
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
වෛද්‍ය සහ ඉංජිනේරු සිසුන් ලංකාවේ මුදලින් ඉගෙන ගෙන පිට රට යාම ගැන පාර්ලිමේන්තුවේ දී එකතු වී සාකච්ඡා කොට යම් පිළිතුරක් සෙවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
වෛද්‍ය පීඨ එක ශිෂ්‍යයෙක් වෙනුවෙන් ලංකා ආණ්ඩුව ලක්ෂ හැටක් වියදම් කරන බව කී ජනාධිපතිවරයා එලෙස වියදම් කරන්නේ ලංකාවේ ඉන්න කියා යැයි පැවසීය.
පුහුණු කර විදේශ රටවලට යැවූ කණ්ඩායම් ගැන බැලූ විට ඒ රටවල් අපට දෙන ආධාර වලට වඩා අප ඒ රටවල් වලට දෙන ආධාර වැඩි බවද ජනාධිපතිවරයා කීය.
මොන ආණ්ඩුව තිබුනත් මේ ප්‍රශ්නය බලපාන අතර මෙි ප්‍රශ්නයට පිළිතුරක් සෙවිය යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
COMMENTS
ආර්ථිකේ හදන්න ඕන අය බණ කියනවා.. බණ කියන්න ඕනෑ අය ආර්ථිකය හදන්න යනවා. ඒක නිසා ඉංජිනේරුවන්ට වැඩත් නෑ, පඩිත් නෑ... දොස්තරලාට වැඩ තියෙනවා... පඩි නෑ. පිළිතුර දෙකේ පන්තියේ ළමයිනුත් දන්නවා සර්...
පිළිතුරක් තියෙනවා. හරි ජනාධිපතිවරණයක්/ මැතිවරණයක් තියලා හොරුන් නොවන ආණ්ඩුවක් පත්කරගන්න මිනිස්සුන්ට ඉඩදෙන එක... ඔහේගේ ඔල්මොරොන්දම් ක්‍රියාකලාපයට පින් සිද්ද වෙන්න තමයි මේ රටේ උගත් පරපුර මෙහෙම රටෙන් යන්නේ... පුළුවන් නම් ඒකටත් අරගලය හින්දා කියන්නකෝ... දන්නේ එච්චරයිනේ..!
පිලිතුර තමයි, උබල හොරකම් කරන එක නවත්තපල්ල, මෝඩ බුරු හරක්ට මේක පාලනය කරන්න දෙන්නෙ නැතුව, උගත් මිනිස්සුන්ව දාගෙන, නීතිය රැකෙන විදිහට මෙක පාලනය කරපල්ල. නැතුව උන්ට නීති දාන්න ගිහි වැඩක් නැහැ.
ලංකාවෙ දේසපාලුවෝ.. වගේම පරිපාලකයොත් මේකට වග කියන්න්ඩ ඔනි විශේයෙන් සෞඛය අමාත්‍යංශයෙ
ඔය නාකි සහ හොරු සෙට් එකම රට හැර යන්න. එතකොට උගත්තු රට හැර යන එක නවතියි.
ලංකාවේ IT ක්ෂේත්‍රයේ විශාල පිරිසක් ලංකාව අතැරලා යනවා . එකට ලොකුම හේතුව අලුත් 36% අදායම් බද්ද .
ඒතකොට දේශපාලකයන්ට කරන වියදමට පිලියමක් නැද්ද?මෙ කාලකන්නි දේශපාලකයන් තොලන්චිවෙලා ගියොත් ඔක ඉබෙම නවතියි
එහම කියන්නට ජනතාවගෙන් ප්‍රතික්ෂේප කල ඔයාට අඩු තරමින් මේ දුරයේ ඉන්න සදාචාරයක්ද? කප්පම්කරුවන්, දුෂිතයන්, ජනතාවගෙන් ප්‍රතික්ෂේප කල පරාජිතයන්ව ඉහල තනතුරුවලට පත් කරන විට, ඒ අයට දොස් කියල හරියනවද? පහුගිය මහ මැතිවරයෙදී ජනතාවගෙන් ප්‍රතික්ෂේප කල පරාජිතයන් සේරම අද මෙයාගේ උපදේශක. මේවා හරිද?
