IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


’’අල්ලස් පනත්වල බරපතළ අඩුපාඩු’’

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අල්ලස් කොමිෂන් සභා පනත්වල  බරපතළ අඩුපාඩු පවතින බවත් ඉංග්‍රීසි පනත කියෙව්වොත් තමාට මේ තනතුරේ පවා රාජකාරිය කිරීමට නොහැකි  බවත්  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් මහාධිකරණ විනිසුරු  රංග  දිසානායක මහතා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ  පැවසීය.

කොමිෂන් සභා පනත සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත අතර ගැටීමක්  තිබෙන බවත්  මේ තත්වය යටතේ මෙහි පොලිස් නිලධාරීන් සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන් පවා    සිටිය නොහැකි බවත් දිසානායක මහතා කීවේය

මේ ගැටළු  හේතුවෙන් තමා අපහසුතාවයට පත්ව සිටින බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.

අද අල්ලස් දූෂණ නඩු අහන්නේ කොළඹ පමණක් හෙයින්   රුපියල් දෙදහසේ අල්ලස අල්ලන්න  රුපියල් 20000ක් වියදම් කරගෙන යාපනය වැනි දුර බැහැර ප්‍රදේශවලට යෑමට සිදුවන බවද   හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට අල්ලස් හෝ  දූෂණ චෝදනා විමර්ශන  සභාවේ නිලධාරීන්  සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්   කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

රංග දිසානායක මහතා මෙසේ ද පැවසීය

මේක හරි අවාසනාවන්ත තත්වයක් ගරු සභාපතිතුමනි. අද අල්ලස්  දූෂණ සම්බන්ධ නඩුව අහන්නේ කොළඹ විතරයි. අපි රුපියල් දෙදහසේ අල්ලස අල්ලන්න රුපියල් විසිදාහක් විතර වියදම් කරගෙන   යාපනය වැනි දුර බැහැර ප්‍රදේශවලට යන්න ඕන. ඒකෙ තවත් අවාසනාවන්ත පැත්ත තමයි. ඒ නඩුවල ඔක්කොම මිනිස්සු කොළඹට එන්න ඕන සාක්ෂි දෙන්න. අධිකරණ බලය විමධ්‍යගත කිරීමෙන් මෙය වැළැක්විය හැකියි.

ඒ වගේම කොමිෂන් සභාවේ කාර්යාල දිස්ත්‍රික් මට්ටමින්  පිහිටුවන්න අපි යෝජනා කරලා තියෙනවා.හැම දිස්ත්‍රික්කයකටම එක කාර්යාලය බැගින්.

තවත් බාධාවක් තියෙනවා 2023 ඉඳලා මේ කොමිෂන් සභාවට ආවේණික කාර්ය මණ්ඩලයක් නැහැ. ඒ කාර්ය මණ්ඩලය හදන්න බැරි වෙලා තියෙන්නේ  පාරිශ්‍රමිකයන් පාර්ලිමේන්තුව තීරණය කළ යුතු නිසයි. මෙතැනදි රාජ්‍ය මුදල් කළමනාකරණ පනත සමග ගැටීමක් ඇතිවෙලා. මෙය යම් වෙලාවක අභියෝගයට ලක්විය හැකියි. මේ තත්ත්වය යටතේ මේක ඇතුළේ පොලිස් නිලධාරීන් සහ අනෙකුත්  රාජ්‍ය  නිලධාරීන් අනිවාර්යෙන්ම ඉන්න බැහැ.  මා දැඩි අපහසුතාවයක ඉන්නවා.  මොකද  මේ තත්ත්වය  නීති විරෝධීයි.අලුත් කොමිසමට අවශ්‍ය නිලධාරින් පත්කරගන්න ඕන.  පරණ නිලධාරීන්ම මෙතන  දිගටම රාජකාරිය කරගෙන ගියා.

කොමිසමට බඳවා ගත්තු හැට තුනක් ඉන්නවා. ඔවුන් කැමති නම් ඉන්න පුළුවන් නැත්තං  විශ්‍රාම ගැනීමේ  වැඩ පිළිවෙළක් යටතේ යන්න පුළුවන්. අලුත් සේවකයන් 26 වගන්තිය යටතේ පත් කරගන්න ඕන.  ඒ වගේම කොමිෂන් සභා  පනත්වල සිංහල සහ ඉංග්‍රීසි  පිටපත්වල   විශාල වෙනසක් තිබෙනවා.  ඉංග්‍රීසි එක කියෙව්වොත් හරි විදිහට නම් මට මගේ තනතුරේ ඉන්නත් බෑ



අදහස් (0)

’’අල්ලස් පනත්වල බරපතළ අඩුපාඩු’’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 235 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 770 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site