(මුදිතා දයානන්ද)
රහස්‍යභාවය රැකෙන්නේ නම් පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන සෙවීමේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මාධ්‍යයට විවෘත නොකර බුද්ධි අංශ ප්රධානීන් ගෙන්වීමේ වරදක් නැතැයි හිටපු වන්නි ආඥාපති ආචාර්ය බොනිෆස් පෙරේරා මහතා අද (23) පැවසීය.
ඔහු මේ බව පැවසුයේ ඇතුල්කෝට්ටේ පිහිටි වියත්මග සංවිධානයේ ප්‍රධාන කාර්යාලයේ දී පැවති එම සංවිධානයේ මාධ්‍ය හමුවකදී, තේරිම් කාරක සභාව මාධ්‍යයට විවෘත නොකර බුද්ධි අංශ ප්රධානීන් ගෙන්වීමේ වරද කුමක්දැයි මාධ්‍යවේදියකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදි තවදුරටත් ඔහු මෙසේද පැවසීය.
ජාතික ආරක්ෂාවත් ආර්ථික ආරක්ෂාව වගේම වැදගත්. මේ ආණ්ඩුව යටතේ ඒ දෙකම අඩාල වුණා. බුද්ධි අංශ නිලධාරින් අත්අඩංගුවට ගනිමින් ඔවුන් බන්ධනාගාර ගත කරමින් අනුගමනය කළ ක‍්‍රියාමාර්ග නිසා බුද්ධි අංශය කඩා වැටුණා. ජාතික ආරක්ෂාව කියන්නේ කිසිම විටක පහළ නිලධාරියකුට පවරන්න පුළුවන් වගකීමක් නෙවෙයි. ආරක්ෂාව පිළිබඳ ප‍්‍රධානියාට කළ හැක්කේ පහළට බලය පැවරීම පමණයි.
ව්‍යවස්ථාවට අනුව ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම තියෙන්නේ රටේ නායකයාට. ඒ නිසා පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් වගකීම දැරිය යුත්තේ ඔහුයි. රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්ටත්, පොලිස්පතිටත් වගකීම දැරිය යුතුයි. ඒ වගේම අගමැතිටත් වගකීමක් තිබෙනවා. ආරක්ෂක මණ්ඩලයට මට එන්න කිව්වේ නැහැ කියලා කර අරින්න ඔහුට බැහැ. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ජනාධිපතිට වගේම අගමැතිටත් වගකීමක් තියෙනවා. යුද හමුදාපතිටත් වගකීමක් තියෙනවා. මම මේක දන්නේ නැහැ කියලා කියන එන ඔහුගේ වගකීම නෙවෙයි. ඔහු සතුව තමයි රටේ ප‍්‍රධානම බුද්ධි අංශය තියෙන්නේ.
යුද්ධයෙන් පසුව පාස්කු ඉරිදා ප‍්‍රහාරය වන තෙක් බුද්ධි අංශ රාජලියෙක් අහසේ සිටට පොළොව දෙස බලා ඉන්නා සේ රටේ ආරක්ෂාව ගැන බැලූවා. ඒ නිසා තමයි කිසිම ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක් 2009න් පසු සිදුනොවුණේ. මේ බුද්ධි අංශ ප‍්‍රධානීන් තේරීම් කාරක සභාවට ගෙන්වා මාධ්‍ය තුළින් රටට හෙළිදරව් කිරිම වැරදියි. පත්තරවල ඔහුගේ නම කලින් සඳහන් වුණා. ඒ නිසා මේ ගෙන්වීමේ වරදක් නැහැ කියලා සමහරුන්ට කියන්න පුළුවන්. ඒකත් වැරදියි. එකන වරක් වරදක් කළා කියලා ඊඨ පස්සේ කොච්චර ඒ වරද කළත් කමක් නෑ කියලා කියන්න බැහැනේ. වරද වරදමයි.
රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා මෙසේ කීය.
ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිගේ කාලයේ ඇතිවු ජාතිවාදී ගැටුම් නිසා අපි ලෝකය හමුවේ ම්ලේච්ඡ ජාතියක් බවට පත්වුණා. ඩයස් පෝරාවට ඉඩක් හැදුනෙත් මෙවැනි ක‍්‍රියාකාරකම් නිසයි. ඉන්දියන් හමුදාව යුද්ධය අවසන් කරමින් සිටියදී පේ‍්‍රමදාස ජනාධිපති ඔවුන් ආපසු ඉන්දියාවට යැව්වා. රනිල් වික‍්‍රමසිංහ මහතා මීට පෙර අගමැතිව සිටියදී සාම ගිවිසුම් අත්සන් කිරිමෙන් අපේ හමුදා අපහසුතාවයට පත්වුණා. එල්ටීටිඊය ගිවිසුමේ කොන්දෙස් දහස් වතාවකට වඩා කඩ කළත් අපිට නිහඬව බලා ඉන්න සිදුවුණා. ඊට පස්සේ මිලේනියම් සිටි මහා පාවාදීමෙන් බුද්ධි අංශ දුර්වල කලා. දැන් බුද්ධි අංශ නිලධාරින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරමින් ඔවුන් කලකිරිමට පත්කර දුර්වල කර තිබෙනවා.
එහිදි මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට බොනිෆස් මහතා මෙසේ පිළිතුරු දුන්නේය.
ප‍්‍රශ්නය - යුද සමයේ සිටි බුද්ධි අංශ ප‍්‍රධානියාත් රටම දැනගෙන හිටියා නේද?
පිළිතුර - මම හිතන්නේ නැහැ එහෙම විශාල වශයෙන් දැනගෙන හිටියා කියලා.
ප‍්‍රශ්නය - රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානියා ජාත්‍යන්තර සමුළුවලට පවා සම්බන්ධ වෙලා ඒ රටවල නියෝජිතයොත් එක්ක ගත් ඡායාරූප පුවත්පත්වල පවා පලවී තිබෙනවා.
පිළිතුර - එහෙම වුණා නම් ඒකත් වැරදියි.
ප‍්‍රශ්නය - මාධ්‍යවලට විවෘත නොකර බුද්ධි අංශ ප‍්‍රධානීන් තේරීම් කාරක සභාවට ගෙන්වනවා නම් ඒකටත් විරුද්ධද?
පිළිතුර - එහෙම ප‍්‍රශ්නයක් නැහැ. ඒත් මේ තේරීම්කාරක සභාවේ සංයුතියේ ප‍්‍රශ්නයක් තියෙනවා. ඒක එක පැත්තකට බරයි. ඔවුන්ගෙන් මේ තොරතුරු එළියට යා හැකියි.
ප‍්‍රශ්නය - එය එක පැත්තකට බරවී තිබෙන්නේ ඒකාබද්ධ විපක්ෂය එය වර්ජනය කිරීම නිසානේ. ඒ නිසා තේරීම් කාරක සභාව එක පැත්තකට බරවීමේ වගකීම ඒකාබද්ධ විපක්ෂය බාරගන්න ඕන නේද? ඒ ගැන ඇයි ඔබ කතා නොකරන්නේ?
පිළිතුර - ඒක දේශපාලන තීන්දුවක්. එහෙත් ඔබ ඉදිරිපත් කරන තර්කය අපි පිළිගන්නවා.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
‘රහස්‍යභාවය රැකෙන්නේ නම් බුද්ධි අංශ ප්රධානීන් ගෙන්වීමේ වරදක් නෑ’