රට හැර යනවා නම ලක්ෂ 60* පොලිය ගෙවන්න කියන්න ඕනේ. විශ්වවිද්‍යාලයට ඇතුල් වෙද්දී ඔවුන්ගෙන් මෙවැනි වගවීමකට අත්සනක් ගතයුතුයි. රට ට ඕනේ බුද්ධිමතුන් පාසල් හරහා හොයාගෙන, ඔවුන් බුද්ධිමතුන් කරාට පස්සේ රට යනවා නම් ඔවුන්ගේ රටට ආපසු දෙයක් ලැබිය යුතුමයි. රටේ බිහිවන බුද්ධිමතුන්ට සාපේක්ෂව රැකියා අවස්ථා නොලැබෙන්නේ ,රටට ආයෝජන ගෙන එන්න පාලකයින් අසමත්වන නිසා ( පාලකයින්, BOI නිලධාරින් දොළ පිදේනි ඉල්ලීම හරහා ගොඩක් ආයෝජන පිට යන එක ප්‍රසිද්ධ රහසක් ) .මේ තත්වෙට රටේ පාලකයින් ඍජුව වගකිවයුතුයි
මෙයා කතා සාප්පුවක් විතරයි
මුන් ඔක්කොම හොරකන්කර අනිත් වෘත්තිකයන්ට ජීවත් වීමටවත් බැරි පරිසරයක් ගොඩ නගා දැන් බොරුවට කෑ ගහනවා. පල් හොර හැත්ත.
සමහරු රටේ බදු නිසා පිටරට යන්ට බලනවා. ලංකාවේ මිනිසුන්ට අදායම් බදු ගෙවා පුරුද්දක් නැහැ. හිතාගෙන ඇති පිට රට ගියාම බදු නොගෙවා ඉන්ට පුළුවන් කියා.
පොහොට්ටු හොර නඩය රටම හොරා කාලා රට බංකොලොත් කළා.ඔබතුමා බලයට ඇවිත්,හොරකමට එරෙහිව පාරට බැස්ස අයට නීතිය තදින් ක්‍රියාත්මක කළා. ඒත්,හොරුන් අල්ලන්න කිසිදු පියවරක් ගත්තේ නැහැ.රට කෑ හොරුන් තවමත් දඬුවම් නොලැබ රටේ මුදල් වලින් විශේෂ ආරක්ෂාව ලබමින් සුර සැප විඳිනවා.රටේ ජනතාව නොමැරී මැරෙමින්,අපා දුක් විඳිනවා.මිනිසුන් හාමතේ සිටින, බදු බරෙන් මිරිකී සිටින මෙවන් රටක උගතුන් රට හැර නොගිය හොත් නේද පුදුමය වන්නේ.
225 යි, පළාත් සභා, ප්‍රාදේශීය සභා හොර සෙට් එකයි දූෂිත නිලධාරීන් ගොඩයි රට යැව්ව නම් ඔක්කොම හරි
උගත් කිව්වට, ඉතින් ලංකාවේ ඉගෙන ,ගත්තා නම් ඉතින් බහුතරයක් ඒ අය පල් මෝඩයෝනේ..ලංකාවට ලොක්කෝ උනාට ලෝකෙට ගියාම, ලෝකෙට නොගැලපෙන ගෝත්‍රික පැවතුම් ඇති මෝඩයෝ. ඒ කොහොම උනත් පුළුවන් කමක් තියනවා නම්, ඕනෑම කෙනෙක් මේ අපායෙන් පැන ගන්න තමයි උත්සහ කරන්නේ. අවසානයේ බල්ලන්ටම ගිය රටේ බල්ලෝ රැලක් පමණයි ඉතුරු වෙන්නේ..
