IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


විමලසුරේන්ද්‍ර පිටාර ගලයි

(සුදත් එච්. එම්. හේවා )
 
මධ්‍යම කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් ඉහළ යාමත් සමඟ විමලසුරේන්ද්‍ර ජලාශය පිටාර ගැලිමට ලක්ව  තිබේ.
 
15 වන දින දහාවල් සිට මධ්‍යම කදුකරයට ඇද හැලෙන මෙම වර්ෂාවත් සමඟ විමලසුරේන්ද්‍ර ජලාශය පිටාර ගැලිමට ලක්ව ඇති බවත් ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් අගල් දෙකක් පමණ විවෘත කිරිමට පියවර ගත් බවත් එම ජලාශ බාර නිලධාරියකු පැවසීය.
 
පවතින වර්ෂාවත් සමග දියගල ප්‍රදේශයේ නිවසක් මතට ගලක් පෙරැලීමෙන් එම නිවසට හානි සිදුව ඇති අතර දියගල නොර්ටන් මාර්ගයේ තැන තැන පස් කදු මාර්ගයට කඩා වැටිමෙන් එම මාර්ගයේ රථා වාහන ධාවනය කරවිමෙදි ඉතා කල්පනාකාරිව රථ වාහන ධාවනය කරවිමට පියවර ගැනිමට සියලු රියදුරන් පියවර ගත යුතු බව නොර්ටන් පොලිසියේ  නිලධාරියකු පවසන ලදි.
 
පවතින මෙම වර්ෂාවත් සමග විටින් විට හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හා හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ දැඩි මීදුම් තත්වයන් පවතින බවත් ඇති අතර තැන තැන පස් කදු කඩා වැටිමක්ද සිදුව ඇත.

එම තත්වයන් මත මෙම මාර්ගවල රථ වාහන ධාවනය කරවිම ඉතා කල්පනාකාරිව සිදු කල යුතු බව හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලදි.
   



අදහස් (0)

විමලසුරේන්ද්‍ර පිටාර ගලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 61 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site