
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරයාට සහ රජයට විරුද්ධව ගෙනවිත් තිබෙන විශ්වාසභංග යෝජනා දෙක ලබන සතියේම විවාදයට ගන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අද (6) පැවසීය.
එවිට ජනතාවට ඇත්ත දැනගන්න පුළුවන් යැයිද ජනතාවගේ පැත්තේ ඉන්නේ කවුදැයි හොඳින් බලාගන්න හැකි වනු ඇතැයි ද විපක්ෂ නායකවරයා කීය.
විශ්වාසභංග ඉදිරිපත් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බැවින් ඉතා ඉක්මනින් විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට සහ ඡන්දය ලබා දීමට අවස්ථාවක් දෙන්න කතානායකවරයා බැඳී සිටින බවද අවශ්‍ය නම් ස්ථාවර නියෝග අත්හිටුවා මෙය ක්ෂණිකව විවාදයට ගන්නත් හැකියාව තිබෙන බවද විපක්ෂනායකවරයා සඳහන් කළේය.
COMMENTS
විශ්වාසභංග ගේන්න වගේ නොවේ, ආණ්ඩුව බාර ගන්නේ නැත්නම්... ඊයේ සියඹලාපිටිය මහජන මුදල් නාස්ති කරමින් සෙල්ලමක් කළා. ඒ වගේමද මේකත්?
අපිට පව් නොදී ඔබත් ගෝ හෝම්... පින් සිද්ද වෙයි.
රටේ ප්‍රශ්න එකක්. මේ මනුස්සයගේ ප්‍රශ්නය විශ්වාස භංගය. ඒක ගෙනැල්ලා ඉන්න කෙනෙක් යවලා මෙයා බලයට එන්න සිහින දකිනවා.
මෙයත් ගෙදරට වෙලා හිටියා නම් හොඳයි, 225 එපා කියලා කියන්නේ මෙයාටත් එක්ක...!
ඒවායින් අපිට වැඩක් නැහැනේ. තමනුත් ගෙදර යන්න. ඉඟුරු දීලා මිරිස් ගන්න අපිට බැහැ...
අ.පො.ස වත් සමත් නැති ඵකේ ඔතන විකාර කරන්නේ නැතුව කොහේහරි ලැවරිය කඩයක් දාගෙන අපිට පව් නොදී යන්න...!