ලංකාවේ උගතුන්ට ,සුදුස්සන්ට සුදුසු තැනක් දෙනවද? කිසිම උගත්කමක් සුදුසුකමක් නැති අට පාස් උනුත් පාර්ලිමේන්තුවේ .උන්ගේ උන්ට ,,හෙන්චයියන්ට සබාපතිකම්, තනතුරු දීලා වෙච්චි හරිය රටට කෙළවපු හැටි ලෝකෙම දන්නවා .වයිද්‍ය සිසුන් වෙනුවෙන් ආණ්ඩුව ලොකු මුදලක් වැය කරනවා නම් හරියට වැඩක් ගන්ඩ තිබුනා.රටම හොරාකාලා විනාශ කරපු දුශිත දේසපාලුවෝ ගැන කිසිම අවුලක් නැතුව ඇති .
නවත්තන්න ඕනේ? කඩා වට්ටපු සහ නැවතිල තියෙන ගොඩනැගිලි කර්මාන්තයට පිලියම් යොදනු. වාස්තු විද්යග්න්යන්, ඉන්ජිනේරුවන් සහ ඇස්මේන්තුවරුන් ඔක්කොම රට දාල යනව අනිත් රටවල් වලින් තියෙන ඉල්ලුම නිසා. අපේ රටේ වග කිවයුත්තන් තාම බුදි.
මෙතන වෛද්‍ය හෝ ඉංජිනේරු විශේෂයක් නෑ. අවස්ථාව ලැබුණු හැම කෙනාම බලන්නෙ රට පනින්න. ඇත්තටම දශක ගනනාවක සිටම දකින නාකි හම්පඩ හොරු රැලක් බංකොලොත් කළ රටක, උප නූපන් දරුවන් ගේ අනාගතය සුන්නත් දූලිකල රට.ත. අමාරුවෙන් උපයාගත් සොච්චමටත් නහුතෙට බදු ගසන රටක තවත් ජීවත් වන්නේ කිනම් මෝඩයෙක් ද ?
ඔව් ජනතා මුදලින් ඉගෙන ගත්තම රටට සේවයක් කිරීමට ඔවුන් බැඳී ඉන්නවා. රටේ සල්ලි වලින් ඉගෙනගෙන වෙනත් රටකට පදිංචියට ගියාම අර වියදම් කරපු සල්ලි රටට නෑ. ඔහුගේ සේවයත් නෑ. මේ සඳහා නීතිමය පියවරක් ගත යුතුයි
බටලන්දට අරන් ගිහින් කුලී හේවා පොලීසීය දම්මලා සාකච්ඡා කරමු
අවුරුදු 35 කටත් වැඩි කාලයක් පාර්ලිමේන්තුවේ ඉදලා රටට කෙලපු එවුන් ඉන්නකං මේ රටේ කිසිම කෙනෙකුට බලාපොරොත්තු තාගත නොහැකිය.
ඒකටත් හමුදාව දාලා මැඩ පවත්වන්න.
වෛද්‍ය සහ ඉංජිනේරු සිසුන් ලංකාවේ මුදලින් ඉගෙන ගෙන පිට රට යාම පිලිබඳ අර්බුදය ඉන්දියාව සහ චීනයේ ද තිබේ. නමුත් මේ වනවිට ඉන්දියාව සහ චීනය සාර්ථකව පියවරෙන් පියවර දක්ෂයන් රටින් පිටවීම අවමකරගමින් සිටී . දෙවනුව ඉනදියාව සහ චීනය ඔවුන්ගේ ආර්ථික සංවර්ධනයට අවශ්‍ය පුද්ගලයන් ( ඉන්දියානුවන් / චීන ජාතිකයන් ) නැවත ඔවුන්ගේ මවු රටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් තිබේ, ඉහල වැටුප් ලබා දී තිබීම කරතිබේ. විශේෂයෙන් චීන ජාතිකයන් උසස් අදයපනයෙන් පසු නැවත චිනටය යාම සිදුවිය.ඉන්දියානු ජාතකයන් මේවනවිට රටින් පිටවීම අඩුවක් දක්නට ලැබේ එයට හේතුව නම් විදේශය ආයෝජන නිසා ඉහල වැටුප් සහිත රැකියා බිහිවීම වේ. ඇමෙරිකානු සහ යුරෝපිය,වෙනත් විදේශය investments විශාල වශයෙන් එම රටවලට ගෙන්වා ගනිමින් සහ රජයේ ආයතන පුද්ගලික කරණය කිරීම මත ඉහල වැටුප් ලබාදීම සිදුවේ. විදේශීය investments අවශ්‍ය tax, infrastructure පහසුකම ලබාදී තිබේ.
