IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මීතොටමුල්ලේ කුණු ගෙන එතියි ජා ඇල - මීගමුව සීරුවෙන්

( ප්‍රසාද් මුතුකුඩ)

මීතොටමුල්ලේ කුණු ටොන් 300 පමණ ප්‍රමාණයක්  රැගත් රථ (ඩ්‍රම්ට්‍රක්) ජාඇල පමුණුගම  ප්‍රදේශයට පැමිණ   කුණු බැහැර කිරීමට සූදානමක්  ඇතැයි  ලද තොරතුරු මත එය වළක්වාලීමට ප්‍රදේශවාසීහු අද (20) දෑලතුර ඇල ඉවුර සිට බලාසිටි නමුත් පස්වරු 2.00  වනතුරුත්  කුණු රැගත් රථ නොපැමිණියේය. 

මීතොටමුල්ල කුණු පමුණුගමට ගෙන ඒමට ගම්මුන් ඉඩ නොදීමෙන් කිසියම් උණුසුම් තත්ත්වයක් හටගතහොත් එය පාලනය කිරීමට  මීගමුව පොලිස් කොට්ඨාසයෙන් නිලධාරින් සිය දෙනකු පමණ සීරුවෙන් තබා තිබු බව ද වාර්තා විය.    



අදහස් (8)

මීතොටමුල්ලේ කුණු ගෙන එතියි ජා ඇල - මීගමුව සීරුවෙන්

daham Thursday, 20 April 2017 10:53 AM

මේ ආණ්ඩුව හරියට කරපු සහ කරන එක දෙයක් කවුරුහරි පුලුවන්නම් පෙන්නන්න.

:       157       701

athuraThursday, 20 April 2017 11:39 AM

ගිය ආණ්ඩුව අවුරුදු දහයක් හරියට කරලා ගිය නිසානේ මේ ආණ්ඩුවට මේ ප්‍රශ්න ඉතුරුවෙලා තියෙන්නේ.ඇයි පහුගිය ආණ්ඩුවේ විදුලිපුටුවට ගෙනියන අයව බේරගත්ත එක හරියටම කරලා තියෙන්නේ.

:       240       16

thilinaFriday, 21 April 2017 05:44 AM

රටේ තියෙන සියලුම ප්‍රශ්න විසඳුවානම් පැවති ආණ්ඩුව ගෙදර යවල අලුත් ආණ්ඩුවක් පත් කරගන්නේ නෑනේ.. කුහකකම නැතුව බැලුවනම් යුද්ධයකුත් ඉවරකරලා රටට ගොඩක්ම වැඩ කරපු ආණ්ඩුව තමයි ගෙදර යැව්වේ. වැඩ බැරි ආණ්ඩුවක් පත් කරගෙන දැන් ඉතින් දුක් විඳිනවා..

:       0       0

රොමේෂ්Thursday, 20 April 2017 11:42 AM

මෙතෙක් පවතී සියලුම ආණ්ඩු හරියටම කරපු එකම දේ "හොරකම" තමයි. හැබැයි මේ ආණ්ඩුවට ඒකවත් අහුවෙන්නේ නැතුව කරගන්න බැරි වුනා. ආපුගමන් මහා බැංකුව බිඳලා හත්පොලේ ගාගත්තනේ.

:       1       406

පිටිගල මිලානෝ Thursday, 20 April 2017 11:09 AM

කොළඹ කුණු ටික පාලනය කරගන්න බැරි මේ අය කොහොමද රටක් පාලනය කරන්නේ? යුද්දේ තියෙන කාලෙක නම් මේ අය මොනා කරගනියිද කියලා හිතාගන්න වත් අමාරුයි. අනේ අපොයි කරගත්ත වෙනසක මහත.

:       40       291

sanjeewa Thursday, 20 April 2017 11:20 AM

අනගැනිල්ලේ ඉවරයක් නෑ වගේ. ආණ්ඩුව කරන්නේ කවුද, මොනවද කරන්නේ කියල දෙවියෝ තමයි දන්නේ. මේ විදිහට ගියොත් නම් නන්නත්තාරයි.

:       19       184

Sisira Kumara Thursday, 20 April 2017 12:38 PM

අර කිව්ව විදිහට ඔය කුණු කන්දල් ටික එකතුවිය යුත්තේ කුණු තියෙන තැනටමය. ඊට සුදුසුම තැන දියවන්නාව හැර වෙන කොයි කොදෙව්වක්ද? පොලොන්නරුවත් හොඳයි විකල්පයක් විදිහට

:       0       0

Sam Thursday, 20 April 2017 01:06 PM

ජා ඇල-මීගමුව පැත්තේ හා පිටපලාත්වල උන් කොළඹ ආවට කමක්නැහැ හැබැයි ටොපි කොලයක් හරි දාල අහුවෙන්න එපා. කොළඹ කුණු කොළඹට කළමනාකරණය කරගන්න පුළුවන්. බලහල්ලකෝ කොළඹ තිබුන සනීපය අවුරුද්ද දවස්වල.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 13 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site