IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


‘‘කෘෂිකර්ම ඇමැති අසමත්‘‘

(සුජිත් හේවාජුලිගේ )

රටම අමාරුවෙ වැටුණේ කරන්න බැරි දේවල් කිරීමට යෑම නිසා යැයි රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.

ආහාර අර්බුදයට අදාල විෂයභාර ඇමැතිවරුන් සහ ප්‍රතිපත්තිමය තීන්දු ගත් පුද්ගලයන් වගකිව යුතු බවද හෙතෙම සඳහන් කළේය.

බඩු මිල වැඩි වීමට වෙළෙඳ ඇමැති කෘෂිකර්මඇමැති, ආහාර ඇමැති වගකිවයුතු බව පැවසූ ප්‍රේමජයන්ත මහතා කෘෂිකර්ම ඇමැති සම්පූර්ණයෙන්ම "ෆේල්" ( අසමත්) බවද ප්‍රකාශ කළේය.

රටේ ඩොලර් නැතිනම් ඒවාට වගකිව යුතු වන්නේද ඩොලර් නැති කළ අය බව ඔහු පෙන්වා දුන්නේය.

පොහොර ටික නැති කළාම බඩු මිල ඉහළ යන එක කියන්නත් දෙයක් දැයි මෙහිදී ප්‍රකාශ කළ රාජ්‍ය අමාත්‍යවරයා ආණ්ඩුවේ සිටියත් ප්‍රතිපත්ති තීන්දු ගන්න ස්ථානවල තමා නැතැයිද සඳහන් කළේය.

තමා බංකුවක තබා සිටින බවද හෙතෙම කීවේය.

මේ ප්‍රශ්නවලට විසඳුම් දිය හැකි කාලය ඉක්මවා ගොස් ඇති බවත් දැන් මේවාට විසඳුම් දිය හැක්කේ වෙනත් කණ්ඩායමකට බවත් සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (13)

‘‘කෘෂිකර්ම ඇමැති අසමත්‘‘

යෝගා Sunday, 02 January 2022 05:07 PM

අනේ සර් මටත් ඇමැති කට්ටක් දෙන්න කියලා කෙලින්ම කියන්නකෝ... ඔච්චර ඇඹරෙන්නේ නැතුව..

:       145       30

Raveendra Sunday, 02 January 2022 05:48 PM

මම ඔක්කොම විභාග සමත්නේ.. එ් නිසානේ අනිත් එකා අසමත් කියන්නේ... නොදකින් මෙහෙමත් දේශපාලුවන්... අනිත් එකා සමත්ද? අසමත්ද? හොයන්න ඉස්සෙල්ලා තමන් මොකකින්ද සමත් කියලා පුරවැසියනට කියලාම පටන් ගත්තොත් හොඳනැද්ද අයියේ... ඔයා කියන්නකෝ බලන්න මම මේ දෙය රට වෙනුවෙන් කළා.. මේ දේ අවංකව කළා. එහෙමනම් වැදගත් මිනිසුන් ක්‍රියා කරන්නේ...

:       56       19

ගල්පරMonday, 03 January 2022 09:23 AM

මේ වයෝවෘද්ධ, වලපයයි, ගොඩපයයි කට්ටිය... අවුරුදු 25ට වැඩිය පාර්ලිමේන්තුවේ ඉඳලා හොරා කාලා රටට මොනවද කළේ? රජාගේ කරේ එල්ලිලා ඡන්ද වලදී බොරු බේගල් කියලා මිනිස්සු රවට්ටලා කොහොම හරි පාර්ලිමේන්තුවට රිංග ගන්නවා. නැත්තම් මෙයාගේ ආසනය කී පාරක් මෙයා පැරදිලා තියෙනවාද? මේ නාකි රොත්ත ගෙදර යවලා තරුණ උගතුන්ට පාර්ලිමේන්තුවට යන්න දෙනවා නම් රටට කොච්චර සෙතක්ද? මේ කට්ටිය දැන් හත්මුතු පරම්පරාවටම හම්බ කරන් ඉවරයි...

:       0       2

fairoos Sunday, 02 January 2022 05:48 PM

තවත් සර්ට කඩේ ගිහිල්ලා ලංකාව බංකොළොත් කළාම අනිත් පැත්තට පනින්න වෙන්නැති....

:       55       20

කිරි පතා Sunday, 02 January 2022 05:49 PM

මෙයාට තියෙන්නේ තමන්ට ගසා කන්න ඇමතිකමක් නැතිකම...

:       59       21

ලමය Sunday, 02 January 2022 05:51 PM

මෙයත් ඒ වල්ලෙම පොල්, මෙයා තෙල් ඇමති වෙලා ඉන්න කාලේ බාලතෙල් ගෙනැල්ලා කොමිස් ගහලා වාහනවලට කරපු කෙලිය අපිට අමතක නෑ කොල්ලෝ... මෙයාගේ තව වික්‍රමයක් තමයි අධ්‍යාපන ඇමති කාලේ උත්තර පත්‍ර වෙලාවල් වල තිබුණා. ඔක්කොම එකයි.. මක බෑවිලා පලයල්ලා...

:       29       26

Bishan Sunday, 02 January 2022 06:01 PM

ගිලෙන නැවෙන් මීයෝ පනිති..

:       27       29

de silva Sunday, 02 January 2022 07:40 PM

කරුණාකර අපට පව් නොදී අලුත් කණ්ඩායමකට ඉඩදීලා ඔබත් විශ්‍රාම යන්න...

:       33       18

Rohana Sunday, 02 January 2022 09:39 PM

ඇමතිකමක් නොලැබුන එකේ හිත්වේදනාව පිටකරගන්න දෙල්කද පොලේදී පැවති මාධ්‍ය හමුව ප්ලෑන්කල එකක් නේද?

:       0       0

sampath Sunday, 02 January 2022 11:33 PM

ජනතාව පත්කරපු ජනතා නියෝජිතයෙක් කියන කතාවක්ද? පාර්ලිමේන්තුව තියෙන්නේ ගන්න තීරණ ගැන වාද විවාද කරලා හොඳ තීරණයක් ගන්න එක නොකිරීම නිසා සියලු දෙනා මෙම පාප කර්මයට අහුවෙනවා. පවු සමාකිරිල්ලක් නැහැ.

:       0       0

Dasa P Monday, 03 January 2022 05:57 AM

කරපු සමත්කමක් කියන්න බලන්න. අලුත් කණ්ඩායමට පැනලා මෛත්‍රී පාරක්වත් දාමු.

:       0       0

Hafeel Monday, 03 January 2022 10:05 AM

ඇමතිකමක් නැහැ නේද. නැත්නම් ආණ්ඩුව යන ගමන හරි නේද. එහමනම් ඇයි දැන දැන අය වැයදී කෘෂිකර්ම සහ ආහාර අමාත්‍යංශ වැය ශීෂවලට පක්ෂව චන්දය දුන්නේ? ඔයාලාත් මහ ලොකුවට එලියට එවින් පම්බෝරි ගැහුවට, ජනාධිපති, අගමැති ඉදිරියේ කට වහගන එහමයි සර් කිය කියා ඉන්නේ? ආණ්ඩුව විවේචන කරනව අවංකව, ප්‍රායෝගිකව කරන්න.

:       0       3

sharm warn Monday, 03 January 2022 10:59 AM

ගිලෙන නැවෙන් පනින්න හදන්නේ නැවේ තට්ටුවත් ටිකක් කඩලා දාලා වගේ පේන්නේ.නැතිනම් මොකද තවම නිර්වස්තරෙන්

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1525 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1348 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 486 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site