(අංජුල මහික වීරරත්න)
තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රියා කරන්නේ එක් ජාතියක් හෝ ආගමක් ඉලක්ක කරගෙන නොව සියලුම ශ්‍රී ලාංකික තරුණ තරුණියන් වෙනුවෙන් බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය.
"යූත් ක්ලබ්" දිස්ත්‍රික් මණ්ඩල පිහිටුවීම අරඹමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය. ඒ අනුව Youth Club කිලිනොච්චි දිස්ත්‍රික් සම්මේලනය කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මෙරට තරුණ තරුණියන් ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත් කිරීමේ වැඩපිළිවෙළ මේ වනවිට ආරම්භ කර ඇති බවත්, මෙරට තාරුණ්‍යයට ඔවුන්ගේ මාර්ගය තෝරා ගැනීමට youth club හරහා ප්‍රවේශයක් හිමිවන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
Youth Club සමග සම්බන්ධ වීමෙන් රජය සමඟ සෘජු ව සම්බන්ධ විය හැකි ව්‍යුහයක් නිර්මාණය වන්නේ යැයි කී නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ ඔස්සේ නව අදහස්, යෝජනා මෙන්ම විවේචන ද ඉදිරිපත් කිරීමට හැකි බව සඳහන් කළේය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
’’ අපි වැඩ කරන්නේ එක ආගමක් ජාතියක් ඉලක්ක කරගෙන නොවේ’’
ගුණරත්න Sunday, 27 July 2025 04:15 PM
බු හා හා, ඒ වුණාට තනතුරු දෙන්නේ පක්ෂේ උන්ට.
පන්සිළු Sunday, 27 July 2025 04:18 PM
එහෙම කවුරු හරි වැඩ කළාද ?
ටිල්වින් සීයා Sunday, 27 July 2025 04:57 PM
අපි වැඩ කරන්නේ මොකක් හරි අපිට වැඩියෙන්ම ගෙවන ආගමටයි, ජාතියටයි. ඇයි අවුල්ද?
pakeer Sunday, 27 July 2025 06:50 PM
ඕනම කෙනෙක් මුලින් තැන දෙන්නේ තමන්ගේ කෙනාට... ඒක මූලික මානසික ගතියක්...