(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
පළාත් පාලන ආයතනවල සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරා ගැනීමෙදී පළාත් පාලන කොමසාරිස්වරයාට අභිමතයට අනුව කටයුතු කිරීමට ඇති බලය අභියෝගයට ලක් කිරීමේ හැකියාවක් නැතැයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.
මැතිවරණ කොමිෂන් සභාව මගින් දිස්ත්‍රික් මට්ටමෙන් ක්‍රියාත්මක කරන උපාය මාර්ගික සැලසුම සකස් කිරීමේ 3 වැනි වැඩ මුළුව සහාභාගී වෙමින් ඒ මහතා එසේ පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කොමසාරිස්වරයා මෙසේද ප්‍රකාශ කළේය.
දේශපාලන සංස්කෘතිය වෙනස් වෙයි කියල හිතෙනවා . පළාත් පාලන ආයතනවල වගකීම පක්ෂ පාට භේදයකින් තොරව ජනතාවගේ යහපත උදෙසා කටයුතු කිරීම බොල් පිළිම සහ ගල් පිළිම කැරකි කැරකි තියෙනවා .
මැතිවරණ කොමිසම තියෙන්නෙ පළාත් පාලන ආයතනවලට සභිකයන් පත්කර ගැසට් කිරීමට . පළාත් පාලන ආයතනයේ සභාපතිවරයා , උප සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා සහ උප නගරාධිපතිවරයා පත් කිරීමේ බලය තියෙන්නෙ පළාත් පාලන කොමසාරිස්වරුන්ට. පනතෙ විදිහට කොමසාරිස්ට ඇති බලයට අභියෝග කිරීමට කාටවත් බැහැ. කොමසාරිස්වරයාගේ අභිමතයට තීරණ ගැනීමේ හැකියාවට නෛතික වශයෙන් කිසිදු බාධාවක් නැහැ
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
‘‘පළාත් පාලන කොමසාරිස්ට අභියෝග කරන්න හැකියාවක් නෑ‘‘
Rasika Tuesday, 01 July 2025 05:22 PM
මහත්තයෝ ආණ්ඩු හැමදාම තියෙන්නේ නැහැ... පෙරලෙනවා. රජයේ සේවකයා ගැති නොවී සිටිය යුතුයි... මොන පැත්තකටවත්. විශ්‍රාම ගිහින් ඕනෑ එකක්. දේශප්‍රිය මහත්තයාගෙන් ඉගෙන ගන්න.
වසන්ත Tuesday, 01 July 2025 05:58 PM
පලාත් පාලන කොමසාරිස් පක්ෂග්‍රාහී වුනොත්, ඒකත් නීතියට අනුකූලද?
Kalupahana Tuesday, 01 July 2025 07:20 PM
කොමසාරිස්තුමෝ ඡන්දහිමි නාමලේඛනයේ ගෘහමූලිකයා හැටියට සිටිය යුත්තේ පවුලේ පියා හෝ මව කියලා අපි පිළිගෙන තිබුණා.. නමුත් මෑතක සිට අලුතින් නම එකතුකල බාලම අයගේ නාම ලේඛනයේ මුලින්ම දැක්වීමට මැතිවරණ කාර්‍යාලයේ පරිගණකයේ ෆිල්ටර් කිරීමට නොදන්නා නිළධාරි කටයුතු කරනවා. නැත්නම් පරිගණක වැඩසටහන් සැකසීමේදී එවැන්නකට ඉඩ අසුරා ඇති. මෙම නිසා පවුලේ වැඩිහිටියන්ට සැලකීම මැතිවරණ දෙපාර්තමේන්තුව අනුමත කරනවාද කියලා සැකයක් ඇතිවෙනවා...