IMG-LOGO

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා


’’ලංකාවට ලෝකයෙන් ඉහළ පිළිගැනීමක්’’

(අංජුල මහික වීරරත්න)

ලංකාව ගැන ලෝකයේ ඉහළ පිළිගැනීමක් සහ යහපත් ප්‍රතිරූපයක් ගොඩනැගෙමින් පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

බොහෝ රටවල් ලංකාව සමඟ සුහදශීලී ගණුදෙනු සඳහා අවතීරණ වී ඇති බවද අමාත්‍යවරයා කීය.

අමාත්‍යවරයා මේ බව කීවේ දර්ගා නගරය ප්‍රාදේශීය රෝහලේ  ඉදිකරන ලද තෙමහල් නව කායික රෝග වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

චීන රජයේ ආධාර යටතේ තෝරාගත් රෝහල් 13 ක සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ රුපියල් බිලියනයක  වියදමින් මෙය ඉදි කර තිබෙි.

මහල් 03 කින් සමන්විත මෙම ගොඩනැගිලි සංකීර්ණය ඇඳන් 04 කින් යුත් හදිසි ප්‍රතිකාර ඒකකයක්, ඇඳන් 96 කින් සමන්විත ළමා සහ මාතෘ වාට්ටු ද ඇතුළු වාට්ටු 04 කින් ද බාහිර රෝගී අංශය ඇතුළු අංශ ගණනාවකින් ද සමන්විත වන අතර මෙම කායික රෝග වාට්ටු සංකීර්ණයට අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ අනෙකුත් උපකරණ සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ලබා දීමට  නියමිතය.



අදහස් (0)

’’ලංකාවට ලෝකයෙන් ඉහළ පිළිගැනීමක්’’

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32856 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15455 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 10015 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 176 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 483 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1409 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site