(නිමල කොඩිතුවක්කු)
සති අන්ත හා රජයේ නිවාඩු දිනවල වසා දැමුණු නුවරඑළිය සදතැන්න පාරිසරික සංචාරක කළාපය යළි විවෘත කරන ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බළධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
නුවරඑළිය සදතැන්න පාරිසරික සංචාරක කළාපය සංචාරක ආකර්ෂණීය ගමනාන්තයක් ලෙස තවදුරටත් දියුණු කිරීමට කටයුතු කරන ලෙසත් සංචාරක අමාත්‍යාංශයේදී පැවති හමුවකදී අමාත්‍යවරයා උපදෙස් දෙනු ලැබීය.
ඉතා ඉහළ දෙස් විදෙස් සංචාරක ආකර්ෂණයක් සහිත ප්‍රදේශයක් වන සදතැන්න පාරිසරික සංචාරක කලාපය 2014 වර්ෂයේ දි සංචාරකයන් සඳහා වීවෘත කෙරුණි.
කෘෂිකාර්මික දෙපාර්තුමේන්තුවට අයත් නුවරඑළිය සීතා බීජ අර්තාපල් ගොවිපළ ආශ්‍රීතව පිහිටා ඇති මෙම සංචාරක කළාපයේ ප්‍රවේශ මාර්ගය ගොවිපළ මැදින් වැටී ඇත.
මෙම ස්ථානයට පිදුරුතලාගල, කිරිගල්පොත්ත, හග්ගල හා නමුණුකුළ වැනි ප්‍රධාන කදු පන්ති 09 ක් දක්නට ලැබීම විශේෂත්වයකි.
භූමියේ උඩම කොටස අඩි පන්දහස් තුන්සීයක පමණ උසකින් යුක්ත වන අතර එය හෝර්ටන්තැන්නේ උසට සමානය.
කදුකර පහත්බිම්, කදුකරයට ආවේණික සත්ත්ව හා ශාඛ රැසකින් සමන්විත මෙම සංචාරක කළාපය හෙක්ටයාර් එකසිය පනස් පහකින් යුක්තය.
සංචාරක කළාපය උදෑසන 06 ට විවෘත කිරීමට අවශ්යද පියවර ගන්නා ලෙස ද ඇමතිවරයා මෙහි දී බළධාරින්ට උපදෙස් දුන්නේය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
‘සදතැන්න‘ පාරිසරික සංචාරක කළාපය යළි විවෘත කරයි