(විමුක්ති එස් රුද්‍රිගු)
දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින ශ්‍රී ලංකාවට ලබාදුන් ණය පහසුකම් යටතේ ජල ප්‍රහාරක රථයක් ආනයනය කර ඇතැයි පළවන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් නිවේදනය කළේය. එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.
"ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය ආහාර,ඖෂධ සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ඉන්දියාව ලබාදුන් ඩොලර් බිලියනයක ණය පහසුකම හෝ වෙනත් කිසිඳු ණය පහසුකමක් යටතේ ජාල ප්‍රහාරක රථයක් සපයා නැත.සපයා ඇතැයි පළවන වාර්තා වල සත්‍යතාවයක් නොමැත.මෙවැනි සාවද්‍ය වාර්තා ශ්‍රී ලංකාවේ ජනතාව මුහුණ දෙන අඛණ්ඩ අභියෝගවලට මුහුණ දීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගයට කිසිඳු සාධනීය දායකත්වයක් ලබා නොදේ"

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චෝදනාව තියෙන්නේ ශ්‍රී ලංකාවේ සංචිත මුදල් පාවිච්චි කර අදාල රථය මිලදී ගත්තා යන්නයි. බයිලා ගහන්න එපා...
මේවගේ වැඩ ලංකාවේ නම් කරත් ඉතින් ඒකෙ පුදුමයක් නැහැ. ඉන්දියාව කියලා ඉතින් ඒකෙ වෙනසකුත් නැහැ. මොකද එයාලගෙ මිනිස්සුන්ට මළපහ කරන්න වැසිකිළි නැතත් අනිත් අයට ණයට දෙන්න සල්ලි තියෙනවනේ.