ලංකාවේ අදයපනය ලබා විදේශ රටවල් වෙත උසස් අදයපනය සදහා පිටවන සියලු දෙනා නැවත රටට පැමිණ වසර 5 - 10ක් පමණ ලංකාවේ සේවය කලයුතු බවට සහ එම පුද්ගලයාට විසා ලබා ගැනීමේදී කිසිදු ආකාරයකට එම රටෙහි පදිංචි විය ලබාගැනීමට නොහැකි බව එම රටවල් ( සියලු යුරෝපිය රටවල්, US, Canada, australia
උඹ ඉන්නවනේ රනිලෝ අනිත් ඔක්කොම බුද්ධිමතුන්ට හරියන්න. ඒක හින්දා උන් ගියාට කමක් නැහැ.
රට යන එවුන්ට වෙඩි තියපං... බඩගිනියි කියලා කෑගහන එවුන්ටත් වෙඩි තියපං.. බෙහෙත් පෝලිං තෙල් පෝලිං... ගෑස් පෝලිං වල ඉන්න එවුන්ටත් වෙඩි තියපං.... . රස්සා නෑ කියන එවුන්ටත් වෙඩි තියපං.... හොරකං කරන එවුන් ඇරෙන්න අනික් ඔක්කොටම වෙඩි තියපං... එතකොට හරි...
වැඩ බැරි හිට්ලර් රට පාලනය කරනතුරු මේ තත්ත්වය වෙනස් කරන්න බැරිවෙයි.
බහුතර චන්ද බලයක් නැති අයටද ජනාධිපති විය නොහැකි ලෙස නීති සකස් විය්ස්‍යුතූයි.
එනිසයි අපි කියන්නේ උසස් අද්‍යාපනය නොමිලේදෙන්න එපා කියලා.
සිංහල අපි පවුල ලමයි දෙදෙනාට සීමා කරගෙන අනාගත සිංහල දරුවන්ට රැකියා පහසුකම්, වෛද්‍ය පහසුකම්, අද්යාපන පසසුකම් ඉතිරි කරනවා. අනෙක් අය හාවුන් වගේ පැටව් හදලා උන්ගේ ළමයි අපි ඉතිරිකරන පහසුකම් භුක්ති විඳිනවා. සුළු ජාතීන්ට පවුල ළමයි දෙදෙනාට සීමා කර ගන්න නීති හදන්න. දෙදෙනාට වැඩි උනොත් නොමිලේ වෛද්‍ය පහසුකම්, අද්යාපන පසසුකම් දෙන්න එපා රැකියා දෙන්න එපා. මොවුන්ට රටින් පිටවෙන්න පහසු කරන්න.
නොමිලේ උසස් අධ්‍යාපනය ලබා දීම නවත්වන්න. තමන්ගේ දියුණුව වෙනුවෙන් තමන්ගේ කැමැත්ත උඩ වෘතිය සුදුසුකම් ලබාගැනීමේදී රටේ මිනිස්සුන්ට එහි වියදම දැරීමට බල කිරීම තනිකර අසාධාරණ ඉල්ලීමක් . මොකද උසස් අධ්‍යාපනය ලබා ගන්නවද නැද්ද කියල තීරණය කරන්නේ තනි පුද්ගලයකේ තමන්ගේ දියුණුවට, නැතුව සමාජය නෙවෙයි. දෙවනුව උසස් අධ්‍යාපන අවස්ථාව මොන ක්‍රමය යටතේ වත් සියලුම දෙනාට සමානව ලැබෙන්නේ නැහැ සහ අවශ්‍යත් නැහැ. ඒ නිසා තමන්ගේ දියුණුව උදෙසා කරනු ලබන උසස් අධ්‍යාපන තීරණයට වියදම් දරන්න රටේ සමස්ත ජනතාව බැඳී නැහැ. දැන් වෙනවා වගේ අනිත් මිනිස්සුන්ගේ වියදමෙන් උසස් අධ්‍යාපනය ලබා ගැනීම සහ දේශපාලකයන් රටේ මුදල් කොල්ල කෑම අතර කිසිම වෙනසක් නැහැ. ඒ නිසා සුදුසුම දේ තමයි කැමති අයට තමන්ගේ වියදමින් උසස් අධ්‍යාපනය ලබාගෙන තමන්ගේ දියුණුව තමන්ට ඕන විදියට ලබා ගෙන කැමති රටක කැමති වෘතියක් කරගෙන ජිවත් වීමයි.
