(එච්.එම්.හේරත්)
මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතන 30ක ප්‍රධානින් පත්කිරීම සාර්ථකව අවසන් කළ බව මධ්‍යම පළාතේ පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය පැවසුවාය.
කුණ්ඩසාලේ පල්ලෙකැලේදී ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය එසේ පැවසුවාය.
පළාත් පාලන මැතිවරණතයන් සියයට 50 ක් හෝ ඊට වැඩි බහුතර ආසන ප්‍රමාණයක් එක් දේශපලාන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට හිමිකරගැනීමට නොහැකි වූ අවස්ථාවේදී සිය මැදිහේවීමෙන් එවැනි පළාත් පාලන ආයතන සඳහා ප්‍රධානින් පත්කරන බව ද කොමසාරිස්වරිය පැවසුවාය.
“මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතන 30ක මෙලෙස බලය පිහිටුවීම සිදුකළා. කිසිම භේදයක් නැතිව පළාතේ ජනතාව වෙනුවෙන් විශේෂයෙන් තම බල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් පක්ෂ පාට භේදයකින් තොරව කටයුතු කිරීමයි වැදගත්.
ඉදිරියට අප සියලුදෙනාට කිරීමට බොහෝ කාර්යයන් තිබෙනවා. ප්‍රාදේශීය පාලනය ශක්තිමේ කරමින් මහජනතාවට උපරිම සේවාවක් සැලසීම සියලු මන්ත්‍රීවරුන්ගේ යුතුකමක් හා වගකීමක් බව මම විශ්වාස කරනවා.
ජනතාවට කාර්යක්ෂම සේවාවක් සපයමින් මැදරට ශ්‍රී ලංකාවේ අනෙකුත් පළාත් අතරින් විශිෂ්ටතම පළාත බවට පත්කරමු.
රජයේ සංවර්ධන ක්‍රියාවලිය ග්‍රාමීය ජනයාට සමීප කරන ආයතන ලෙස පළාත් පාලන ආයතන සියල්ල එකාවන්ව එකම අරමුණක පිහිටා කටයුතු කරමු” යැයි කොමසාරිස්වරිය වැඩි දුරටත් පැවසුවාය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
‘‘මධ්‍යම පළාතේ ආයතන දැන් සම්පූර්ණයි‘‘