IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


‘‘ඉදිරියේදී වෙළෙදපොලේ ගෑස් හිඟයක් ස්භාවයෙන්ම නිර්මාණය වෙයි‘‘

(යොහාන් භාසුර)

රජය ගෑස් සමාගම්වලට ඇහුම්කන් නොදුණ හොත් ඉදිරියේදී වෙළෙදපොලේ ගෑස් හිඟයක් ස්භාවයෙන්ම නිර්මාණය වන්නේ යැයි ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතා පවසයි.

ලෝක වෙළෙදපොලේ ගෑස් මිල ඉහළ යෑමට සාපේක්‍ෂව දේශීය වෙලෙදපොලේ ගෑස් මිල ඉහළ දැමීමට මාස හයක පමණ කාලයක සිට ඉල්ලීම් කරමින් සිටින බවත් රජය එයට ඇහුම්කන් නොදීම නිසා මෙම තත්වය නිර්මාණය වී ඇති බවත් සභාපතිවරයා කියයි.

පසුගිය වසරේ (2020) අප්‍රේල් වන විට ලෝක වෙළෙදපොලේ ගෑස් ටොන් එකක් ඇමරිකාන් ඩොලර් 325 ක්ව පැවැති බවත් පසුගිය අප්‍රේල් මස ගෑස් ටොන් එකක් ඩොලර් 650 දක්වා ඉහළ ගොස් මිල සියයට 260 කින් පමණ මිල වැඩි වී ඇති බවත් සභාපතිවරයා සඳහන් කරයි.

සභාපතිවරයා පැවසුවේ ශ්‍රී ලංකාව තුළ අරක්කු බෝතයකට වඩා අඩු මිලකට ගෑස් සිලින්ඩරයක් මිලදී ගතහැකි තත්වයක් නිර්මාණය වී ඇති බවත් සමාගම් මේ වන විට කිලෝ 12.5 ක ගෑස් සිලින්ඩරයකින් රුපියල් 700 ක පමණ පාඩුවක් ලබන බවත්ය. ලෝක වෙළෙදපොලේ ගෑස් මිල වැඩි වී ඇතැයි යන සත්‍ය ජනතාවට තේරීම් කරදී මිල වැඩි කිරීමට කටයුතු නොකළ හොත් ගෑස් කර්මාන්තය තවදුරටත් බිඳ වැටෙන බවත් සභාපතිවයා කියා සිටියි.

 



අදහස් (1)

‘‘ඉදිරියේදී වෙළෙදපොලේ ගෑස් හිඟයක් ස්භාවයෙන්ම නිර්මාණය වෙයි‘‘

Puppa Thursday, 06 May 2021 11:53 PM

අපි බය නැ අපේ රට රකින්න විරුවෝ ඉන්නවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 653 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1107 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site