ලංකාවේ හොඳ බුද්ධිමතුන් ඉන්නව. නමුත් ඒ් බුද්ධිමතුන්ගෙන් වැඩක් නොගන්න ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. පළවෙනි ඒක සම්ප්‍රධායිකව යල් පැනපු පරිපාලනය ක්‍රමය. දෙවැනි ඒක දේශපාලන තීන්ුද්. කොහොම වුණත් රට හැර යන ඒක ගැන නොව අරට ඉන්න මිනිස්සුන්ගෙන් වැඩක් ගන්න ක්‍රමයක් හදන්න. ඒ්කට මේ පරිපාලන ව්‍යූහය සහමුලින්ම ප්‍රතිව්‍යූහගත කරන්න ඔ්නි. අනෙක් අතට උගත් අයගෙන් නොවෙයි නිදහස් අධ්‍යාපනය අපතේ හැරි අගෙනුයි ඒ් මුදල් අය කරගන්න ඔ්නි. ඉංජිනේරුවෙක් වෛද්‍යවරයෙක් වෙන්න ඔ්නම කෙනෙකුට උත්සහවන්ත වෙන්න පුවන්. A2 යි B1 යි තියන් විශ්ව විද්‍යාලයට යන්න බැරි වීම රටේ ප්‍රශ්නයක්. S 3 කින් යන්න බැරි වීම තමන්ගේ පෞද්ගලික ප්‍රශ්නයක්. කෙසේ වුණත් හැමොට උසස් අධ්‍යෘපනයට අවස්ථාව තිබිය යුතුයි.. මොන ආයතනයෙද උගතුන්ට ඉන්න දෙන්නේ. කෙණෙහිලි කම් කරලා ඒළවලා දානාව. මොකද බහුතරයක් ඉන්නේ පන්දමට ඉහළට ගියපු ඇය. ඒ් මිනිස්සු කරන්නේ ආයතනයත් කාලා උගතුන් බුද්ධිමතුන්ටත් ආයතනය ඒපා කරවීම.
ලාංකිකයන් රටහැර යාමේ හේතුවට පිලියම් යෙදිය යුතුයි. උගත්කමට දක්ෂතාවට මේ රටේ තැනක් තියෙනවද කියලා පියවි සිහියෙන් කල්පනාකර බලන්න. පන්දමට හිතවත්කම්වලට රැකියා සපයන සමාජයක් තුල මෙවැනි ප්‍රතිඵල බලාපොරොත්තු විය යුතුයි. රැකියාවක් ලැබුනත් ඒක ජීවත්වීමට කිසිසේත් ප්‍රමාණවත් නැත. එකම විකල්පය වන හැකි අය රට හැරගොස් ඒ රටවල දුකක් නැතිව ජීවත්වීමේ පරිසරය අත්කර ගැනීමට බොහෝ අය කැමතියි. ඒ නිසා රටහැර යාම වැලැක්විය නොහැකියි.
අපිට තීරණා ගැනීමේ හැකියාව තිබුනානම් අපි ඕවට විසඳුම් දන්නවා.අවාසනාවට අපි බලය දීලා පාර්ලිමේන්තු යවපු කාලකන්නි මේවාට විසඳුම් දන්නේ නෑ
තොපිලගෙ කාලක්ණ්නි රොත්ත රට අතෑරලා පලයල්ලා. එතකොට වටිනකමක් තියෙන අය මේ රට අත ඇරලා යන එකක් නෑ
නූගතුන් පාලිමන්ට් එකට යාමත් නැවැත්විය යුතුයි
නොහැකියාවෙන් පෙලෙන උඹ වගේ අය අයින්වෙයව්. ඒතකොට රට නිකම්ම හැදෙනවා.
