IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


‘‘විෂ පොල්තෙල් වෙළෙඳ පොළට ගිහින් නෑ‘‘

(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහීකවීරරත්න)

පිළිකා කාරක ඇපලටොක්සීන් අඩංගු පොල්තෙල් එක බිඳක් හෝ වෙළෙඳපොළට නිකුත් වී නැතැයි  තමා වගකීමෙන් ප්‍රකාශ කරන බව පොල් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවැසීය.

පොල්තෙල්වල අඩංගු වන  ඇපලටොක්සීන් කියන විෂ රසායනය පිරිපහදුවේදී ඉවත් වන නමුත් ආන්දෝලනාත්මක පොත්තෙල් තොගයේ ඇපලටොක්සීන් වැඩි ප්‍රතිශතයක් අන්තර්ගතවී  පවතින හෙයින්  පිරිපහදුවේදී ඒවා ඉවත් නොවන බවත් එම තෙල් තොගය ප්‍රතිඅපනයනය කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දි ඇත්තේ ඒ අනුව බවත් රාජ්‍ය අමාත්‍යවරයා කියයි.

ඒ අනුව එම පොල්තෙල් තොගයෙන් එක බිඳක් වෙළෙඳ පොළට නිකුත් වී නැතැයි ද ඔහු කීය.



අදහස් (14)

‘‘විෂ පොල්තෙල් වෙළෙඳ පොළට ගිහින් නෑ‘‘

sachith Friday, 26 March 2021 11:49 AM

මරු එක්කෙනා කියන්නේ. මේකෙන්ම ඔප්පු වෙනවා අශ්වයා පැනලා ගිහින් ඉවරයි කියලා.

:       0       117

nimalFriday, 26 March 2021 04:54 PM

මේ රජයට තෙල් සහ සීනි වැඩිවෙලා වගේ මේ අය කියන ප්‍රකාශ බොරු කියලා රටේ ජනතාව දන්නවා.

:       0       0

BamunuarachchiSaturday, 27 March 2021 03:41 AM

ඇත්ත... පොල්තෙල් අශ්වයා ඉස්තාලයෙන් පැන්නේ පොල්තෙල් පිරිපහදුවට. එතැනින් පිරිපහදු වෙලා තමයි එළියට එන්නේ. වැරැද්ද මොකක්ද?

:       38       0

fairoosSunday, 28 March 2021 07:13 AM

මෙන්න වහලලු

:       0       1

de silva Friday, 26 March 2021 01:17 PM

විෂ පොල්තෙල්? දැන් ඔබතුමා නිවෙස් නිරෝධායනය ගැන කතාකරන්නේ නැත්තේ මොකද?

:       0       41

rajinda Friday, 26 March 2021 02:02 PM

කොන්ද පණ තියෙන නායකයෙක් හිටියා නම් එක එකාට මේ විදිහට පිස්සු නටන්න දෙන්නේ නැහැ. අපේ රටේ අවාසනාවට තවම එහෙම කෙනෙක් නැහැ.

:       0       62

බද්රානි Friday, 26 March 2021 02:22 PM

"පුහුල් හොරා කරෙන් දැනෙයි" කිව්වලු. සමහරවිට, ඒ ගොල්ලන්ගේ පැත්තේ, "හොරාට කලින් වැට පනිනවා" ත් ඇති මගේ හිතේ...

:       0       52

gamge Friday, 26 March 2021 02:32 PM

අන්න දඹුල්ලෙන් කඩ දෙකක් අල්ලාලු විෂ පොල්තෙල් විකුණලා... වියත්මගේ සගයාගේ කම්පැණියෙන් ආනයනය කරපු ඒවානේ. එයාට නඩු නැතිව ඇති.

:       0       42

විපරමා Friday, 26 March 2021 03:39 PM

මෙයා කිව්වා නම් ආයේ දෙකක් නැහැ. ෂුවර් එකටම හරි. අපි නොදන්න දේශපාලුවෝ...

:       0       0

Rata Perata Friday, 26 March 2021 03:55 PM

විෂ පොල්තෙල්... මොකක්ද එතනෝල් ගැන කියන්නේ? ඡන්දෙ දෙන අයට තමයි අල්ලගෙන ගහන්න ඕනෑ.

:       0       0

kahawita Friday, 26 March 2021 04:37 PM

නියම බඩුවක් කියන්නේ. පළාතටම කසිප්පු දෙන එතනෝල් මුදලාලිලා තමයි. හිටපු පොලිස් ඒකකයත් විසුරවා හැරලා ASP වත් මාරුකළානේ... රටේ රූකඩ පාලකයෝ ඉන්නකොට ඔහොම තමයි.

:       0       0

de silva Friday, 26 March 2021 10:35 PM

අවුරුදු 7කට පමණ පෙර එක්නැලිගොඩ ඉතාලියේදී දැක්කා. 2019 අප්‍රේල් මාසේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට දඬුවම් දීම. පසුගිය මාසේ හෝටල් නිරෝධායන මාෆියාවට විරුද්ධව සටන් කිරීම සහ නිවස නිරෝධායනය කිරීම... මේ සියලු ප්‍රශ්න දැනි විසඳිලාද? විෂ පොල්තෙල් ප්‍රශ්නයත් සති 2-3කින් යට යාවිද?

:       0       31

මුණසිංහ Saturday, 27 March 2021 02:00 AM

පසුගිය දිනක වෙළඳපොලින් මම ගනිපු පොල්තෙල් බොර පාටයි. දවස් 2ක් යන කොට බෝතලය පතුලේ මණ්ඩි තැන්පත් වුණා. එහෙමකට පොල්තෙල් සුවඳකුත් නැහැ. සැක නිසා කෑමට භාවිතා කළේ නැහැ. පහන පත්තු කරන්න පමණක් තියා ගත්තා.

:       1       10

siri Saturday, 27 March 2021 07:17 AM

ඒ වුණාට කඩවල්වල විකුණන්න තියෙනවා. මාර වැඩක් ලංකාවට වුනේ...

:       0       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 241 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 74 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site