IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


ඒකාබද්ධයෙන් ශ්‍රීලනිපයට කොන්දේසි 7ක්

(අජන්ත කුමාර අගලකඩ)

එළැඹෙන පළාත් පාලන ඡන්දයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව තරග කිරීමට නම් එජාපය සමග හවුල් ආණ්ඩුවෙන් ඉවත්වීම ඇතුළු කරුණු 7ක් ඉටු කරන ලෙස ඒකාබද්ධ විපක්ෂය දැනුම් දෙයි.
ඒකාබද්ධ විපක්ෂයේ සහාය ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යොමු කළ ලිපියට පිළිතුරු දෙමින් එහි මන්ත්‍රීවරුන් 42ක් අද(2) නිදහස් පක්ෂ මහ ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් මේ බව සඳහන් කර ඇත.
ඒ අනුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් 42ක් එම ලිපියට අත්සන් තබා ඇත.
එහිදී ඔවුන්ගේ ඉල්ලීම් හතක් යොමු කර ඇති අතර ඒවා මෙසේය.
1. එක්සත් ජාතික පක්ෂය සමග කරන හවුල් ආණ්ඩුවෙන් ශ්‍රීලනිපය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත්විය යුතුය.
2. දැනට කිසිදු පාලනයකින් තොරව දිගින් දිගටම ඉහළ යන ජීවන වියදම පහත හෙළීමට පියවර ගත යුතුය.
3. ජාතික සම්පත් අන්සතු කිරීමේ නැතිනම් විදේශීයකරණය කිරීමේ ක්‍රියාවලියෙන් ශ්‍රීලනිප මන්ත්‍රීවරු ඉවත්වී එයට එරෙහි විය යුතුය.
4. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාරධර්මවලට අනුකූලව අති පූජනීය සංඝරත්නයේ මතයට ගරු කළ යුතුය.
5. රට ෆෙඩරල් කරණයට හා අවසානයේ දී බෙදී වෙන්වීමකට වුවද තුඩු දිය හැකි ආකාරයට රාජ්‍යයක් ව්‍යුහගත වෙනස් කරන ව්‍යවස්ථාව සම්පාදන ක්‍රියාවලියෙන් ශ්‍රීලනිපය වහාම ඉවත් විය යුතුය.
6. දැනට ඉදිරිපත්වී ඇති සාක්කි මත බැඳුම්කර මගඩිය තුළින් මහ බැංකුව කොල්ල කෑ අයට එරෙහිව තරාතිරම නොබලා දැඩි නීතිමය ක්‍රියාමාර්ග වහාම ආරම්භ කළ යුතුය.
7. නීතියේ ආධිපත්‍ය යළි තහවුරු කර දිනපතාම පාහේ අද පුදුම ලෙස ශක්තිමත්ව සිටින පාතාල කල්ලි අතින් සිදුවන මනුෂ්‍ය ඝාතන රැල්ල නැවැත්වීමට වහාම පියවර ගත යුතුය.
මන්ත්‍රීවරුන් කිහිප දෙනකු විදේශ ගතව සිටින බැවින් ඔවුන් මෙම ලිපියට අත්සන් කර නැති නමුත් ලිපියේ අන්තර්ගතයට  ඔවුන්ගේ සම්පූර්ණ එකඟතාවය ඇති බවත් එම ලිපියේ සඳහන් වේ.

 



අදහස් (11)

ඒකාබද්ධයෙන් ශ්‍රීලනිපයට කොන්දේසි 7ක්

Rosheen Thursday, 02 November 2017 08:32 AM

සමහර යෝජනා එකතු කරලා තියෙන්නේ නිකං ලියවිල්ල දික් කරගන්න නේ. මේවා කොන්දේසිද

:       410       305

nanayakkara Thursday, 02 November 2017 08:54 AM

අති විශිෂ්ඨයි. බොරු නොකල යුතුය.

:       308       455

Gihan Thursday, 02 November 2017 08:56 AM

එම අදහස් පිළිගත හැකි ඉතාම සාධාරණ කොන්දේසි බවයි අපටත් පෙනෙන්නේ.

:       407       723

ජයරත්න Thursday, 02 November 2017 09:15 AM

මේක ඡන්ද ප්‍රචාරණයක් මිසක් ඉල්ලීමක් නෙමෙයි. කියන තරම් බලයක් තියෙනවද කියල ප්‍රතිඵලවලින් බලාගන්න පුළුවන්.

:       384       290

saliya Thursday, 02 November 2017 09:22 AM

ඉතා හොඳ ඉල්ලීම්.

:       181       368

siri Thursday, 02 November 2017 09:30 AM

අනිවාර්යයෙන්ම ඔය ඉල්ලීම් ඉටු කරන තෙක් කිසිම බුරුලක් දෙන්න එපා.

:       255       484

rama Thursday, 02 November 2017 09:33 AM

කොන්දේසි හරියටම හරි. එහෙම තමයි ඉන්න ඕන .

:       263       471

ruwan Thursday, 02 November 2017 09:54 AM

එතකොට ඔබතුමාලා පොරොන්දු වුනු 13 දෙන්න ඕනෙද????

:       248       184

තරංග Thursday, 02 November 2017 10:26 AM

එක හැරෙන්න අනිත් හයම මෙයාල කරෙත් නෑනේ...

:       546       502

Chandana F Thursday, 02 November 2017 12:23 PM

බොහෝ ඒවා හරි , මෙම යෝජනාවලින් 85% හරි, ඉතිරිය ගැන දෙපාරක් හිතන්න.

:       7       115

purawasiya Thursday, 02 November 2017 12:44 PM

අපි ඡන්දෙටම ගිහිල්ල බලමු.

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 866 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 974 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 392 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site