ලංකාවේ තැන ඇත්තේ හොරුන්ට සහ දූශිතයන්ට මිස උගතුන් බුද්ධිමතුන්ට නොවේ. මාල හොරු, කුඩු මුදලාලිලා, එතෙනෝල් කාරයෝ වැනි තක්කඩි සහ කම්භ හොරු රට පාලනය කරන විට සමස්ත රටවැසියාම බඩගින්නේ සිටිති. පළමුව රට කන මන්ත්‍රී ඇමති අගමැති ජනපති සහ බහුතරයක් වූ දේශපාලුවන්ගෙන් රට මුදා ගත යුතුය.
ඒක කරන්න ඕන නම් මුලින්ම පාර්ලිමේන්තුවේ ඉන්න නූගත්, මහජනයාගේ ධනය කොල්ලකන, සෙට් එක පන්නලා පෙන්නන්න. රටේ ධනය, මහජනයාගේ ධනය හොරකම් කරපු එවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරලා පෙන්නන්න.
දවල්ද?
Mr. Wickramasinghe, go in front of mirror. You can see one of rulers accountable for these disastrous situations !
රට අපි හැර ගොහින් නොවැ ආයිබොවං
කරුණාකර ලංකාව තුල පුද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කරන්න ඉඩ දෙන්න .අපි බෙහෙත් ගන්න සල්ලි දීලා නම් සල්ලි දීලා ඉගෙන ගත්තම මොකද වෙන්නේ.අපේ බදු මුදලින් ඉගෙන ගෙන චැනල් කඩ දමාගෙන හම්බ කරනාවා ,එහෙම නොමැතිනම් පිට රට යනවා.අන්තරේට සහ දොස්තර සංගමයට බම්බු ගහගන්න කියන්න.මේක සමාජවාදී රටක් නොවේ.දොස්තරලා සහ දේශපාලකයෝ මෙහෙ සුඛෝපභෝගී ජීවිත ගත කරති
මේ පාර්ලිමේන්තුවේ සිටින හොර දේශපාලකයින් ලංකාව පාලනය කරන තුරු, ලංකාවට නැගිටීමක් නැත.එබැවින් උගතුන්ගේ වටිනාකම,අගය දන්නා රටකට සියලුම උගතුන් වහාම යනඑක තමයි සුදුසු එහෙම නැතිනම් 225 යි ඉතිරි හොර දේශපාලකයොයි උගන්ඩාවටවත් යවන්න ඕන.
ඔන්න ඕක තමයි කියන්නේ ගොන් තකතීරු දේසපාලුවෝ කරන්න දන්නා මගුලකුත් නැහැ .කරන්න පුළුවන් එකාට දෙන්නෙත් නැහැ. ගොන් තකතීරුවෝ හිතන් ඉන්නේ උන් රටේ ලොකුම පුටුවල ඉඳන් රට කාලා විනාශ කරද්දී උගත් මිනිස්සු කියන අය මෙහේ ලතවෙවී ඉඳන් උන්ට නැති නාස්ති කරන්න ධනය උපයලා දෙන්න ඕනි කියලා. ඔහේ ම කල්පනා කරලා බලනවා තමුන් කරපු එක වැඩක් වත් හරිගියාද කියාලා. නැහැ නේද? ලජ්ජා නැද්ද අයිසේ මේ චන්දෙන් බින්දුවට පැරදිලා පිනට ඇවිත් පොර ටෝක් දෙන්න.
රටක් නිවැරදි මගකට එන බවට සලකුණක් හෝ නොපෙනෙන රටක මෙය සිදුවීම අරුමයක් නොවේ . අනෙක් කරුණ දේසපාලුවන්ට සියලු දේ නිකන් ලැබුනට සාමාන්‍ය ජනතාව මෙරට හෝ පිටරට ගොස් මුදල් සෙවිය යුතුය
රට හැරයාමට හේතුව සොයා ඒකට පිළිතුරු සැපයිය යුතුයි. අපි රැකියා නොමැතිව ගෙවල් වලට වෙලා ඉන්නේ. ඒ හින්දා අපි පිටරට වලට යනවා. අපිට පිං පඩි අවශ්‍ය නැහැ. ව්‍යාපෘති සියල්ල නවතා දමා තිබෙන්නේ, දැනට. ව්‍යාපෘති චීනය සහ ඉන්දියාව මගින් ඔවුන්ගේ සේවකයන් යොදා කරගෙන යනවා. අපිට කියන්නේ ඒ දිහා බලාගෙන ඉන්න කියලද
මොවුන් හට විශ්ව විද්‍යාලවලින් ඉගෙන ගැනීමට අවස්ථාව ලබාදීමේදී අවුරුදු දහයක් රටේ සේවය කිරීමට agreement අත්සන් කරගත යුතුයි...
