(විනීතා එම් ගමගේ)
පොල්තෙල් ඇතුළු ආහාරයට ගන්නා තෙල් වර්ග විශ්ලේෂනය කිරීම සඳහා මෙරට විශ්ව විද්‍යාල පද්ධතියට පහසුකම් හා හැකියාව ඇතැයි රුහුණු විශ්ව විද්‍යාලයේ ආහාර විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය නිලන්ත ලක්ෂ්මන් මහතා
එසේ ආහාර පරික්ෂාවට පියවර ගැනීම විශ්ව විද්‍යාල ප‍්‍රජාවේ වගකීමක් ද වන්නේ යැයි ඔහු කියා සිටියේය.
මේ වනවිට ආහාරයට ගන්නා පොල්තෙල් ඇතුළු තෙල් වර්ග පරික්ෂාවට ලක්කරන රාජ්‍ය ආයතන හැරුණු විට විශ්ව විද්‍යාල පද්ධතියට එම කටයුත්ත සඳහා ඉඩ ලබා දෙන්නේ නම් ඉතා ඉහළ මට්ටමින් එය සිදුකර පෙන්වන බවට අභියෝග කරන්නේ යැයි ද හෙතෙම සඳහන් කළේය.
පිරිසිදු අමුද්‍රව්‍ය යොදා ගෙන තෙල් සිඳගැනීමෙන් විෂ පොල්තෙල් වලින් මිදීමේ අවස්ථාව ලබාගත හැකි බව කී ආචාර්ය ලක්ෂ්මන් නිවසේ වේලා ගන්නා කොප්පරා තෙල් මෝලකට ගෙන ගොස් සි`ද ගැනීමෙන් පිරිසිදු පොල්තෙල් ලබා ගත හැකි බව ද පෙන්වා දුන්නේය.
COMMENTS
විෂ පොල්තෙල් නම් අවුරුද්දට කාල ඉවරයි. සීනි ගෙනාව එක්කෙනාගේ ඒවත් පරීක්ෂාකරන්න ඉඩක් ලැබෙයිද? නැත්නම් ඒවාට ඇඟිලි ගහන්න ගියොත් රස්සාවත් නැති වෙයිද?
මෙතන ප්‍රශ්නේ පහසුකම් පමණක් නම් මෙතුමා කියන එක හරි. නමුත් මෙතන ප්‍රශ්නය තියෙන්නේ මිනිස්සුන්ට වස කවන මාෆියාව පරද්දන්න විශ්ව විද්‍යාලවලට පුළුවන්ද කියන එක.. උදාහරණයක් හැටියට විෂ පොල්තෙල් මාෆියාවට සම්බන්ධ කිසිම කෙනෙක් අද වෙන තුරුත් කවරුවත් දන්නේ නැහැ. මෙච්චර බලවත් මාෆියාවක් එක්ක විශ්ව විද්‍යාලයක් මොනවා කරන්නද?
හෙව්වට වැඩක් තියෙනවද? පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් පොල්තෙල් ගැන මීට කලින් හෙළි කරල තියෙනවා. වෙනත් පර්යේෂණ රාශියක් කරල තියෙනවා. උස්සන්ගොඩ පරිසරයේ තියෙන අධික බැර ලෝහ ප්‍රමාණ ගැන රුහුණෙන් පර්යේෂණ කරල තියෙනවා. සත පහක වැඩක් ගෙන තියෙනවද විශ්ව විද්‍යාල පර්යේෂණ වලින්?
විශ්වවිද්‍යාලවල බොහෝ පර්යේෂණ පහසුකම් ශ්‍රී ලංකාවේ වඩාත් සුදුසු ය. මහාචාර්යවරු පර්යේෂණ නොකරන අතර උසස් තත්ත්වයේ සඟරා වල පර්යේෂණ පත්‍රිකා ප්‍රකාශයට පත් නොකරති. විශ්ව විද්‍යාල මහාචාර්ය උසස්වීම් ඔවුන්ගේ ප්‍රකාශන හා ජාත්‍යන්තර රෝගීන් සමඟ ප්‍රමාණවත් ලෙස සම්බන්ධ නොවේ.
එහෙම නම් ඒ විෂය කරන ළමයින්ට ව්‍යාපෘතියක් හැටියට දෙමු.