(යොහාන් භාසුර)
පරිභෝජනයට නුසුදුසු ආනයනික පොල්තෙල් කන්ටේනර් ආනයන කළ සමාගම්වල ගුදම්වලට යොමුකළ බව රේගු අධ්‍යක්‍ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජනරාල් ජී. වී. රවීප්‍රිය මහතා අද (24) පස්වරුවේ පැවසීය.
රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පැවසුවේ පොල්තෙල්වල ඇෆ්ලටොක්සීන්ස් රසායනික ද්‍රව්‍ය ඇතුළත්ව තිබේද යන්න පරීක්‍ෂා කිරීමට දවස් කීපයක් ගතවන නිසා අදාල කන්ටේනර් ආනයනික සමාගම්වල ගුදම් වලට නිකුත් කළ බවයි.
එම සමාගම් දෙක ආනයන කළ පොල්තෙල්වල ඇෆ්ලටොක්සීන්ස් රසායනිකය අඩංගු යැයි මේ මස 4 වැනිදා රේගුව දැනුවත් වූ බවත් එම පොල්තෙල් තොගය වාහාම ප්‍රතිඅපනයන කරන ලෙස අදාල සමාගම් දෙකට දැනුම් දුන් බවත් රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පැවසීය.
එම සමාගම් දෙකෙන් ආනයන කළ රසායන ද්‍රව්‍ය අඩංගු පොල්තෙල් පරිභෝජනය සඳහා නිදහස් වී නොමැති බව රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කීය.
COMMENTS
ලංකාවේ නිෂ්පාදනය කරන පොල්තෙල් වුණත් විෂ වෙන්න පුළුවන්. ඒවායේ ප්‍රමිතිය පරික්ෂා කළ යුතුයි.
ජනතාව මේ රටේ පොල්තෙල් පාවිච්චි කළත්, ඒ කන්නෙත්, ෆාම් ඔයිල් කලවම් කරපුවා. පොල් ගෙඩියක් ගෙදර හිඳලා මේ දෙකේ වෙනස බලන්න. යුද්ධයට දක්ෂ නිලධාරීන් සිවිල් පරිපාලනයටත්, ඒ විදිහටම දක්ෂ වෙන්න පුලුවන්ද? අනේ මන්දා මේවා... මේ රටේ බොහෝ කෑම වලට වසවිස දානවා. කහකුඩු, මිරිස්කුඩු, ඩයි කරපු හාල්, ෆෝමලින් ගැසූ මාළු, ආදාහනාගාර වල වේලපු කරෝල ඇතුළු බොහෝ ජරාව තමයි මිනිසුන් කන්නේ. මොනවා කරන්නද? ඒක තමයි රටේ නැති ලෙඩ හැදෙන්නේ.. කෑම බීම වලට වසවිස දාන අය අල්ලා උල ඉන්දන නීතියක් ගේන්න ඕනේ.
තාවකාලිකව වෙන්න ඇති... නේද?
අදාල ආයතන දෙකේ නම් හෙළි නොකරන්නේ ඇයි?
එතකොට ඒ සමාගම් දෙකට ගත්ත නීතිමය පියවරක් නැද්ද?
පොල් අක්කර ගණන් කපන එකේ විපාක ජනතාවට විඳින්න වෙලා තියෙන්නේ. මෙය ජනතාවට අමතක වූ සැණින් වෙළඳපළට නව නීති මගින් ලංකාවට ගෙන්වනු ලබන සෑම ද්‍රව්‍යයකටම රේගුවෙන් නිදහස් කිරීමට ප්‍රථම පාරිභෝගික අධිකාරිය සහ ප්‍රමිති ආයතන සහතික ලබාගත යුතුයි කියා නව නීති පැනවිය යුතුයි.
මේ කියන්නේ මොකක්දකියලා තේරෙන්නේ නැහැ. "ප්‍රතිඅපනයන කරන ලෙස අදාල සමාගම් දෙකට දැනුම් දුන් බවත්...",ඊට පස්සේ එයාම පරීක්ෂා කරනවද? ඉස්සර සතොසේ හිටපු කීර්තිමත් සභාපති කෙනෙක් කිව්වා නේද? ... දැන්මේකේ විෂ රසායනිකය මේකෙ නැහැ කියලා. කරුණාකර මේ සමාගම්වල නම් හෙළි කරන්න. විශේෂයෙන්ම ආහාර සම්බන්ධ දේවල්වලට..
කඩේ නොයන මාධ්‍යකරුවෙක් නම් ඇයි මේ ආයතන දෙකේ නම් හෙළි නොකරන්නේ?
ඒ ඒ කාලවලදී කුමක් හෝ සංකල්පයක් එළියට එනවා. මෙයත් එවන් දෙයක් වගේ. මෙයද සැලසුම් සහගතව නිර්මාණය කළ තවත් කතාවක් පමණක් වගේ. දේශීය පොල්තෙල් වලට ඉහළ අගයක් නම් මින් ලැබෙනු ඇත.
ලෝකයේ උතුම් රට කියලා ගීත ගැයුවාට ලෝකයේ වැඩිම වස කවන රට ශ්‍රි ලංකාව... පව් අසරණ මිනිසුන්.
පාරිභෝගික විධිමත් පරීක්ෂණයකින් පසු මිලදී ගන්න.
දේශීය පොල්තෙල් වුණත් නිසිපරිදි පිරිපහදු නොකළොත් ඔය කියන විෂ රසායනිකය තියෙන්න පුළුවන්...
මේ වැඩේටත් අර "සීනි හොරකමෙන් බිලියන 15 ක් රටට අහිමි කල" බව කියන ආණ්ඩුවේ ලොකු ලොක්කන්ගේ මිතුරු මුදලාලි සම්බන්ධයි කියනවා නේද ?
මේවා පිළිගන්න කියලද කියන්නේ...? අල්ලපු කුඩු ආපහු දෙන රටක් මේක...
කවලා තියෙන වීෂ, කවන විෂ ගැන කවුද නොදන්නේ? මෙයාලා වගේ බොරු කියලා ජනතාව ගොනාට අන්දවපු එවුන් ලොවෙන් නැතුව ඇති .
මොකද්ද මේ හතරබීරි කතාව? රේගුව කියනවා ගුදම් වල තියෙනවා විෂ පොල්තෙල් කියලා. ප්‍රමිති ආයතනය කියනවා ආපු හැම, තොගයක්ම පරික්ෂා කළා. විස පොල්තෙල් නෑ කියලා. ප්‍රමිති කාර්යාංශයත් හොඳ ගානක් ගහගෙන බඩු රිලීස් කරලා වගේත් පේනවා. කොහොමත් දැනට මාකට් එකේ පොල්තෙල් පාවිච්චි කරන්නේ පරිස්සමින්... විශේෂයෙන් පොඩි දරුවන්ට.