීදුරු බෝලයක් වගේ ........ නිල මැණිකක් යනු කොරන්ඩම් කුලයේ ගලකි. බොහෝවිට ඇතුලත අපද්‍රව්‍ය ඇත සාමාන්‍යයෙන් ඔප දමන්නේ පට්ටම් ආකාරයටයි. ඒ අනුව මෙය නිලක් විය නොහැක.

:       0       38

lanka Saturday, 11 November 2017 04:17 AM

මේක ඇත්ත මැණික් ගලක්ද කියලා සැකයක් ඇතිවෙනවා පින්තුරය දැක්කම...

:       0       1

Bamunuarachchi Monday, 13 November 2017 02:11 AM

පොලිස්සියත් එක්ක වැඩේ ෂේප් කර ගත්තානම් මොකද? ඒත් බලාගෙන නිදන් හොරුන්ටයි ඒවා තියා ගන්න අයටයි සාපය පසුපස්සේ එනවා. ඊජිප්තුවේ පාරාවෝ නිදන් හොරුන්ට වුනු දේවල් අසා ඇතිනේ.

:       0       22

Bandara Tuesday, 14 November 2017 11:23 AM

මේක රාවණා රජ්ජුරුවන්ගේ නිල් මැණික.....රාවණා රජ්ජුරුවන්ගේ උට්ඨාන කථාවේ එන දේවාල වලින් එකක් තමයි මේක.....

:       29       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1458 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1310 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site