ඩයනා උදයංගනී
ග්ලයිෆොසේට් තහනම සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව සමාජ සවිබලගැන්වීම් සහ සුබසාධන අමාත්‍ය එස්.බී දිසානායක මහතා අද පැවසීය.
කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මෙන්ම වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාත් මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට කැබිනට් පත‍්‍රිකා දෙකක් ඉදිරිපත් කර තිබූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, අමාත්‍ය දුමින්ද දිසානායක සහ අමාත්‍ය නවීන් දිසානායක යන මහත්වරුන් මෙම කමිටුව නියෝජනය කරන අතර කමිටුව සඳහා සුදුසු විශේෂඥයින් නම් කරන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඔවුන්ට දැනුම් දුන් බව ද අමාත්‍යවරයා කියා සිටියේය.
මෙම කරුණ සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ පෙනී සිටින සහ ඒ ගැන සොයාබැලීම් කර ඇති පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන්ගෙන්ද කරුණු විමසා තීන්දුවක් ලබා දෙන ලෙස කැබිනට් මණ්ඩලය ඔවුන්ට දැනුම් දුන් බව ද අමාත්‍ය එස්.බී දිසානායක මහතා ප‍්‍රකාශ කළේය.
ග්ලයිෆොසේට් වෙනුවට හානිදායී නොවන විකල්ප ඇති බව ඔවුන් ප‍්‍රකාශ කරන බව කී අමාත්‍යවරයා ලෝකයේම මේ සම්බන්ධයෙන් බෙදීමක් ඇතැයි කියා සිටියේය. ඇමෙරිකාවේ ඇතැම් ප‍්‍රාන්තවල ග්ලයිෆොසේට් භාවිතා කරන අතර සමහර ප‍්‍රාන්ත භාවිතා නොකරන බවද එස්.බී දිසානායක මහතා පැවසීය.
විශේෂෂඥයින් සමඟ සාකච්ඡා කර ගන්නා තීන්දුවකට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයද එකඟ බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
COMMENTS
ග්ලිෆොසෙට් ගැන කවුරුවත් නොකී කතාවක් මම කියනවා. ඕනෑම ශාකයක පරිවෘත්තිය ක්‍රියා නිසා ඇමෝනියා නිපදවෙනවා. ඒවා ශාකයට විෂයි. එබැවින් ඒ ඇමෝනියා විස නොවන ශිකිමික් අම්ලය නම් සංයෝගයක් බවට ශාක සෛල තුල දී පරිවර්තනය වෙනවා. ඒකට කියන්නේ ශිකිමික් අම්ල චක්‍රය කියල. ග්ලිෆොසෙට් වල තිබෙන යම් රසායනයක් මගින් මෙම ක්‍රියාවලියට අදාල ජානමය ක්‍රියාවලිය අවහිර කර ශාකය තුල ඇමෝනියා සාන්ද්‍රණය ඉහල නංවා ශාකය මියයාමට සලසනවා. ගැටලුව තියෙන්නේ මෙයට යොදා ගන්නේ ග්ලාෆොසෙට් වල තියෙන යම් අභිරහස් රසායනික සංඝටකයක්. මේ සංයෝගය තමයි ඔය කියන එක්කෝ විෂ බැර ලෝහ කොටසක් හෝ වෙනත් විසක්. පුදුමය නම් මෙය මිනිසාගේත් ඇමෝනියා වෙන් කරන බහිශ්‍රාවය පද්ධතියම තමයි ඉලක්ක වන්නේ.
එ් කියන්නේ ලෝකයේ බෙදීමක් තියනවා. සමහර රටවලත් සමහර පැතිවලත් තහනම් කරලා තියනවා. එ් කියන්නේ ග්ලයිපොසෙට්වල මොකක් හරි අවුලක් තියනවා කියන එකනේ. මේකෙන් මිදෙන්න අමාරුයි තමා. ඉක්මන ලේසියට වැඩේ වුනාට මේක දීර්ඝකාලීනව භයානකයි. එ් භයානකකම තේරුම් ගත්ත අය තමා මේක තහනම් කරන්නේ දැඩි තීරණ අරගෙන. අැත්තටම කිව්වොත් ජනතාවට අාදරේ පාලකයන් මේක තහනම් කරනවා. මුදලට බලයට අාදරේ පාලකයන්. මේක පවත්වාගෙන යනවා. එ්කයි වෙනස
කමිටුව පත්කරන්න දාල තියෙන සෙට් එක්ක දැක්කම තක්කෙටේම කිව්වෙහෙකි දාන කමිටුවේ තීරණේ මොකක්ද කියල. අනේ අපේ පොඩිඑවුන්ට දෙන්න තියෙන රට ගෙන හිතුවහම බය හිතෙනවා.
විදුර ගැඹුරු වචන යොදාගෙන කියන දේ අපැහැදිලියි. මම අහන්නේ එහෙම නම් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙතෙක් ග්ලයිෆොසේට් තහනම් නොකළේ මන්ද? මොන්සන්ටෝ සමාගම හදනකොට හොඳයි. දැන් ඒකම චීනයේ හදනකොට විසයි...! ඔන්න ඕකයි ඇත්ත තත්වය. මේක තනිකරම ජාත්‍යන්තර රසායනික ද්‍රව්‍ය සමාගම් මාෆියාවේ වැඩක්. වැඩි විස්තර අවශ්‍ය නම් පස්සේ කියන්නම්.