ඔයගොල්ලෝ වගේ සීයලා රට පාලනය කරනකන් රටේ බුද්ධිමතෙක් තියා මෝඩයෙක්වත් රටේ ඉන්නේ නැහැ...
මොකද ඒ...? හරක් රැළකට රජවුණා කියලා හිතෙන්න පටන් ගත්තද?
පිස්සු කියවන්නේ නැතුව ඉන්න. මේ උගත්තු රට රස්සාවල් වලට යන එකට කතා කරනවා. මගේ දරුවා විශ්ව විද්‍යාලේ සිවිල් ඉංජිනේරු උපාධියට ඉගෙන ගන්න ගිහිල්ලා ඔන්න දැන් ඉන්ටර්න් පුහුණුවට සයිට් එකක් හොයා ගන්නවත් නැතුව හද්ද අමාරුවක වැටිලා ඉන්නේ. ඔක්කොම ඉදිකිරීම් නවත්තලා. සිවිල් ඉංජිනේරුවන්ට ඉස්සරහට මෙහෙ රස්සාවල් ඔහේගේ ගෙදරින්ද දෙන්නේ...? මොන කෙහෙල්මලක් වත් දන්නේ නැතුව ඔය එක එකාගෙන් උපදෙස් අරගෙන ඇවිත් පිටරට රස්සාවල්වලට යනඑක ගැන නම් දොඩවනවා.
පාර්ලිමේන්තුවේ ඉන්න නූගත් ඕලමොට්ටලයින් ටික රට හැරලා යනවා නම් උගත් මිනිස්සු ටික නිකම්ම රටේ ඉතුරු වෙයි. රටත් හොඳට සංවර්ධනය වෙයි...
First of all you cunning politicians and corrupts officers leave this country go to hell, then all brains will retain here. No need to stop brain drain then.
බුද්ධිමතුන් රට හැරයාම නැවැත්වීමට නම් බුද්ධිමතුන්ව මෝඩයින් කළ යුතුයි. ඊට පස්සේ ඒ ගොල්ලන්ට විද්වතුන් කියලා ඇමතුවාම හරි...
බුද්ධිමතුන්ට තව බදුගහලා ඔවුන්ට හුස්ම ගන්න බැරි වෙනකන් ගහන්න. හොරුන්ට මහබැංකුවත් කොල්ලකන්න දීපල්ලා, ඔවුන්ට සීනි සත 25ට බදු ගහන්න... එතකොට බුද්ධිමතුන් වැඩිවෙයි ලංකාවේ. මෝඩයින් ඉන්න රටක් පාලනය කරන්න තමයි ඔබලාට පුළුවන්.
Politicians are destroying the country and given load to the people. No any social benefits. Now try to take their money by income taxes. It is not suitable. Please re-structure the system and do the needful to rectify the economy in good manner. Then, majority of people will come back to the country.
මම දන්න විදියට ලංකාවේ වෛද්‍යවරුන් මොන රටට ගියත් වෙනම විභාගවලට ඉදිරිපත් වෙන්න ඕනෑ අතින් වියදම් කරගෙන, ඒවා ඉවර වෙනකම් රැකියාව කරන්න බැහැ. මේවා කරන්න කාලයත් යනවා සෑහෙන. සමහර රට වලින් එහෙම වත් ගන්නේ නැහැ (උදා: සිංගප්පූරුව). ඉන්ජිනේරු, IT අයට වගේ කෙලින්ම රැකියාවට යන්න බැහැ. මම දශක 3ක් පිටරට ජීවත් වුණු කෙනෙක් නිසා කියන්නේ...
