( නිමල කොඩිතුවක්කු)
මංගල සමරවීර මහතා කාදිනල්තුමා සම්බන්ධයෙන් සිදුකර ඇති ප‍්‍රකාශය ආණ්ඩුවේ ස්ථාවරයද යන්න පිළිබඳ වහාම රටට හෙළි කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(26) කොළඹදි පැවැසීය.
ජනාදිපතිවරයා රටේ නොමැති අවස්තාවක අග‍්‍රාමාත්‍යවරයා මේ සම්බන්දයෙන් වහාම ප‍්‍රකාශයක් සිදුකල යුතුව ඇතැයිද ඔහු සදහන් කළේය.
විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවැසීය.
ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් ආගමික නායකයෙකු නිර්දය ලෙස විවේචනය කිරිම සම්පූර්ණ වැරදියි ක්‍රියාවක් බවත් එය තමන් සම්පූර්ණයෙන්ම හෙලා දකින බවත් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

(ඡායාරූප- ලහිරු හර්ෂණ )
COMMENTS
අපිත් ඉගෙනගමු බොර දියේ මාළු බාන්න.
මේකයි එහෙනම් මේ මානව හිම්කම් කථාවෙ තිරය පිටුපස කතාව... මංගල ඇමැති ඔහුගේ මතය ප්‍රකාශ කිරීම මෙතුමට පේන්නේ විවේචන වගේ... මත ප්‍රකාශ හොඳයි. මෙතුමගේ කාලෙ වැලිවේරියේ පල්ලියේ කරපුදේට වඩා...
මහානායක ස්වාමින් වහන්සේලාගේ විරෝධතාව නොතකා දළදා මාලිගාව ඉදිරිපිට කාර් රේස් පැදවීම, පහුගිය ජනාධිපතිවරණ සමයේ රතන හාමුදුරුවන්ට අපහාස වෙන අන්දමින් උද්ඝෝෂණය කිරීම... මේවා අමතකද? තමන් කරනකොට හරි. අනුන් කරනකොට තමයි වැරදි. දෙගොල්ලන්ම එකයි.
කොහොම වුණත් බෞද්ධයෙක් විදියට මටනම් කාදිනල්තුමා ගැන තියෙන්නේ විශාල ගෞරවයක්... උන්වහන්සේ යමක් කිව්වා නම් එ්ක හරි කියලයි අපිට පේන්නේ...
කුඩු එතනෝල් දෙන්න දෙපැත්තේ අබා කොස්තා පියතුමා ගැනත් ඔය ගමන්ම කියලා දැම්මනම් හරිනේ.... මුළු මීගමුවම දන්නවා අබා කොස්තා පියතුමාගේ ඝාතකයෝ කවුද කියලා. එහෙත් අද ඔය ලස්සනට මාධ්‍ය සාකච්ඡා තියන්න රට අන්දලා...
මහනායක ස්වාමින්වහන්සේලා වගේද කාදිනල්තුමා ඒක තේරුම් අරගන්න එපායැ අපේ හාමුදුරුවනේ !!!
සමහර නායක හිමිවරුන්ට වඩා කාදිනල්තුමා හරි... අදහස් කෙලින්ම කියනවා.
මෙතුමා අහල තියෙන දේ කිසිම වැරැද්දක් නැත.. මෙතුමා එම ප්‍රශ්නෙන් අහලා තියෙන්නේ ආණ්ඩුවටත් මොලේ අමාරුවක් තියෙනව ද නැද්ද කියලයි... ආණ්ඩුවට තියෙන්නේ නැත්තන් 'නෑ' කියන්න විතරයි. එතකොට ඩොලර් එකේ අඩු වැඩිවීමටත් ආණ්ඩුවට උත්තරයක් ලැබෙනවා...
හිටපු ගරු ජනාධිපතිතුමනි, ඔබතුමා ඔය දෙපැත්තේ ඉන්න දෙන්නට අහුවෙන්න එපා.. එයාලා හදන්නේ ඔබතුමා මගින් රටට හොඳ මුණු පෙන්නන්න. ඔය මිනිස්සුන්ට කතෝලික හෝ ක්‍රිස්තියානි ආගමට සත පහක වැඩක් නැති දුරාචාරයම පමණක් ජීවිකාව කරගත්තත් අබා කොස්තා පියනම ඝාතනය මත්ද්‍රව්‍ය සහ වෙනත් අකටයුතුකම් රාශියකට කෙනෙක් සම්බන්දයි. අනෙකා එතනෝල් බෙදාහරින්නෙක්... රටේ මිනිස්සුන්ට සැබෑ ආදරයක් තිබේ නම් ඔය විෂබීජ නසන්න...
ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් ආගමික නායකයෙකු නිර්දය ලෙස විවේචනය කිරිම සම්පූර්ණ වැරදියි ක්‍රියාවක්ද?
රැවටෙන්න එපා... මෙයා දක්ෂ නළුවෙක් !