බිඟුන් මේනක ගමගේ සහ තරිඳු ජයවර්ධන
පොලිස් වධහිංසාවලට වැරදිකරුවන් වන පොලිස් නිලධාරින්ට උසස්වීම් ලබා නොදීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර ඇත.
වධහිංසා සම්බන්ධයෙන් පොලිසියට එල්ල වන චෝදනා සැළකිල්ලට ගෙන මෙම තීන්දුව ගත්තේ යැයි ද එවැනි නිලධාරින්ට කිසිදු බුරුලක් දීමට පොලිස් කොමිසම කටයුතු නොකරන්නේ යැයි ද එහි සභාපති පී.එච් මනතුංග මහතා කීවේය.
පොලිස් නිලධාරින්ට එල්ල වන වධහිංසා, අල්ලස්, දූෂණ වැනි බරපතල අපරාධ චෝදනා වලදී සිදුවීම්වල ඉතිහාසය දැක්වෙන සේ සුපරීක්ෂණ ලැයිස්තුවක් පවත්වාගෙන යමින් එය පසුවිපරම් කිරීමට ද කොමිසම කටයුතු කළ බව මනතුංග මහතා කීවේය.
අදාළ නිලධාරින්ට උසස්වීම් ලබාදීමේදී ශිෂ්‍යත්ව ආදී වරප්‍රසාද ලබාදීමේදී මෙම සුපරීක්ෂණ ලැයිස්තුව දර්ශකයක් හැටියට පාවිච්චි කරන්නේ යැයි ද ඔහු පැවැසීය.
වධහිංසා සම්බන්ධයෙන් ජාතික දත්ත පද්ධතියක් සකස් කිරීමේ අරමුණෙන් ජාතික පොලිස් කොමිසම වෙනම විමර්ශන ඒකකයක් ද පිහිටු වී යැයි කී හෙතෙම රජය ක්‍රියාත්මක කරන වධහිංසා පිටුදැකීමේ ජාතික ප්‍රතිපත්තිය යටතේ නිකුත් වූ නිර්දේශයක් අනුව මෙම විමර්ශන ඒකකය පිහිටු වී යැයි අවධාරණය කළේය.
කොමිසමට පොලිස් බලතල නැති නිසා පොලිසියට චෝදනා එල්ල වන වධහිංසා සිදුවීම්වලදී පොලිස්පතිවරයාට නිර්දේශ නිකුත් කරන්නේ යැයි ද පසුව පොලිස්පතිවරයා නිර්දේශවලට අනුව ක්‍රියාකරන්නේ දැයි කොමිසම පසුවිපරම් කරන්නේ යැයි ද මනතුංග මහතා කීවේය.
මෙම නව විමර්ශන ඒකකය මගින් වධහිංසා ගැන ජාතික මට්ටමින් තොරතුරු ඒකරාශි කිරීමත් දෛනික පසුවිපරමත් සිදුවන්නේ යැයි ද ඔහු සඳහන් කළේය.
මීට අමතරව පොලිස් නිලධාරින්ට එරෙහිව එල්ල වන පැමිණිලිවලදී ක්‍රියා කිරීමට පොලිස්පතිවරයා යටතේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය ක්‍රියාත්මක වන්නේ යැයි ද සිදුවීම් වලට අදාළව විමර්ශනයක් පවත්වා චෝදනා පත්‍ර සකසා අධිකරණයට යොමු කිරීම එමගින් සිදුවන්නේ යැයි ද මනතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
සමහර අයගෙන් තොරතුරු දැනගන්න එක ඔලුව අතගාලා පුළුවන් කියලද හිතන්නේ? විශේෂයෙන් මත් ද්‍රව්‍ය වෙළඳාමේ යෙදෙන්නන්ගෙන්, සමාජ දුෂකයින්ගෙන් , . ක්‍රියාත්මක කලොත් වෙන එකම දේ අපරාද දුෂණ වැඩිවෙන එක. පොලිස්සියේ උදවිය ශේප් වෙලා ඉඳියි. ජනතාව බෙල්ලේ වැලලාගනියි. සිද්දාන්ත කොමිෂන් විතරක් ඉතුරුවෙයි. දියුණු රටවලත් පොලිසිවලට බලය පාවිච්චි කිරීමේ බලතල දීලා තියනවා. විශේෂයෙන් සංක්‍රම්නිකයන්යිගෙන්න් වන හිරි හැර මැඩ පැවැත්වීම සඳහා.
මොනවද මේ කතා ? වධ හිංසාවලට සම්බන්ධවී ඇත්නම් මොන උසස්වීම් ද.? වහාම හිරගෙට යවන්න.
අර භාවනා කළේ නැතුවට විදුලි සෝපාන ක්‍රියා කරුට කම්මුල් පාර දුන්න මහත්තයාටත් මේ නීතිය අදාලද?
ටික දවසකට කලින් යාපනයේ සිසුන් දෙදෙනෙක් බයික් එකෙන් යද්දී පොලිසියෙන් ඝාතනය කළා කියලා මතකද? පොලිසිය එ්කේ රිපෝර්ට් එක හදලා තිබුණු විදිහ සම්පූර්ණයෙන්ම බොරු වුණා. අධිකරණ මරණ පරීක්ෂණයෙන්... ඉතින් ඔවුන් පොලිසියේම කෙනෙකුට විරුද්ධව හදන රිපෝර්ට් ගැන විශ්වාස කරන්නේ කොහොමද?
එසේනම් අර කිලිනොච්චි භාර පොලිස් නිලධාරියා මිනීමැරුමකට සම්බන්ධව වාර්තා තිබියදී පොලිස් කොමිසම විසින් ඔහුව නියෝජ්‍ය පොලිස්පතිකමකට නිර්දේශය දුන්නේ මන්ද?