රට යන්න එපා කියනවා. ඒ වුණාට රට ගිය අය එවන සල්ලිවලින් බුරියානි කනවා.
ලංකාවේ සල්ලි කියන්නේ ඔහෙලගේ සල්ලි නෙවෙයි. කන බොන පරිප්පු ඇටේ පටන් සෑම දෙයකටම ඒ මිනිස්සු ගෙවපු බදු සල්ලි. රටට සතයක් හම්බ නොකොට ජනතා මුදලින් කකා බිබිී රටේ සල්ලි කොල්ලා කන උන් ළමයි රට යවලා උගන්නනවා. ඒ මදිවට ජනතා මුදලින් මළ ගෙවල් මඟුල් ගෙවල්වලත් යනවා. රටේ මිනිස්සු රටෙ යද්දි තමයි රුදාව.
උගත් බුද්ධිමත් පාලකයෝ මේ රටේ බිහිවෙනකම් වෙන රටවල් වල පිළිසරණ බලන මිනිස්සු මේ රටෙන් පිටවෙන එක වළක්වන්න බෑ .මාරුවෙන් මාරුවට හොරු පාලනය කරන රටක් වෙලා මේක
බුදුහාමුදුරුවෝ මංගල සූත්‍රයේ මුලින්ම වදාරා තියෙන්නෙ අසේවනාච බාලානං කියලා බාලයන් කියන්නෙ නූගතුන් හොරුන් මංකොල්ලකාරයො කුඩ්ඩො කසිප්පු කාරයෝ පනික්කියෝ වගේ පිරිසට කියලා කියන්න පුළුවන් ඉතින් ලංකාවෙ 2019 වනවිට ලක්ෂ හැටනවයක් ඉක්මවා එහෙම එවුන් හිටියා දැනට ලක්ෂ අනූවක් විතර ඇති .එහෙම එවුන් එක්ක උගතුන්ට බුද්ධිමතුන්ට ඉන්න බැහැනේ තවත් කතාවක් තියෙනවා බල්ලො එක්ක ලැග්ගනම් මැක්කොත් එක්කම නැගිටින්න වෙනවා කියලා ඉතින් කවුද අකමැති එහෙම තැන්වලින් ඉවත්වෙලා යන්න සිතේ සැනසීම සොයන අයට බාධා කරන්න එපා
ලංකාවෙ රජයෙ දන්ත වෙද්‍යවරයෙක්ට උදේ 8-12 පැය 4ක් සේවයකලත් රු.198,000 වැටුප දෙනව. මුලු දවසේම සේවය කරන රජයේ ඉංජිනෙරුවෙකුට දෙන්න රු.72000. ඔන්න හේතුව
ලංකාවේ කොහෙද බං බුද්ධිමත්තු ඉන්නේ. විබාග කට පාඩම් කරලා විබාග පාස් උන උගතුන්ටද මේ බුද්ධිමත්තු කියලා වලිගෙ පාගාගෙන ඉන්නේ. ඉතින් කොහොමද රට හදන්නේ.
රජයෙ මුදලින් ඉගෙන ගෙන වෙනත් රටවලට යන්න දෙන්න එපා. යනවනම් පුහුනුවට වියදම් වු ගස්තුව සම්පුර්ණණයෙන්අය කර ගන්න
නීති මගින් ඕක නවත්වන්න බැහැ. ඔබලාට කළ හැකි දේ බොහෝයි. උදා: අපනයනකරුවන් වෙනත් රටවල පාක් කර ඇති සහ දැනටත් කරන අති විශාල විදේශ මුදල් කන්දරාව මෙරටට ගෙන ඊමට බැරීද?
මාලදිවයින වගේ රටවල් වල අනිවාර්යෙන් වසර දෙකක් (මං හිතන්නේ ) රජයට සේවය කරන්න ඕනේ. වැටුප් සහිතව. රට යෑම කෙසේ වෙතත් එහේ පුද්ගලික අංශයේ රැකියා වල වැටුප් වැඩ්යි. අපේ රටේ වගේ ඇඳුම් පවා නොමිලේ දෙන්නේ නෑ පාසල්වල.